Home Sinhala චරිත් ගොඩනැගූ ඉනිම වනිඳු ජයග්‍රහණයෙන් කෙළවර කරයි

චරිත් ගොඩනැගූ ඉනිම වනිඳු ජයග්‍රහණයෙන් කෙළවර කරයි

Bangladesh Tour of Sri Lanka 2025

19
1st ODI Match

චරිත් අසලංක ගේ ශතකයෙන් හැඬ ගැන් වූ ඉනිම, ආරක්ෂා කර කර ගත් වනිඳු හසරංග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ දී ලකුණු 77ක ජයග්‍රහණයක් කරා තම කණ්ඩායම ගෙන යැමට සමත් වුණා.  

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 244ක් ලබා ගත් අතර ප්‍රතිවාදී බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 167ක් පමණයි.  

මෙම තරගයේ දී පළමු පෙළ එක්දින තරග 49කට සහභාගී වෙමින් කඩුලු 55ක් ලබා සිටි 28 හැවිරිදි වියේ පසුවෙන මිලාන් රත්නායක ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනිමට සමත් වූවා.  

එමෙන් ම බංග්ලාදේශය වෙනුවෙන් ද ක්‍රීඩකයන් දෙදෙනෙක්ට අද එක්දින ජාත්‍යන්තර වරම් හිමි වූවා. ඒ පළමු පෙළ එක්දින තරග 72කට සහභාගී වෙමින් ශතක 6ක් සහ අර්ධ ශතක 17ක් සමඟින් ලකුණු 2682ක් ලබා සිටින 23 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Parvez Hossain Emon සහ පළමු පෙළ එක්දින තරග 112කට සහභාගී වෙමින් කඩුලු 165ක් ලබා සිටින 28 හැවිරිදි වියේ පසුවෙන වමතින් පා දඟ පන්දු යවන Tanvir Islam.   

ශ්‍රී ලංකාව 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, මිලාන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඒශාන් මාලිංග සහ අසිත ප්‍රනාන්දු. 

බංග්ලාදේශය 

Mehidy Hasan Miraz (නායක), Tanzid Hasan, Parvez Hossain Emon, Najmul Hossain Shanto, Litton Das (කඩුලු රකින්නා), Towhid Hridoy, Jaker Ali, Tanzim Hasan Sakib, Taskin Ahmed, Tanvir Islam සහ Mustafizur Rahman. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ පැතුම් නිස්සංක සහ නිශාන් මදුශංක.  

ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 5කට සීමා වෙන්නේ පැතුම් නිස්සංක ලකුණු නොලබා ම දැවී යෑමත් සමඟිනුයි. ඔහු මේ ලෙසින් ලකුණු නොලබා දැවී යන්නේ එක්දින තරග ඉනිම් 10කට පසුවයි.   

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නිශාන් මදුශ්ක ලකුණු 6කට ද සහ කමිඳු මෙන්ඩිස් ලකුණු නොලබා ම දැවී යනවා. ඔවුන් ඒ ලෙසින් දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 29ක් ලෙසින් දැක් වී තිබුණා.  

ඒ ලෙසින් වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම එතැන් සිට ගොඩ ගැනීමට කුසල් මෙන්ඩිස් සහ නායක චරිත් අසලංක එක් ව බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ අභීත ගමනක් ආරම්භ කළා. ඔවුන් ඒ ගමන අවසන් කරන්නේ සිව් වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් එක් කරමින්.  

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ කුසල් මෙන්ඩිස් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක දැවී යෑමත් සමඟිනුයි.  

ඉන් අනතුරු ව නායක චරිත් අසලංක තරගය මනාව පාලනය කරමින් ජනිත් ලියනගේ සමඟින් එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 64ක් ද, මිලාන් රත්නායක හා සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට ලකුණු 39ක් ද, වනිඳු හසරංග හා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 32ක් ද, මහීෂ් තීක්ෂණ හා එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 15ක් ද ලෙසින් ද ශ්‍රී ලංකා ඉනිමට එක් කරනවා.    

එහි දී ජනිත් ලියනගේ පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද, මිලාන් රත්නායක පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද, වනිඳු හසරංග පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.  

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට සැබෑ නායකත්වයක් ලබා දුන් නායක චරිත් අසලංක 9 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා. එය චරිත් අසලංක තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ වාර්තා කරන ලද සිව් වැනි ශතකයයි.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ඒෂාන් මාලිංග ලකුණු 4ක් ලබා සිටිය දී අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී අසිත ප්‍රනාන්දු නොදැවී ලකුණක් ලබා ගෙන සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් වේග පන්දු යවන Taskin Ahmed ලකුණු 47කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Tanzim Hasan Sakib කඩුලු 3ක් ද සහ Najmul Hossain Shanto සහ Tanvir Islam කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 29 දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සබඳතාවක් ගොඩ නැගීමට Tanzid Hasan සහ Najmul Hossain Shanto සමත් වුණා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Najmul Hossain Shanto පන්දු 26ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23කට දැවී යෑමත් සමඟින්.  

එම කඩුල්ල බිඳ වැටීම සංචාරක බංග්ලාදේශ ඉනිමේ කඩා වැටිම බවට ද පත් වූවා. එතැන් සිට බංග්ලාදේශ ඉනිමේ කඩුලු 6ක් ලකුණු 5ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී බංග්ලාදේශ ඉනිම දැක් වුණේ කඩලු 8ක් දැවී ලකුණු 105ක් ලෙසයි.  

අනතුරු ව 9 වැනි කඩුල්ලට ලකුණු 20ක සබඳතාවක් එක් වූ අතර ඉනිමේ අවසන් කඩුල්ලේ දී ලකුණු 47ක් එක් කිරීමට Jaker Ali සහ Mustafizur Rahman සමත් වුණා. එහි දී Jaker Ali පන්දු 64ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගන්නවා.  

එම සබඳතාවේ දී සියලු ලකුණු ඔහු විසින් වාර්තා කරන ලද අතර අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි Mustafizur Rahman තරගය අවසන් වන විට පන්දු 12කට මුහුණ දෙමින් කිසිදු ලකුණක් ලබා නොගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.   

කඩුලු දවා ගැනීමේ දී වනිඳු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර මහීෂ් තික්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 244 (49.2) කුසල් මෙන්ඩිස් 45, චරිත් අසලංක 106, ජනිත් ලියනගේ 29, මිලාන් රත්නායක 22, වනිඳු හසරංග 22, Taskin Ahmed 4/47, Tanzim Hasan Sakib 3/45
  • බංග්ලාදේශය – සියලුම දෙනා දැවී 167 (35.5) Tanzid Hasan 62, Najmul Hossain Shanto 23, Jaker Ali 51, වනිඳු හසරංග 4/10, කමිඳු මෙන්ඩිස් 3/19

ශ්‍රී ලංකාවට ලකුණු 77ක ජයක්.  

තරගයේ වීරයා – චරිත් අසලංක (ශ්‍රී ලංකාව)  

දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජුලි මස 05 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

Result


Sri Lanka
244/10 (49.2)

Bangladesh
167/10 (35.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Liton Das b Tanzim Hasan Sakib 0 8 0 0 0.00
Nishan Madushka b Taskin Ahamed 6 13 1 0 46.15
Kusal Mendis lbw b Tanvir Islam 45 43 6 1 104.65
Kamindu Mendis c Mehidy Hasan Miraz b Taskin Ahamed 0 4 0 0 0.00
Charith Asalanka c Najmul Hossain Shanto b Tanzim Hasan Sakib 106 123 6 4 86.18
Janith Liyanage  c Tanzim Hasan Sakib b Najmul Hossain Shanto 29 40 4 0 72.50
Milan Rathnayake b Tanzim Hasan Sakib 22 31 3 0 70.97
Wanindu Hasaranga c Shamim Hossain b Taskin Ahamed 22 22 3 0 100.00
Maheesh Theekshana c Jaker Ali b Taskin Ahamed 1 2 0 0 50.00
Eshan Malinga run out () 5 10 0 0 50.00
Asitha Fernando  not out 1 1 0 0 100.00


Extras 7 (b 0 , lb 4 , nb 1, w 2, pen 0)
Total 244/10 (49.2 Overs, RR: 4.95)
Bowling O M R W Econ
Taskin Ahamed 10 2 47 4 4.70
Tanzim Hasan Sakib 9.2 0 46 3 5.00
Mustafizur Rahman 6 1 24 0 4.00
Mehidy Hasan Miraz 10 0 47 0 4.70
Tanvir Islam 10 0 44 1 4.40
Najmul Hossain Shanto 4 0 32 1 8.00


Batsmen R B 4s 6s SR
Parvez Hossain Emon c Kusal Mendis b Asitha Fernando 13 16 3 0 81.25
Tanzid Hasan c Janith Liyanage  b Wanindu Hasaranga 62 61 9 1 101.64
Najmul Hossain Shanto run out (Milan Rathnayake) 23 26 2 0 88.46
Liton Das lbw b Wanindu Hasaranga 0 4 0 0 0.00
Towhid Hridoy b Kamindu Mendis 1 4 0 0 25.00
Mehidy Hasan Miraz lbw b Wanindu Hasaranga 0 2 0 0 0.00
Jaker Ali lbw b Wanindu Hasaranga 51 64 4 4 79.69
Tanzim Hasan Sakib c Maheesh Theekshana b Kamindu Mendis 1 6 0 0 16.67
Taskin Ahamed lbw b Kamindu Mendis 0 3 0 0 0.00
Tanvir Islam c Kusal Mendis b Maheesh Theekshana 5 19 1 0 26.32
Mustafizur Rahman not out 0 12 0 0 0.00


Extras 11 (b 0 , lb 2 , nb 2, w 2, pen 5)
Total 167/10 (35.5 Overs, RR: 4.66)
Bowling O M R W Econ
Asitha Fernando 5 0 38 1 7.60
Maheesh Theekshana 9 1 32 0 3.56
Milan Rathnayake 1 0 10 0 10.00
Charith Asalanka 5 0 29 0 5.80
Eshan Malinga 3 0 22 0 7.33
Wanindu Hasaranga 7.5 2 10 4 1.33
Kamindu Mendis 5 0 19 3 3.80



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<