ඕමානය සහ පාකිස්තානය ජයග්‍රහණ වාර්තා කරයි

Asia Cup Rising Stars 2025

133
Asia Cup Rising Stars 2025

ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (16) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වුණා. නිමා වූ එම තරගවල දී ඕමාන කණ්ඩායම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කිරීමටත් සහ පාකිස්තාන Shaheens කණ්ඩායම, ඉන්දීය A කණ්ඩායම පරාජය කිරීමටත් සමත් වුණා.

5 වැනි තරගය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගය

කාසියේ වාසිය දිනා ගනිමින් පලමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඕමාන ක්‍රීඩකයෝ ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 8ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

මෙම තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් Sohaib Khan සහ Yayin Kiran Rai මෙන් ම ඕමානය වෙනුවෙන් Narayan Saishiv, Shafiq Jan සහ Sufyan Yousaf පළමු වරට විස්සයි විස්ස වරම් දිනා ගත්තා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම

 

Alishan Sharafu (නායක), Mayank Kumar, Sohaib Khan, Ethan D’Souza, Syed Haider (කඩුලු රකින්නා), Yayin Kiran Rai, Muhammad Arfan, Aayan Afzal Khan, Muhammad Rohid, Zahid Ali, Muhammad Farooq.

ඕමාන කණ්ඩායම

 

Hammad Mirza (නායක), Sufyan Yousaf (කඩුලු රකින්නා), Karan Sonavale, Wasim Ali, Narayan Saishiv, Aryan Bisht, Zikria Islam, Sufyan Mehmood, Muzahir Raza, Samay Shrivastava, Shafiq Jan.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Syed Haider. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව Yayin Kiran Rai පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42ක දී ලකුණු 60ක සබඳතාවක් ගොඩ නගනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි නායක Alishan Sharafu පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Wasim Ali, Shafiq Jan සහ Muzahir Raza කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායම පළමු පන්දුවාර 4 ඇතුලත දී ලකුණු 46ක් ලබා ගත්ත ද ඒ අතර ඔවුන්ගේ කඩුලු 3ක් දැවී යනවා. නමුත් සිව් වැනි කඩුල්ලේ දී ලකුණු 63ක සබඳතාවක් ගොඩ නැගීමට Narayan Saishiv සහ Wasim Ali සමත් වෙනවා. එහි දී Narayan Saishiv පන්දු 31ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද සහ Wasim Ali පන්දු 28ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු ලකුණු 30ක් ද ලබා ගන්නවා.

ඊට අමතර ව Aryan Bisht තරගයේ ලකුණු සම ව තිබිය දී ලකුණු 30කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Muhammad Rohid ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යකණ්ඩායම– කඩුලු 6ක් දැවී 154 (20.0) Alishan Sharafu 33, Syed Haider 45, Yayin Kiran Rai 34, Muzahir Raza 2/24, Shafiq Jan 2/28, Wasim Ali 2/20
  • ඕමාන කණ්ඩායම– කඩුලු 8ක් දැවී 155 (20.0)Hammad Mirza 28, Wasim Ali 30, Narayan Saishiv 31, Aryan Bisht 30, Aryan Bisht 3/31

ඕමාන කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

තරගයේ වීරයා – Wasim Ali (ඕමාන කණ්ඩායම)

6 වැනි තරගය, ඉන්දීය A කණ්ඩායම සහ පාකිස්තාන Shaheens කණ්ඩායම අතර

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන Shaheens කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය A ක්‍රීඩකයෝ පන්දුවාර 19ක දී සියලුම දෙනා දැවී ලකුණු 136ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තාන Shaheens කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 137ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

ඉන්දීය A කණ්ඩායම

 

Jitesh Sharma (නායක සහ කඩුලු රකින්නා), Vaibhav Suryavanshi, Priyansh Arya, Naman Dhir,  Nehal Wadhera, Ashutosh Sharma, Ramandeep Singh, Harsh Dubey, Yash Thakur, Gurjapneet Singh, Suyash Sharma.

පාකිස්තාන Shaheens කණ්ඩායම

 

Irfan Khan (නායක), Maaz Sadaqat, Mohammad Naeem, Mohammad Faiq, Yasir Khan, Ghazi Ghori (කඩුලු රකින්නා), Saad Masood, Shahid Aziz, Sufiyan Muqeem, Ubaid Shah, Ahmed Daniyal. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Vaibhav Suryavanshi. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව Naman Dhir පන්දු 20ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 32ක් තුළ ලකුණු 49ක සබඳතාවක් එක් කරනවා.

ඉන්දීය ඉනිම වරෙක කඩුලු 4ක් දැවී ලකුණු 101ක් බවට පත් වී තිබුණ ද අනෙකුත් කඩුලු 6 ලකුණු 35ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වුණා. එහි දී Shahid Aziz ලකුණු 24කට කඩුලු 3ක් ද, Maaz Sadaqat සහ Saad Masood කඩුලු ද්විත්වයක් බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තම පළමු කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 55ක් ලබා ගන්නවා. Maaz Sadaqat සහ Mohammad Naeem එක් ව, එක් කළ එම ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 14ක් ලබා ගන්නේ Mohammad Naeem. ඔහු ඒ සඳහා පන්දු 10කට මුහුණ දුන් අතර හතරේ පහරක් සහ හයේ පහරක් ඊට ඇතුලත් කර තිබුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ ඉන්දීය A කණ්ඩායමේ ඉලක්කය තවත් පන්දු 40ක් ඉතිරිව තිබිය දී සපුරා ගන්නවා. එහි ප්‍රධාන නියමුවා වෙන්නේ Maaz Sadaqat. ඔහු තරගය ජයග්‍රහණයෙන් කෙළවර වන විට පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 79ක් ලබා සිටියා.

ඊට අමතර ව Mohammad Faiq පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Suyash Sharma සහ Yash Thakur කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය Aකණ්ඩායම සියලුම දෙනා දැවී 136(19.0) Vaibhav Suryavanshi 45, Naman Dhir 35, Harsh Dubey 19, Shahid Aziz 3/24, Saad Masood 2/31, Maaz Sadaqat 2/12
  • පාකිස්තාන Shaheensකණ්ඩායම – කඩුලු 2ක් දැවී 137(13.2) Maaz Sadaqat නොදැවී 79, Mohammad Faiq නොදැවී 16, Suyash Sharma 1/31

පාකිස්තාන Shaheens කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – Maaz Sadaqat (පාකිස්තාන Shaheens කණ්ඩායම)

තරගාවලියේ හොංකොං කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම මෙන් ම ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම අතර දිවා/රාත්‍රී තරගයත් හෙට (17) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

Asia Cup Rising Stars 2025 තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<