අවමානයෙන් ගැලවී තරගාවලිය සම කරන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

872

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (අප්‍රේල් 01) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගයේ දී ලද පරාජයත් දෙවන තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වීමත් හේතුවෙන් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබෙන්නේ ගෞරවය රැක ගැනීමේ විශාල අභියෝගයකි. පළමු තරගයේ දී සියලුම අංශ වලින් බංග්ලාදේශය හමුවේ පසු බැසි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන  තරගයේ දී පිතිකරණ අංශයෙන් විශිෂ්ට දියුණුවක් පෙන්නුම් කළ ද අවාසනාවන්ත ලෙස වර්ෂාව හමුවේ ජයග්‍රහණයේ බලාපොරොත්තු දිය කර හරින්නට ඔවුන්ට සිදු විය.

නොකඩවා තෙවන ජයත් ලබා ගැනීමට පීතරයින් මාන බලයි

සාන්තුවරුන්ගේ සටනට සමගාමීව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන සීමිත පන්දු වාර එක්දින….

ශ්‍රී ලංකාව

පසුගිය අඟහරුවාදා දිනයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් මෑත කාලීනව දැක්වූ ඉහළම දස්කමක් වෙත ලඟා වුනේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 311ක් ලබා ගනිමිනුයි. එහි දී කුසල් මෙන්ඩිස් තම මංගල එක්දින ශතකය වාර්තා කළ අතර ලකුණු 65ක් ලබා සිටිය දී අලස ක්‍රීඩා විලාශයක් හේතුවෙන් දුවද්දී දැවී යාමකට හසු වන තුරු උපුල් තරංග ද පිත්තේ දස්කම් ඉහළ මට්ටමක රඳවා ගන්නට සමත් විය. අසේල ගුණරත්න සහ මිලින්ද සිරිවර්ධන ද පිත්තේ වගකීම මනාව ඉටු කරමින් තමන් ලකුණු අතර සිටින බව පෙන්වන්නට සමත් විය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත පිතිකරණය පළමු තරගයට වඩා ප්‍රශස්ත මට්ටමක පවතින ලදි.

නිරෝෂන් දික්වැල්ලගේ අවසන් මොහොතේ ආබාධය හේතුවෙන් දෙවන තරගයේ දීත් ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව ලද ධනුෂ්ක ගුණතිලක ද පිත්තේ රිද්මය සොයා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබුණ ද අනවශ්‍ය පහරකින් තම ඉනිම අවසන් කර ගත්ත ද කුසල් ජනිත් තවමත් නිසි අයුරින් සුවය ලබා නොසිටීම හේතුවෙන් ධනුෂ්කට තවත් අවස්ථාවක් හිමි වීමට වැඩි ඉඩ කඩක් පවතියි.

මේ හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් බලාපොරොත්තු වීම අපහසු වුවත් ඇතැම් විට අතිරේක දඟ පන්දු යවන්නෙකු ලෙස ලක්ෂාන් සඳකැන් හට අවස්ථාව ලබා දීම වෙනුවෙන් එක් වේග පන්දු යවන්නෙකුගේ ස්ථානය අහිමි වීමේ සුළු හැකියාවක් පවතියි.

ශ්‍රී ලංකා බලාපොරොත්තු වර්ෂාවට සේදී යයි

පසුගිය සෙනසුරාදා බංගලාදේශයට එරෙහිව පැවැත්වූ තරඟයේදී මව්බිමේදීම ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දීමට…

බංග්ලාදේශය

පළමු තරගයේ දී කිසිදු අඩුපාඩුවක් බංග්ලාදේශ කණ්ඩායමෙන් සොයා ගත නොහැකි තත්ත්වයක් පැවතුණ ද දෙවන තරගයේ දී ඔවුන්ගේ පන්දු රැකීම තරමක්  පහළ මට්ටමකට ඇද වැටී තිබුණි. මුස්ටෆිසුර් රහ්මාන් හට දෙවන තරගය අමතක කර දැමිය යුතු අත්දැකීමක් බවට පත් වුවත් සාමාන්‍යයෙන් ඔහු දක්වන දස්කම් පදනම් කර ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම වෙනසකින් තොරව අවසන් තරගය සඳහා ද පිවිසීමට අවධානය යොමු කරනු ඇත.

කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිමේ අවසානය විනාශ කරන්නට ටස්කින් අහමඩ් සමත් වුවත්, ඔහු ද ලකුණු විශාල සංඛ්‍යාවක් ලබා දුන් අතර සංචාරක කණ්ඩායම SSC පිටියේ දී තම පන්දු යැවීමේ ඉලක්ක වඩාත් නිරවද්‍ය කර ගැනීමේ උත්සාහයක් දරනු ඇත.

පිටියේ ස්වභාවය

මේ දිනවල කොළඹ නගරය ආසන්නව වැසි සහිත කාලගුණික තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බැවින් හෙට තරගයට ද වර්ෂාවේ බලපෑමක් සිදු විය හැකි බවට බලාපොරොත්තු විය යුතුය.

SSC ක්‍රීඩාංගණය ජාත්‍යන්තර එක්දින තරගයකට සත්කාරකත්වය සපයන්නේ වසර 6 කට පසුව වීම විශේෂත්වයක්. අවසන් වරට 2011 වසරේ දී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය ඇතුළුව එක්දින තරග 59ක් පවත්වා ඇති SSC ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ජය ගත් තරග 22ක් වාර්තා වී තිබෙන අතර ලකුණු හඹා ගොස් ජය ගත් තරග සංඛ්‍යාව 30කි. තරග 7ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

මෑත කාලීනව මෙම ක්‍රීඩාංගණයේ පැවති පාසල් මහා ක්‍රිකට් තරග පිළිබඳ සලකා බැලීමේ දී මෙම තරගය සඳහා ද පිතිකරුවන්ට යෝග්‍ය තණ තීරුවක් සහ ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා වන තරගයක් බලාපොරොත්තු විය හැකිය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට