ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන CAVA වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති මෙම තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව වෙතින් පරාජයට පත් මාලදිවයින කණ්ඩායමයි මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ.
කිරිගිස්තානය අත්‍යවශ්‍ය ම තරගයේ දී වාඩුව ගනී
මෙම තරගයේ පළමු වටයේ පළමුවෙන් පන්දුව යොමු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු වූවා. පළමු ලකුණු ද්විත්වයේ දී සම සම සිටි ඔවුන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන් අනතුරු ව ඉදිරියට යෑමට සමත් වුණා. ඒ අනුව ගිය තරගයේ ලකුණු තත්ත්වය 9-4ක් බවට පත් වෙද්දී මාලදිවයින ක්‍රීඩිකාවෝ තම පළමු විවේක කාලය ලබා ගන්නවා.
ඉන් අනතුරු ව ද තම රිද්මය එලෙස ම පවත්වාගෙන යෑමට ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙන අතර, ඔවුන් පිට පිට ලකුණු 6ක් ලබා ගනිමිනුයි ප්‍රතිවාදීන්ට පන්දුව බාර දෙන්නේ. ඒ වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ 15-5ක් ලෙසයි.
අනතුරු ව නැවතත් ලකුණු 19-5ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් පසු වෙද්දී මාලදිවයින ක්‍රීඩිකාවෝ තම 2 වැනි සහ අවසන් විවේක කාලය ද ලබා ගන්නවා. ඉන් අනතුරු ව යැවුණ පළමු පන්දු යොමු කිරීමේ දී ලත් ලකුණ පමණක් මාලදිවයින ක්‍රීඩිකාවන්ට ලැබුණ අතර තරගයේ පළමු වටය නිමා වෙන්නේ ලකුණු 25-6ක් ලෙසින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වෙමින්.
තරගයේ 2 වැනි වටයේ පළමු ලකුණු ද්විත්වය දෙපිලේ ක්‍රීඩිකාවන් සම සේ බෙදා ගත් අතර ඉන් අනතුරු ව ලකුණු පුවරුවේ ඉදිරියට යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවා. ඔවුන් ප්‍රතිවාදීන්ට දෙවැනි වරට පන්දුව යොමු කිරීමට අවස්ථාව ලබා දෙන්නේ ලකුණු 9ක් තම කණ්ඩායමට ලැබීමෙන් පසුවයි. ඒ අතර ලකුණු තත්ත්වය 8-1ක් ලෙසින් පවතිද්දී මාලදිවයින ක්‍රීඩිකාවෝ තම පළමු විවේක කාලය ද ලබා ගත්තා.
එම විවේක කාලයෙන් අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අසාර්ථක පන්දු පිරිනැමීම් අවස්ථා 4ක් මඟින් ප්‍රතිවාදීට සහනාධාර ලකුණු හිමිකර දුන්නා. ඒ සමඟින් ඔවුන් ලකුණු 11ක් දක්වා ඉහළ දමා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 22ක් ලබා ගනිද්දී මාලදිවයින ක්‍රීඩිකාවෝ තම 2 වැනි සහ අවසන් විවේක කාලය ද ලබා ගත්තා.
එතැන් සිට ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 3 පිට පිට ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ 2 වැනි වටය ලකුණු 25-11ක් ලෙසින් ජයග්‍රහණය කරන්නේ තරගයේ වට 2-0ක් ලෙසින් ද ඉදිරියට පිවිසෙමිනුයි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගය පහසුවෙන් ම ජය ගනී
තරගයේ තීරණාත්මක 3 වැනි වටයේ පළමු ලකුණු ද්විත්වයේ දී ඉදිරියෙන් සිටියේ ප්‍රතිවාදී මාලදිවයින කණ්ඩායමයි. නමුත් එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම සුපුරුදු රිද්මයට පිවිසෙමින් ප්‍රතිවාදීන් හා ලකුණු සම තත්ත්වයට ගෙන එනවා. ඒ අනුව තරගයේ ආදිපත්‍ය තමන් වෙත නතු කර ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු තත්ත්වය 14-7ක් ලෙසින් ඉදිරියට යනවා. එම අවස්ථාවේ දී මාලදිවයින ක්‍රීඩිකාවෝ මෙම වටයේ පළමු විවේක කාලය ලබා ගන්නවා. මෙම වටයේ ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු අතරට ශ්‍රී ලංකාවේ අසාර්ථක පන්දු පිරිනැමීම් ද්විත්වයකින් ලත් ලකුණු ද වූවා.
ලකුණු තත්ත්වය 19-10ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටිය දී නැවත තම අවසන් විවේක කාලය ලබා ගැනීමට මාලදිවයින ක්‍රීඩිකාවෝ කටයුතු කරනවා. එහෙත් එතැන් සිට ප්‍රතිවාදීන්ට කිසිඳු ලකුණක් ලබා නොදෙමින් තරගය 25-10ක් ලෙසින් අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකවෝ සමත් වෙනවා.
ඒ අනුව එම තරග වටය ද ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ 3 වැනි කණ්ඩායම ලෙස අභිශේක ලබන අතර මාලදිවයින කණ්ඩායම සිව් වැනි ස්ථානයටත් පත් වෙනවා.
තරගාවලියේ ශූරතාව කිරිගිස්තානයට
මේ අතර තරගාවලියේ පැවැති අවසන් මහා තරගයෙන් තරගවට 3-2ක් ලෙසින් නේපාලය පරාජයට පත් කළ කිරිගිස්තාන ක්‍රීඩිකාවෝ 2025 වසරේ මධ්‍යම ආසියානු වයස අවුරුදු 19න් පහළ ශූරියන් බවට පත් වුණා. තරගය නිමා වූයේ 22-25ක්, 25-20ක්, 25-21ක්, 13-25ක් සහ 15-11ක් ලෙසයි.
කිරිගිස්තානය ලත් එම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් 2026 වසරේ ආසියානු ශූරතා වයස අවුරුදු 20න් පහළ බාලිකා තරගාවලිය නියෝජනය කිරීමට මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගත්තා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<






















