පාකිස්තාන Shaheens සහ ඉන්දීය A අවසන් පූර්ව වටයට

Asia Cup Rising Stars 2025

1
Asia Cup Rising Stars 2025

ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ B කාණ්ඩය යටතේ පැවැති තරග අවසන් වෙන අතර ඒ අනුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි ස්ථානය පාකිස්තාන Shaheens කණ්ඩායම ද සහ 2 වැනි ස්ථානය ඉන්දීය A කණ්ඩායම ද ලබා ගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

අද (18) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වු පාකිස්තාන Shaheens කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම අතර තරගයෙන් පාකිස්තාන Shaheens කණ්ඩායම ද සහ ඉන්දීය A කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය A කණ්ඩායම ද ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වෙමින් ඔවුන් මෙම කඩඉමට පිවිසියා.

තරගාවලිය සඳහා B කාණ්ඩයෙන් සහභාගී වූ අනෙකුත් කණ්ඩායම් ද්විත්වය වූ ඕමාන කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානය ද සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම 4 වැනි ස්ථානය ද ලබා ගනිමින් තරගාවලිය අවසන් කරනවා.

10 වැනි තරගය, පාකිස්තාන Shaheens කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම අතර

කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 59ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායම එම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 61ක් ලබා ගනිමින් සපුරා ගන්නවා. ඒ අනුව එම තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන Shaheens කණ්ඩායම සමත් වෙනවා.

පාකිස්තාන Shaheens කණ්ඩායම

 

Irfan Khan (නායක), Mohammad Naeem, Maaz Sadaqat, Ghazi Ghori (කඩලු රකින්නා), Mohammad Faiq, Yasir Khan, Arafat Minhas, Shahid Aziz, Sufiyan Muqeem, Muhammad Shahzad, Ahmed Daniyal.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම

 

Alishan Sharafu (නායක), Ahmed Tariq, Sohaib Khan, Harshit Kaushik, Syed Haider (කඩුලු රකින්නා), Yayin Kiran Rai, Muhammad Arfan, Mohammed Faraazuddin, Muhammad Farooq, Muhammad Rohid, Muhammad Jawadullah.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Syed Haider. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඉනිම අවසන් වන විට Mohammed Faraazuddin පන්දු 21ක දී නොදැවී ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමා ව ඉක්මවා යෑමට හැකි වූයේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Sufiyan Muqeem ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Ahmed Daniyal සහ Maaz Sadaqat කඩුලු ද්විත්වය බැගින් ද Muhammad Shahzad, Shahid Aziz සහ Arafat Minhas කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7ක දී දැවී ගිය අතර ඉන් අනතුරු ව Maaz Sadaqat සහ Ghazi Ghori එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 54ක් ලබා ගනිමින් තරගය තවත් පන්දු 88ක් ද ඉතිරි කර ගනිමින් ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එහි දී Maaz Sadaqat පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවි ලකුණු 37ක් ද සහ Ghazi Ghori පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා ගත්තා.

පාකිස්තාන Shaheens කණ්ඩායමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Muhammad Rohid සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම – සියලුම දෙනා දැවී 59 (18.0)Syed Haider 20, Ahmed Daniyal 2/07, Maaz Sadaqat 2/19,Sufiyan Muqeem 3/12
  • පාකිස්තාන Shaheens කණ්ඩායම – කඩුල්ලක් දැවී 61 (5.2)Maaz Sadaqatනොදැවී 37, Ghazi Ghori නොදැවී 16, Muhammad Rohid 1/25

පාකිස්තාන Shaheens කණ්ඩායම කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

තරගයේ වීරයා – Maaz Sadaqat (පාකිස්තාන Shaheens කණ්ඩායම)

10 වැනි තරගය, ඉන්දීය A කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 135ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය A කණ්ඩායම තවත් පන්දු 13ක් සහ කඩුලු 6ක් ද ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා කර ගනිමින් තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

ඉන්දීය A කණ්ඩායම

 

Jitesh Sharma (නායක සහ කඩුලු රකින්නා), Vaibhav Suryavanshi, Priyansh Arya, Naman Dhir, Nehal Wadhera, Ashutosh Sharma, Ramandeep Singh, Harsh Dubey, Vijaykumar Vyshak, Gurjapneet Singh, Suyash Sharma

ඕමාන කණ්ඩායම

 

Hammad Mirza (නායක සහ කඩුලු රකින්නා), Karan Sonavale, Wasim Ali, Narayan Saishiv, Aryan Bisht, Sufyan Mehmood, Zikria Islam, Muzahir Raza, Shafiq Jan, Samay Shrivastava, Jay Odedra

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට Karan Sonavale සහ Hammad Mirza සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 37ක සබඳතාවක් ගොඩ නගනවා. ඉන් ලකුණු 32ක් ම ලබා ගන්නේ නායක Hammad Mirza. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා.

ඔහුට අමතර ව Wasim Ali ඕමාන කණ්ඩායමේ ඉනිම අවසන් වන විට පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Suyash Sharma ලකුණු 12කට කඩුලු 2ක් ද සහ Gurjapneet Singh ලකුණු 37කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Naman Dhir, Harsh Dubey සහ Vijaykumar Vyshak කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය A කණ්ඩායම් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනිමට හැකි වෙන්නේ නැහැ. ඔහුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 37ක් වෙද්දී දැවී යනවා.

ඒ වෙද්දී ආරම්භක පිතිකරුවන් වූ Vaibhav Suryavanshi (12) සහ Priyansh Arya (10) ට තම ඉනිම් අහිමි ව ගොස් තිබුණා. ඉන් අනතුරු ව පිටියට එක් වූ Naman Dhir සහ Harsh Dubey දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 31ක සබඳතාවක් එක් කරනවා.

Naman Dhir පන්දු 19ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

අනතුරු ව ඉන්දීය A කණ්ඩායම් ඉනිමේ සාර්ථක ම ලකුණු සබඳතාව එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට Harsh Dubey සහ Nehal Wadhera සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 52ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කරන අතර ජයග්‍රහණයට ලකුණු 2ක් පමණක් ඉතිරි ව තිබිය දී Nehal Wadhera ගේ දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳී යනවා.

ඒ වෙද්දී  Nehal Wadhera පන්දු 24කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා සිටි අතර තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Harsh Dubey පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද සහ නායක Jitesh Sharma පන්දුවකට පමණක් මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් එක් කරගත් ලකුණු 4ක් ද සමඟින් නොදැවී පිටියේ රැදී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Jay Odedra,  Aryan Bisht, Samay Shrivastava සහ Shafiq Jan කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඕමානකණ්ඩායම කඩුලු 7ක් දැවී 135(20.0) Hammad Mirza 32, Wasim Ali නොදැවී 54, Gurjapneet Singh 2/37, Suyash Sharma 2/12
  • ඉන්දීය Aකණ්ඩායම– කඩුලු 4ක් දැවී 138 (17.5) Naman Dhir 30, Harsh Dubey නොදැවී 53, Nehal Wadhera 23, Jay Odedra 1/18

ඉන්දීය A කණ්ඩායම කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – Harsh Dubey (ඉන්දීය A කණ්ඩායම)

තරගාවලියේ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම මෙන් ම බංග්ලාදේශ A කණ්ඩායම සහ ඕමාන ශ්‍රී ලංකා A කණ්ඩායම අතර දිවා/රාත්‍රී තරගයත් හෙට (19) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

Asia Cup Rising Stars 2025 තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<