මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 41 වැනි වරටත් පැවැති මොරටු රන් සටන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සතු වුණා. ඒ අනුව ඔවුන් එම කුසලානයට හිමිකම් කියන්නේ 21 වැනි වතාවටයි.
සෙබස්තියන්වරුන් රන් සටනේ තෑගි මේසය අකුලා ගනී
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී (14දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී වේල්ස් කුමාර විද්‍යාලය සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 116ක් ලබා ගත්තා.
ප්‍රතිවාදී වේල්ස් කුමාර විද්‍යාලයීය ඉනිමට සවස්වරුවේ ඇද හැලුණ වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 46.0කට සීමා වූ අතර ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 111ක ඉලක්කයක් ලැබුණා. ඔවුන් එම ඉලක්කය 31 වැනි පන්දුවාරයේ දී කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගන්නා ලද අතර ඒ අනුව මොරටු එක්දින සීමිත පන්දුවාර කුසලානය වසරක ඇවෑමෙන් පසුව ඔවුන් සතු කර ගන්නවා.
සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අදේශ් අල්මේදා (නායක), මෙශෝන් ෆ්‍රඩිනැන්ඩෝ, කවීෂ පෙරේරා, ලශේන් ප්‍රනාන්දු, ශෙෆාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), මලින්ත සිල්වා, තිවංක ප්‍රනාන්දු, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, චමත් වෙල්ලාලගේ, අදීශ ලක්ශාන් සහ ශෙනාශ් හශේන
වේල්ස් කුමාර වයස අවුරුදු 19න් පහළ වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම
සුවහස් ප්‍රනාන්දු (නායක), පලිඟු පෙරේරා, සෙතික විජේතුංග, තුසිඳු දීමන්ත, නෙතුල් අනුහස්, ගවේශ රෝහණ ප්‍රනාන්දු, පසන් කුරේ (කඩුලු රකින්නා), ඔශාන් මනීශ, රුසඳු සිල්වා, මතීෂ අපෝන්සු සහ ශෙහාන් අශේන්.
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව පුහුණුකරුවෙක් යටතට
- 74 වැනි රන් මහා සටනට සියල්ල සූදානම්!
- හික්කඩුව සුමංගලයන්ගේ විජයග්‍රාහී වික්‍රමාන්විතය
- අස්ගිරිය ගිනියම් වෙයි, කන්ද උඩරට නිල් සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 27ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙනවා. වේල්ස් කුමරුවෝ ඒ වැටි සිටි තත්වයෙන් යම් තරමකින් ගැලවුණේ 7 වැනි කඩුල්ලට පසන් කුරේ සහ ඔෂාන් මනීෂ එක් ව එක් කළ ලකුණු 57 හේතුවෙනුයි. ඒ සඳහා ඔවුන් පන්දු 63ක් වැය කළ අතර පසන් කුරේ ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිදී ගියා.
ඔහු දැවී යන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.
ඔෂාන් මනීෂ ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා. ඊට අමතර ව ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් දැවී ගිය මතීෂ අපෝන්සු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී නායක අදේශ අල්මේදා ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදී පිතිකරුවන් අමාරුවේ දැමීමේ ප්‍රමුඛයා බවට පත් වුණා. ඊට අමතර ව මලින්ත සිල්වා ලකුණු 24කට කඩුලු 3ක් ද, අදීශ ලක්ශාන් ලකුණු 24කට කඩුලු 2ක් ද සහ චමත් වෙල්ලාලගේ කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ඉනිම ආරම්භ කළ මෙශෝන් ෆ්‍රඩිනැන්ඩෝ සහ කවීෂ පෙරේරා සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 164ක දී ලකුණු 83ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ මෙශෝන් ෆර්ඩිනැන්ඩෝ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 14 වැනි පන්දුවේ දී කවීෂ පෙරේරා දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් පිටිය හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.
වර්ෂාව හේතුවෙන් අඩු ව තීරණය වූ පන්දුවාර 46න් තවත් පන්දුවාර 15ක් ද ඉතිරි කර ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය ජයග්‍රහණ කරද්දී නායක අදේශ් අල්මේදා පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ ලශේන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ඔෂාන් මනීෂට කඩුල්ලක් හිමි වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- වේල්ස්කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 116 (24.5) ඔෂාන් මනීශ 44, පසන් කුරේ 21, අදේශ් අල්මේදා 4/38, අදීශ ලක්ශාන් 2/24, මලින්ත සිල්වා 3/24
- සාන්ත සෙබස්තියන්විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 112 (30.5) මෙශොන් ෆර්ඩිනැන්ඩෝ 47, කවීෂ පෙරේරා 40, අදේශ් අල්මේදා නොදැවී 23
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයක්.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















