වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී අවසන් වූ අතර ඒ අතුරින් පළමු වරට පැවැති තරග ද්විත්වයක් ද වූවා.
ඒ අනුව පැවැති ශූරයන්ගේ සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කිරීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය ද සහ ඔටුණු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කිරීමට ජා-ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට ද සමත් වෙනවා.
1st War of Champions
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති “ශූරයන්ගේ සංග්‍රාමය” මංගල වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වූවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ශ්‍රී සුමංගල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය සතු කළා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 110ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී සුමංගල විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත්තා.
ඉන් අනතුරු ව ලකුණු 91ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ගන්නේ ලකුණු 103ක් පමණයි. ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් ඇවැසිව පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය ප්‍රතිවාදී ඉලක්කය කඩුලු 3ක් දැවී සපුරා ගන්නවා.
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමත්ක කවිශාන් (නායක සහ කඩුලු රකින්නා), රංසර දේශාන්, රවිඳු තීක්ෂණ, තරුන් දම්සිත්, ලකිත් නේමින්ද, ශනුක දෙනුවන්, පමෝද් හිම්සර, කෞශල්‍ය සාරංග, සංජන නෙතුපුල්, දෙනෙත් ආලෝක සහ ජමිත් මදුභාෂණ.
කරන්දෙණිය මධ්‍ය මහාවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිනුක ධනංජය (නායක), සුපුන් සුදීර (කඩුලු රකින්නා), අශේන් රසිඳු, චලන අවිශ්ක, කුළිඳු සේමික, ලසිඳු චමෝද්, විහඟ කාව්‍ය, සදුෂ ශනිල්ක, රවිඳු තේජාන්, මතීශ ප්‍රදීප්ත සහ ලෝචන රවිඳු.
මෙම තරගයේ දී තරුන් දම්සිත්, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය පළමු ඉනිමේ දී ලකුණු 34කට කඩුලු 6ක් ද සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 31කට කඩුලු 4ක් ද දවා ගනිමින් තරගයේ දී ලකුණු 65කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඉන් නොනැවතුණ ඔහු පන්දුවට පහර දීමේ දී ද පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඔහුට අමතර ව ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් රන්සර දේශාන් පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිමින් මංගල ශූරයන්ගේ සංග්‍රාමයේ මංගල අර්ධ ශතකය ලබා ගන්නවා.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් නායක දිනුක ධනංජය 2 වැනි ඉනිමේ දී පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (34.3)කුලිඳු ශේමික 30, ලසිඳු චමෝද් 35, තරුන් දම්සිත් 6/34, සංජන නෙතුපුල් 2/14
- ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (41.2)තරුන් දම්සිත් 44, රන්සර දේශාන් 53, ලකිත් නේමින්ද 32, අශේන් රසිඳු 3/59, චලන අවිශ්ක 2/21, රවිඳු තේජාන් 2/47, ලසිඳු චමෝද් 2/25
- කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 103 (42.0)දිනුක ධනංජය 40, විහඟ කාව්‍ය 22, තරුන් දම්සිත් 4/31, සංජන නෙතුපුල් 3/33
- ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 13 (5.3)අශේන් රසිඳු 3/06
ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – දෙනෙත් ආලෝක (ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – අශේන් රසිඳු (කරදෙණිය මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – රන්සර දේශාන් (ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ විරයා – තරුන් දම්සිත් (ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය)
1st Battle of the Crowns
කොළඹ කේරි විද්‍යාලය සහ ජා-ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය අතර පළමු වරට පැවැති ඔටුණු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ක්‍රිස්තු රාජ විද්‍යාලය සමත් වෙනවා.
ක්‍රිස්තු රාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ප්‍රමෝද් චතුරංග (නායක සහ කඩුලු රකින්නා), සහන් නෝනිස්, ලහිරු ලක්මාල්, සයුර ආකාශ්, චනිඳු වෙනුසර, අවිශ්ක නිර්මාල්, විශ්මිත ආලෝක, ප්‍රමෝද් චාමික, රයන් සචින්ත, මෙලුක්ෂ හිරුශාන් සහ දිනේන්ද්‍ර රශාන්.
කේරි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිනෝත් ගාල්ලගේ (නායක), රන්දුල වීරක්කොඩි (කඩුලු රකින්නා), සචිඳු සමරසිංහ, තෙනුල ඒකනායක, නදුල් වීරසිංහ, ආකිඩ් ඔසේන්, හිරුෂ ඩිල්ශාන්, හවිඳු නේසර, විශ්ව නිර්මාල් සහ ඩිනන් ඒකනායක.
කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ක්‍රිස්තු රාජ විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 314ක් ලබා ගන්නවා. එම ඉනිමේ දී අවිශ්ක නිර්මාල් පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 178ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ක්‍රිස්තු රාජවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී314 (51.3) සහන් නෝනිස් 42, චනිඳු වෙනුසර 44, අවිශ්ක නිර්මාල් 178, විශ්මිත ආලෝක නොදැවී 24, හිරුෂ ඩිල්ශාන් 2/53
- කේරිවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී72 (49.3) තෙනුල ඒකනායක 13, හවිඳු නේසර 13, දිනේන්ද්‍ර රශේන් 5/21, ලහිරු ලක්මාල් 2/22, ප්‍රමෝද් චාමික 2/09
- කේරිවිද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 183 (74.5) තෙනුල ඒකනායක 31, ආකිඩ් ඔසේන් 40, දිනෝත් ගාල්ලගේ 38, ලහිරු ලක්මාල් 3/59, සයුර ආකාශ් 2/30
ක්‍රිස්තු රාජ විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 59ක ජයක්
- 51 වැනි Rev. Fr Peter Pillai අනුස්මරණ කුසලාන එක්දින ගැටුමේ ජය සාන්ත පීතර විද්‍යාලයට
- ගවිනු ගේ ශතකයෙන් හැඩ වුණ තැන තැන Big Match
- ශ්‍රී ධර්මාලෝක සහ සාන්ත මරියා එක්දින ජය ලබයි
- තැන තැන Big Match තොරතුරු
19th Battle of the Greens
පානදුර රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර 19 වැනි වරටත් පැවැති හරිත සටන වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 66ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝන්ස් විද්‍යාලය සමත් වුනා.
ඒ අනුව ඔවුන් හරිත සටන දෙදින වාර්ෂික ක්‍රිකට් තරගයෙන් මෙන් ම එක්දින තරගයේ ද ජයග්‍රහණ ලබා ගන්නවා.
මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැතියා.
- සාන්ත ජෝන්ස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 192 (41.3)තරුල් ලක්සඳ 41, ගීත්ම ප්‍රනාන්දු 25, දෙනෙත් පීරිස් 34, මදුශ මෙන්ඩිස් 27, ගිම්හාන් විජේසේකර 24, කවීෂ පෙරේරා 2/49, චලන දිනෙත් 3/37, සතිසර නිලංජිත් 2/17
- රාජකීය විද්‍යාලය – සියලුම දෙනා දැවී 126 ( 36.5) චලන දිනෙත් 35, සත්සර නිලංජිත් 30, මදුශ මෙන්ඩිස් 2/39, ලසිඳු බණ්ඩාර 3/18, ගිම්හාන් විජේසේකර 2/23
සාන්ත ජෝන්ස් විද්‍යාලයට ලකුණු 66ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – කවීෂ පෙරේරා (රාජකීය විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ලසිඳු බණ්ඩාර ( සාන්ත ජෝන්ස් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – තරුල් ලක්සඳ (සාන්ත ජෝන්ස් විද්‍යාලය)
- තරගයේ වීරයා – ගිම්හාන් ප්‍රනාන්දු (සාන්ත ජෝන්ස් විද්‍යාලය)
5th Battle of the “Randam”
හොරණ රාජකීය විද්‍යාලය සහ පාදුක්ක සිරි පියරතන විද්‍යාලය අතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී 5 වැනි වරටත් පැවැති “රන්දම් සටන” වාර්ෂික ක්‍රිකට් තරගය පසුගියදා විසඳුමකින් තොරව අවසන් වුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (48.0)පසන් කුමාර 43, යසිරු ලක්මිණ 31, දුලින පන්සිළු 3/33, කවිනු කිත්මුක 2/26, කුලුණු ටශ්මික 2/19
- සිරි පියරතන විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා ම දැවී 132 (54.5)කවිනු කිත්මුක 52, තරුන් දෙවිඳු 19, පසිඳු කුමාර 4/17, චමෝද් කරුණාරත්න 2/18
- රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 172 (52.0)පසිඳු කුමාර 45, ජනිඳු ගමගේ 32, යසිරු ලක්මිණ 42, පුදසර යුනාල් 3/28, චනිඳු දම්දිස 3/07
- සිරි පියරත්න විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 27 (7.0)
තරගයේ විසඳුමක් නෑ.
තරගයේ වීරයා – පසිඳු කුමාර (රාජකීය විද්‍යාලය)
50th Battle of the “Neela Haritha”
කොළඹ සාන්ත මැතිව්ස් විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර 50 වැනි වරටත් පැවැති “නීල හරිත” වාර්ෂිකා එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත මැතිව්ස් විද්‍යාලය සමත් වෙනවා.
මෙම තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැතියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත මැතිව්ස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 138 (32.0)මොහොමඩ් ෆාහිම් 59, එම්. ආර්. උමර් 17, නිල්රුක්ශ හර්ශන 4/57, එම්. ඒ. ෆයාස් 3/22
- සාන්ත ජෝන්ස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 131 (27.2)සදිස් කුමාර 34, එම්. ඒ. ෆයාස් 19, මොහොමඩ් ෆාහිම් 4/23, එම්. රශීඩ් 2/16, ඒ. හකීම් 2/11
සාන්ත මැතිව්ස් විද්‍යාලයට ලකුණු 7ක ජයක්.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.