සිව්වරක් කාන්තා රග්බි ලෝක කුසලානය නියෝජනය කළ ඕස්ට්‍රේලියානු කාන්තා රග්බි කණ්ඩායමේ සාමාජිකාවක වූ ලුවිස් බාරෝස් ශ්‍රී ලංකාවේ කාන්තා රග්බි දියුණු කිරීමේ අරමුණු කරගනිමින් සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
තෙවැනි අදියරේ දීත් කාන්තාවෝ පළඟ ශූරතාව දිනති
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කොළඹ දී පැවැත්වෙන 3 වැනි අදියරේ කාන්තා පළඟ …
ඕස්ට්‍රේලියානු කාන්තා රග්බි කණ්ඩායමේ ප්‍රබල “හුකර්” ක්‍රීඩිකාවක වූ බාරෝස් 2001 වසරේ සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවකි. 40 වියැති බාරෝස් “super women premiership” වෙනුවෙන් ද ක්‍රීඩා කරයි.

ආසියානු ශූරතාවය වෙනුවෙන් සහභාගී වූ කණ්ඩායම් නායිකාවන් වෙනුවෙන් විනය පවත්වා ගැනීමේ වැදගත්කම, කැපවීම හා එකමුතුකම ක්‍රීඩාවට බලපාන අයුරු ගැන ද හැඳින්වීමක් ඇය විසින් සිදු කළාය.
“හැමදේම රඳා පවතින්නේ විනය හා කැපවීම මත, මට මතකයි මම ක්‍රීඩා කරද්දී මුලින්ම Gym එකට යන්නේ මම, මුලින්ම Training කරන්නේ මම, ඒ විනය තමයි මාව ක්‍රීඩා ජීවිතයේ මේ තරම් ඉස්සරහට අරගෙන ආවේ.”
“මට මේ වෙද්දී දරුවෝ දෙන්නෙක් ඉද්දීත් තාමත් මං ක්‍රීඩා පිටියේ හැමදේම ලබා ගන්නවා, එක් තමා මං ලබා ගත්ත ජයග්‍රහණය සහ මං ඉන්න තැන”
ඇයගේ පළමු පුහුණු සැසිය පසුගිය (05) වැනිදා ශ්‍රී ලංකා පොලිසිය කේන්ද්‍ර කර ගනිමින් 100 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වූයේ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද කාන්තා කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අරමුණිනි.

කළුආරච්චි හා තනුජා වීරක්කොඩි කොරියානු සිහින බොඳ කරයි
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර අද (13) කොළඹ තුරඟ තරග පිටියේ දී …
බාරෝස් මහත්මිය තවත් සති කිහිපයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සංචිතය වෙත ද පුහුණු කඳවුරක් පවත්වන්නට ඇයට හැකි විය. ඒ ලබන මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 18න් පහළ තරගාවලිය වෙනුවෙනි.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















