තර්ස්ටන්, සාන්ත ජෝන්ස් සහ තෝලංගමුවට ජය

Annual Big Match 2025

23
Annual Big Match 2025

වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී අවසන් වූ අතර ඒ අතුරින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය, පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලය සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

18th Battle of the Brothers T20 Encounter

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැති වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් වෙනවා.

ඒ අනුව ඔවුන් මෙවර තරගවාරයේ දී තුන් දින සහෝදර සංග්‍රාමයේ දී කඩුලු 10ක ජයග්‍රහණයක් ද, එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී ලකුණු 176ක ජයග්‍රහණයක් ද සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ද ජයග්‍රහණය ලබා ගනිමින් කුසලාන ත්‍රිත්වය ම දිනා ගැනීමට සමත් වෙනවා.

මෙම තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැති අතර කාසියේ වාසිය දිනූ ඉසිපතන විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 113ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තර්ස්ටන් විද්‍යාලය තරගය නිමා වීමට තවත් පන්දු 9ක් ඉතිරි ව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.

ඉසිපතන විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ලෙසඳු කල්පගේ (නායක), රුචිත් රොද්‍රිගෝ, කවිඳු දෙව්ශාන්, රන්මිත් දිනුවර (කඩුලු රකින්නා), නවිඳු හෙට්ටිආරච්චි, දිල්ප රුවනක, දිමුත් තාරුක, මලීෂ සඳරුවන්, දසිත් පෙරේරා, ජනිත දිසානායක සහ සනිජ රහල්.

තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

තනුග පලිහවඩන (නායක), දිනාල් ඉඳුවර, තනුජ රාජපක්ෂ (කඩුලු රකින්නා), විහස් තෙව්මික, සෙත්රු ප්‍රනාන්දු, හිරුෂ ඩයස්, රචින්ත ද සිල්වා, ජනිත රුක්ශාන්, යොවුන් සිල්ප, ලසිඳු පුන්සර සහ සන්විඳු දිසානායක.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ රනිමිත් දිනුවර. ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා.

ඊට අමතර ව දසිත් පෙරේරා පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා ගන්නා ලද අතර පන්දු යැවීමේ දී සන්විදු දිසානායක ලකුණු 14කට කඩුලු 3ක් සහ යොවුන් ශිල්ප ලකුණු 15කට කඩුලු 3ක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් නායක තනුග පලිහවඩන පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද සහ ජනිත් රුක්ෂාන් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 50ක සබඳතාවක් ගොඩ නගමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා.

කඩුලු දවා ගැනීමේ දී සනිජ රහල් කඩුලු 2ක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉසිපතන විද්‍යාලය – සියලුම දෙනා දැවී 113 (19.4)රන්මිත් දිනුවර 24, නවිඳු හෙට්ටිආරච්චි 15, ලෙසඳු කල්පගේ 15, දසිත් පෙරේරා නොදැවී 15, යොවුන් සිල්ප 3/15, සන්විදු දිසානායක 3/14
  • තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 6ක් දැවී 114 (18.3)සෙතුර ප්‍රනාන්දු 21, ජනිත රුක්ශාන් නොදැවී 26, තනුග පලිහවඩන නොදැවී 29, සනිජ රහල් 2/20

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – රන්මිත් සෙනාරත්න (තර්ස්ටන් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – යොවුන් සිල්ප (තර්ස්ටන් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – ජනිත රුක්ශාන් (තර්ස්ටන් විද්‍යාලය)
  • තරගයේ විරයා – තනුජ පලිහවඩන (තර්ස්ටන් විද්‍යාලය)

26th Battle Of the Greens

පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලයට අතර පැවැති හරිත සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 35ක ජයක් ලබා ගැනීමට පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලය සමත් වෙනවා.

සාන්ත ජෝන්ස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

ගීත්ම ප්‍රනාන්දු (නායක සහ කඩුලු රකින්නා), හිමාෂ් ආදිත්‍ය, දෙනෙත් පීරිස්, මදුශ මෙන්ඩිස්, දසුන් ප්‍රනාන්දු, හිරුෂ පීරිස්, ලසිඳු බණ්ඩාර, හිරුෂ සල්ගාදු, කුසල් ප්‍රනාන්දු, ගිම්හාන් විජේසේකර සහ තරුල් ලක්සඳ.

පානදුර රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කවීෂ පෙරේරා (නායක), චලන දිනෙත්, සෙතික දිල්මිත්, තිනාල් සොයිසා, සත්සර නිලංජිත්, ලසිරු සඳකැන් (කඩුලු රකින්නා), යෙසාර ද සිල්වා, එනුක අනුදත්, රන්මිර ප්‍රනාන්දු, දිමත් ජයසිංහ, සතසර නිලංජිත් සහ උදාර දනංජය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී සාන්ත ජෝන්ස් විද්‍යාලයේ දෙනෙත් පීරිස් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සාන්ත ජෝන්ස් විද්‍යාලයේ දසුන් ප්‍රනාන්දු ඉනිම දෙකේ දී ම ලකුණු 37කට කඩුලු 11ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත ජෝන්ස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (71.0) කුසල් ප්‍රනාන්දු 26, දෙනෙක් පීරිස් 100, කවීෂ පෙරේරා 2/41, සෙතික දිල්මිත් 5/45
  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 72 (51.3) චලන දිනෙත් 20, ගිම්හාන් විජේසේකර 2/35, දසුන් ප්‍රනාන්දු 6/07
  • රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 72 (42.5) කවීෂ පෙරේරා 33, දසුන් ප්‍රනාන්දු 5/30, ගිම්හාන් විජේසේකර 2/20

සාන්ත ජෝන්ස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 35ක ජයක්.

10th  Battle Of Centralions

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර 10 වැනි වරටත් පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඩඩ්ලි සේනානායක විද්‍යාලයට ලකුණු 13ක ජයක් හිමි වුනා.

මෙම තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී එක්දින තරගයක් සේ ක්‍රියාත්මක වූ අතර තරගයේ දී ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ආරම්භක පිතිකරු අංජන යසස් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගනිමින් පිතිකරුවන් අතර කැපී පෙණනු අතර ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සුමුදු සත්සර ලකුණු 36කට කඩුලු 8ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතුරින් කැපී පෙණුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 115 (22.0)අංජන යසස් 82, සුමුදු සත්සර 8/36
  • ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාය – සියලුම දෙනා දැවී 102 (42.1) අයේන් සස්මිත 44, කවීෂ කොරතොට 3/03

ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 13ක ජයක්.

3rd Battle of the Brave Sons

අරලගංවිල, විලයාය ජාතික පාසල සහ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල අතර පැවැති “පුලතිසි – දිගාමඬුලු අභීත පුතුන්ගේ” වාර්ෂික එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය – පරාජයෙන් තොරව අවසන් වුනා.

මෙම තරගය දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එලෙසින් අවසන් වූ පළමු තරගය ද මෙය වූවා. මීට පෙර පැවැති තරග ද්විත්වයේ ම ජයග්‍රහණය ලබා ඇත්තේ විලයාය ජාතික පාසලයි.

තරගයේ කෙටි ලකුණු සටහන

  • දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල – කඩුලු 6ක් දැවී 188 (40.0)සිතුම් ෂෙහාර 26, සෙන් විජේරත්න 29, එතුම් දම්ස 25, ප්‍රියංකර වීරසිංහ නොදැවී 60, භානුක කෞශල්‍ය 19, නිමේෂ් දනංජය 2/41, අශේන් සදීප 2/23
  • විලයාය ජාතික පාසල – කඩුල්ලක් දැවී 15 (2.3)

තරගයේ විසඳුමක් නෑ.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<