කන්ද උඩරට රන් සටන විසඳුමක් නෑ

Annual Big Match 2025

8
Big Match

අන්තර් පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී අද (17) ද අවසන් වූ අතර, ඒ අතුරින් පැවැති ප්‍රධාන තරග වැඩි ප්‍රමාණයකට ම වර්ෂාවෙන් බාධා එල්ල වූවා.

27th Hill Country Battle of the Golds

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර 27 වැනි වරටත් පැවැති කන්ද උඩරට රන් සටන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී විසඳුමකින් තොරව අද (17)  අවසන් වුනා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී සුමංගල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 179ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී රාහුල විද්‍යාලයට රැස් කර ගත හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 87ක් පමණයි.

ඒ අනුව ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් නැවත දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (66.2) ශේන් රසින් 48, නිමේෂ් ලක්ශාන් 17, දිනිඳු සයුරංග 39, නිම්සර දිනෙත් නොදැවී 16, පහන් දම්සර 3/42, ප්‍රබෝද් ද සිල්වා 2/21, තවීෂ ශෙනාල් 5/41
  • ශ්‍රී රාහුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (54.0) තවීෂ ශෙනාල් 32, දිනිඳු සයුරංග 2/05, විසල් භාරත 3/22, කුසල් දිනුක 3/21
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 59 (15.0) විසල් භාරත 19, පහන් දම්සර 2/19

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නන්

කනිෂ්ක ප්‍රභාත් (ශ්‍රී රාහුල විද්‍යාලය) සහ සවිඳු නිසල් (ශ්‍රී සුමංගල විද්‍යාලය)

  • තරගයේ දක්ෂතම පන්දු යවන්නන්

තවීෂ ශෙනාල් (ශ්‍රී රාහුල විද්‍යාලය) සහ විසල් භාරත (ශ්‍රී සුමංගල විද්‍යාලය)

  • තරගයේ දක්ෂතම පිතිකරුවන්

තවීෂ ශෙනාල් (ශ්‍රී රාහුල විද්‍යාලය) සහ ශේන් රසින් (ශ්‍රී සුමංගල විද්‍යාලය)

  • තරගයේ වීරයා – දිනිඳු සයුරංග (ශ්‍රී සුමංගල විද්‍යාලය)

23rd Battle Of Raigam Salpiti

පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය අතර 23 වැනි වරටත් පැවැති සල්පිටි රයිගම් කෝරළ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් ඔසඳ උඩවත්ත පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 82ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූ අතර පන්දු යැවීමේ දී එම විද්‍යාලයේ ම කවිඳු මධුභාෂණ ලකුණු 35කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (45.0) ඔසඳ උඩවත්ත 82, සන්දිත් රණවීර 24, ටෙනුශ තත්සර 16, තිනෙත් සාලිංග 3/21, ජෙවිඳු රන්තුල 3/36, ශෂික හිරුශාන් 3/32
  • පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (66.2) මිහින් ලක්දිනු 23, ශෂික හිරුශාන් 32, තිනෙත් සාලංග 17, කවිඳු මධුභාෂණ 6/35, රශාන් දීමන්ත 3/25
  • තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 62 (25.0) සංදිත් රණවීර නොදැවී 42

තරගයේ විසඳුමක් නෑ.

4th  Battle of the Warriors

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය අතර 4 වැනි වරටත් පැවැති රණ ශූරයන්ගේ සටන වාර්ෂික එක්දින තරගය අද විසඳුමකින් තොරව අවසන් වූවා.

එම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දේවපතිරාජ විද්‍යාලය – කඩුලු 9ක් දැවී 243 (49.0) අරෝෂ සිතුමිණ 95, චමිඳු පද්මික 34, යසිරු ලක්ෂාන් 25, මතීශ සාරංග 28, ජනිඳු චාමික 4/32, චතුක හිරෝෂිමා 2/27

තරගයේ විසඳුමක් නෑ.

Battle of the Babes

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැති වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගය වර්ෂාව හේතුවෙන් අතර මඟ දී අතහැර දැමීමට දෙපිලේ ක්‍රීඩකයන්ට සිදු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • විද්‍යාර්ථ විද්‍යාලය – කඩුල්ලක් දැවී 31 (7.3) පුබුදු තාරක නොදැවී 16, පියුමක කරුණාරත්න 1/13

තරගයේ විසඳුමක් නෑ.

8th Battle of the Nuwara Kalaviya

නොච්චියාගම විද්‍යාදර්ශ ජාතික පාසල සහ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය අතර 8 වැනි වරටත් පැවැති නුවර කලාවිය වාර්ෂික මහා ක්‍රිකට් තරගය වර්ෂාවට හේදී යමින් නිමා වූවා. මෙම තරගය නොච්චියාගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැතියා.

ඒ අනුව මෙම තරගය විසඳුමකින් තොරව අවසන් වෙන්නේ සිව් වැනි වසරටයි. මේ වන විට විද්‍යාලය ද්විත්වය මෙම තරගය දෙවාරයක් බැගින් දිනා සිටිනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • විද්‍යාදර්ශ ජාතික පාසල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (47.5) යසිත් හේවගේ 52, රවිඳු හේවගේ 58, බිනුර ජයසේකර 18, චන්දිල ලක්ශාන් 3/32, දෙරණ ගවේශ 4/33, ත්‍රිශාල් රන්දිල් 2/13
  • තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 102 (31.0) ශරීන් සුදේශිත 16, චමෝද් මාලිංග 31, තරුශ රත්නායක 19, බිනුර ජයසේකර 2/10, සඳුන් නෙත්මිණ 2/19, විහග හේරත් 2/29

තරගයේ විසඳුමක් නෑ.

Battle Of The Gold

හම්බන්තොට ඩී. ඒ. රාජපක්ෂ ජාතික පාසල සහ මිද්දෙණිය මහා විද්‍යාලය අතර පැවැති රන් සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 122ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලය පසුගියදා සමත් වුනා.

මෙම තරගය මිද්දෙණිය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැතියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඩී. ඒ. රාජපක්ෂ ජාතික පාසල – සියලුම දෙනා දැවී 257 (44.5) ජනිඳු නෙත්සර 28, ලක්ශිත මදුරංග 29, සසිත් ඉඳුසර 43, සුනෙත් පමුදිත 66, චමිත් නිම්සර 22, ශේෂද ප්‍රනීප් 3/43, ජනිශ් චාරුත 4/36, නෙතුසර සත්මිර 2/10
  • මිද්දෙණිය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 135 (31.2) පසිඳු නිම්සර 24, වෝජිත වෙනාල් 18, තිනීශ කවිත් 21, සුනෙත් පමුදිත 3/37, දුලාර ශෙහාන් 2/11, චීනිත නේසර 2/25

ඩී. ඒ. රාජපක්ෂ ජාතික පාසලට ලකුණු 122ක ජයක්.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<