පළමු සතියේ අවසන් ජය New Star ක්‍රීඩකයින්ට

19
Champions League Sri Lanka 2025

2025 Champions League පාපන්දු තරගාවලියේ පළමු සතියේ තෙවැනි තරග දිනය ඊයේ (23) ක්‍රියාත්මක වුනා.

ඊයේ දිනය තුළ ද තරග ද්විත්වයක් ක්‍රියාත්මක වූ අතර, එහි දී Solid පාපන්දු සමාජය සහ St.Mary’s ක්‍රීඩා සමාජය අතරත්, New Star ක්‍රීඩා සමාජය සහ Negombo Youth ක්‍රීඩා සමාජය අතරත් තරග ක්‍රියාත්මක වුනා.

Solid SC සහ St.Mary’s SC

මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වූ අතර, ඒ නිසාම පළමු අර්ධය තුළ කිසිවකු හෝ ගෝල වාර්තා කිරීමට අසමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය ද ඒ අයුරින් ම ක්‍රියාත්මක වූ අතර, එහි දී ද දෙපිළෙන් ම එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ.

New Star SC සහ Negombo Youth SC

මෙම තරගයේ පළමු අර්ධය තුළ New Star කණ්ඩායම විසින් එක් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ New Star ක්‍රීඩකයින් විසින් තවදුරටත් සිය ආධිපත්‍යය පතුරවාලමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනේ තවත් ගෝල ද්විත්වයක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම අර්ධය තුළ ද Nogombo Youth ක්‍රීඩකයින් ගෝල වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.

  • New Star SC 3 – Negombo Youth 0

මේ අනුව Champion League පාපන්දු තරගාවලියේ පළමු සතියේ තරග ඊයේ දිනයෙන් අවසන් වුනා.

තරගාවලියේ දෙවැනි සතියේ තවත් තරග හයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<