දේශීය පාපන්දු ලීගයේ තෙවැනි සතිය ඇරඹෙයි

Champions League Sri Lanka 2025

19

2025 Champions League පාපන්දු තරගාවලියේ සිව්වැනි සතියේ තරග ඊයේ (27) දිනයෙන් ආරම්භ වුනා.

ඊයේ දිනය ලීගයේ අට වැනි දිනය ලෙස ක්‍රියාත්මක වූ අතර, ඊයේ Matara City සහ St.Mary’s කණ්ඩායම් සහ Java Lane සහ Crystal Palace කණ්ඩායම් අතර තරග ක්‍රියාත්මක වුනා.

Matara City SC සහ St Mary’s SC

මෙම තරගයේ පළමු අර්ධය තුළ තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ St. Mary’s කණ්ඩායම එක් ගෝලයක් ලබා ගත්තා.

තරගයේ දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් එක් ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනේ, Matara City ක්‍රීඩකයින්ට එකදු ගෝලයක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදෙමිනුයි.

Mary’s SC 2 – Matara City 0

Java Lane SC සහ Crystal Palace SC

මෙවර ලීගයේ මෙතෙක් ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි. තරගයේ පළමු අර්ධය තුළ Crystal Palace ක්‍රීඩකයින් ගෝල ද්විත්වයක් ලබා ගැනීමට සමත් වූ අතර, Java Lane කණ්ඩායම එම කාලසීමාව තුළ එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධයේ දී Java Lane කණ්ඩායම සිය පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වූ අතර, අවසානයේ ඔවුන් එය සාර්ථක කර ගත්තේ තවත් එක් ගෝලයක් වාර්තා කරමිනුයි. ඒ අනුව තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.

Java Lane SC 2 – Crystal Palace SC 2

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<