ශ්‍රී ජයවර්ධනපුර සහ වික්‍රමශීලා ජය වාර්තා කරයි

Annual Big Match

130

වාර්ෂික මහා ක්‍රිකට් වසන්තයේ ප්‍රධාන තරගවලට අමතර ව තවත් තරග කිහිපයක් පසුගියදා නිමා වූවා. ඒ අතර කොළඹ දී නිමා වූ කෝට්ටේ ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති කෝට්ටේ සටන තරගයෙන් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය ද සහ ගිරිඋල්ලේ දී නිමා වූ ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය සහ මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවැති විකුම් සේනා හරිත සටනෙන් වික්‍රමශීලා විද්‍යාලයට ද ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.  

මෙම තරග ද්විත්වය ම පැවැතියේ තෙදින තරග ලෙසයි.  

46th Battle of Kotte 

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර 46 වැනි වරටත් පැවැති කෝට්ටේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 119ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

ඒ අනුව ඔවුන් කෝට්ටේ සටන ජයග්‍රහණය කරනු ලබන්නේ 10 වැනි වරටයි.  

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට තෝරා ගනිමින් ලකුණු 245ක් ලබා ගන්නවා.  

එම ඉනිම වෙනුවෙන් නායක සචින් ශෙහාන් පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 98ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සදිල් ඩයස් ලකුණු 67කට කඩුලු 5ක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ලකුණු 107කට සීමා වූවා. ලකුණු 138ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ජයවර්ධනපුර ක්‍රීඩකයෝ එවර කඩුලු 7ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. 

එම ඉනිමේ කඩුලු 6ක් ලබා ලකුණු 61කට දවා ගැනීමට සදිල් ඩයස් වීම කැපී පෙණුනා.  

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 289ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 169ක් පමණයි. එම ඉනිමේ දී නැවත දක්ෂතා දැක් වීමට සදිල් ඩයස් සමත් වෙනවා. ඔහු පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 90ක් ලබා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (107.3) සචින් ශෙහාන් 98, මනුත් මල්සුක 22, පසිඳු පිංසර 23, සදිල් ඩයස් 5/67, අශ්වින් ප්‍රකන් 2/15, සේසත් රන්මිත 2/77
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (44.0) ඩිලේන් ෆ්‍රෑන්ක් 48, සචින් ශෙහාන් 4/26, මනුත් මල්සුක 2/13, පසිඳු පිංසර 4/09
  • ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – දෙවැනි වැනි ඉනිම කඩුලු 7ක් දැවී 150 (46.0) රසල් වීරක්කොඩි 40, අර්ජුන් අභිශේක් 31, අංජන නිදුශ 32, සදිල් ඩයස් 6/61
  • සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 169 (79.4) සදිල් ඩයස් 90, අර්ජුන් අභිශේක් 2/21, පසිඳු පිංසර 3/64, රුසිරු රශ්මිත 2/20

ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට ලකුණු 119ක ජයක්.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – රසල් වීරක්කොඩි (ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – පසිඳු පිංසර (ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – සදිල් ඩයස් (සාන්ත තෝමස් විද්‍යාලය)
  • තරගයේ වීරයා – සචින් ශෙහාන් (ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය)

1st Wikum – Sena Battle of the Green 

ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල සහ මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පළමු වරට පැවැති විකුම් සේනා හරිත සටනේ දී වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 297ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුනා.  

වික්‍රමශීලා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණ කළ වික්‍රමශීලා ජාතික පාසල් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම අවසන් කරන්නේ සියලුම දෙනා දැවී ලකුණු 323ක් ලබා ගනිමින්. එම ඉනිම වෙනුවෙන් නායක අංජන නිමේෂ් පන්දු 243කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වෙනවා.  

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඩී. එස්. සේනානායක විද්‍යාලය තම පළමු ඉනිම ලකුණු 69කට සීමා කර ගන්නා අතර එම ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගන්නේ ශෙහාන් සංදීප. ඔහු ලකුණු 07කට කඩුලු 6ක් දවා ගන්නවා.  

ලකුණු 254ක් ඉදිරියෙන් සිටිමින් නැවත පිටියට පිවිසි වික්‍රමශීලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර කඩුල්ලක් පමණක් දැවී ලකුණු 124ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. එහි දී හිරුක නෙත්වින් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා ගන්නවා.  

ලකුණු 378ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර ලකුණු 81කට දැවී යනවා. එම ඉනිමට එරෙහි ව දසුන් චාලක ලකුණු 16කට කඩුලු 5ක් දවා ගන්නවා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • වික්‍රමශීලා ජාතික පාසලපළමු ඉනිම සියලුම දෙනා දැවී 323 (100.3) නෙත්සර නවීන් 21, අංජන නිමේෂ් 147, සුපේශල සිතිල් 50, ශෙහාන් සංදීප් 33, විරුල් මල්ශාන් 2/24, ලසත් දුල්නිම් 2/39
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියලුම දෙනා දැවී 69 (49.4) ඔසුක සසේන් නොදැවී 18, ශෙහාන් සංදීප 6/07, මිතුම් නිම්සර 2/09
  • වික්‍රමශීලා ජාතික පාසල – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 124 (25.0) හිරුක නෙත්වින් නොදැවී 64, දහම් මනුශ 39
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 81 (42.3) ඔසුක සසේන් 21, දසුන් චාලක 5/16, අංජන නිමේෂ් 2/27

වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 297ක ජයක්.   

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<