අන්තර් පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී පසුගිය දිනවල දී අවසන් වූ අතර, ඒ අතුරින් පැවැති රයිගම් – පස්දුන් වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හොරණ ශ්‍රීපාලි විද්‍යාලය සමත් වීම කැපී පෙණුනා.
20th Battle of the Uwa
බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර 20 වැනි වරටත් පැවැති ඌව සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගියදා ජය පරාජයක් නොමැති ව අවසන් වූවා.
මෙම තරගයේ දී බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ චතුම් ලක්ප්‍රිය පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
• සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (80.3) සරිත් මාලින්ද 23, තීක්ෂණ ප්‍රමෝද්‍ය 20, සචින් ඩිලංක 29, චමිඳු ජයරත්න 32, ඉශාන් කවිශ්ක නොදැවී 19, චතුම් ලක්ප්‍රිය 4/67, රූසර තම්මිට 3/27, දෙසඳු නිම්තක 2/10
• බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (86.2) ලිසඳු නිම්සිත් 33, දෙසඳු නිම්තක 27, රූසර තම්මිට 54, චතුම් ලක්ප්‍රිය 62, තරිඳු රත්නායක 3/43, විබූති රුවන් 4/74, ඉශාන් කවිශ්ක 2/56
• සාන්ත ජෝසප් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 50 (24.0) සරිත් මාලින්ද නොදැවී 29, තරුශ නිර්මාල් නොදැවී 16, රූසර තම්මිට 2/16
තරගයේ විසඳුමක් නෑ.
3rd Battle Of The Ruhunu Maroons
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය සහ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති රුහුණු සුලෝහිත සංග්‍රාමය පසුගියදා විසඳුමකින් තොරව අවසන් වූවා.
වීරකැටියේ දී පැවැති මෙම තරගයේ දී දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා වීම කැපී පෙණුනා. එහි දී වඩාත් ම කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ මිරාශ් රයන්. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා.
ඊට අමතර ව සංදීප මුතුකුමාරණ පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 63ක් ද සහ නායක චාමික සත්සර පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ද ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
• දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය – කඩුලු 8ක් දැවී 254 (68.5) රසිඳු නිකේශන 30, චාමික සත්සර 59, සංදීප මුතුකුමාරණ 63, මිරාශ් රයන් 68, ලකිඳු යෙහාන් 4/77, ධනුක භවන්ත 2/39
• රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 9 (6) තිමිර ලක්ෂාන් නොදැවී 4, තේජාන් තීර්තක නොදැවී 2
තරගයේ විසඳුමක් නෑ.
- මැංගුස් සටන විසඳුමක් නැතිව අවසන් වේ
- 20 වැනි ‘ඌව රන් සටන‘ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
- මාදම්පාවරුන් සහ රාජපක්ෂවරුන්ගේ සහෝදර සංග්‍රාමය
7th Battle of the Raigam – Pasdun
මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැති රයිගම් – පස්දුන් වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හොරණ ශ්‍රීපාලි විද්‍යාලය පසුගියදා සමත් වූවා.
බණ්ඩාරගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයේ කුශාන් දේවක පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 83ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
එමෙන් ම පන්දු යැවීමේ එම විද්‍යාලයේ ම තෙවිඳු දම්සිත් සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ශෙහාන් කුමාර ද කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 96 (47.3) චනුල් තියූගී 33, ශෙහාන් කුමාර 4/40, හංසක නිර්මාල් 2/18, හිරුක ලොනිත 4/12
ශ්‍රීපාලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 119 (41.2) ශෙහාන් කුමාර 35, රුක්මල් වීරසිංහ 31, තෙවිඳු දම්සිත් 5/40, කුශාන් දේවක 4/32
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 126 (33.3) කුශාන් දේවක 83, ශෙහාන් කුමාර 5/55, හංසක නිර්මාල් 2/29
ශ්‍රීපාලි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 104 (22.2) දමිඳු ආදිත්‍ය 44, කසුන් සඳරුවන් 26, කුශාන් දේවක 2/28
ශ්‍රීපාලි විද්‍යාලයට කඩුලු 3ක ජයක්.
1st Battle of the Brothers
අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලය අතර පළමු වරට පැවැති සහෝදරයන්ගේ සංග්‍රාමයට සමගාමීව සංවිධානය වූ වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජපක්ෂ විද්‍යාලය සමත් වෙනවා.
අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී රාජපක්ෂ විද්‍යාලයේ නායක විහඟ ඉඳුවර පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ද සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ විනෝද් සොයිසා පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 20කට සීමාවෙමිනුයි පැවැතියේ.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය – කඩුලු 7ක් දැවී 152 (20.0) විනෝද් සොයිසා 50, සුමේද සම්පත් 33, කවීෂ හිමසල් 2/27, විහඟ ඉඳුවර 2/19
- රාජපක්ෂ විද්‍යාලය – කඩුලු 6ක් දැවී 153 (20.0) විහඟ ඉඳුවර 54, වින්ද්‍ය සංකල්ප 32, ටිලීෂ තීක්ෂණ 2/25
- රාජපක්ෂ විද්‍යාලයට කඩුලු 4ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – කවික මදුශංක (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – කවීෂ හිමසල් (රාජපක්ෂ විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරුවා – විනෝද් සොයිසා (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ වීරයා – විහඟ ඉඳුවර (රාජපක්ෂ විද්‍යාලය)
30th Battle Of The Golds
මඩකලපුව ශ්‍රී කෝනේස්වරම් හින්දු විද්‍යාලය සහ ශිවනන්ද විද්‍යාලය අතර 35 වැනි වරතට් පැවැති රන් සටන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශිවනන්ද විද්‍යාලය සමත් වූවා.
මෙම තරගය මඩකලපුව ශිවනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැතියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී කෝනේශ්වරම් හින්දු විද්‍යාලය – සියලුම දෙනා දැවී 55 (31.3) Elavalgan Nithees 10, Sureshan Hareish 11, Navaneetharass Nirugash 2/09, Akilan Vasutheepan 4/04
ශිවනන්ද විද්‍යාලය – කිසිවෙක් නොදැවී 60 (5.5) Navaneetharass Nirugash නොදැවී 25, Atputharajah Thuvarathan නොදැවී 28
ශිවනන්ද විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<