ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගි වූ අවසන් තරගය අද (13) කින්රාරා ඇකඩමි ඕවල් පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු යොවුන් කණ්ඩායමට හැකි විය.
යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙවැනි තරගයත් ජය ගනී
කණ්ඩායමක් සේ එක්ව ක්‍රීඩා කිරීමේ වාසිය තව දුරටත් තීව්‍ර කර ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට්..
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 7 ලකුණු 76ක් තුල බිඳ වැටී තිබිය දී, අගාධයකට වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ සවිමත් කරමින් දකුණත් පිතිකරු අශේන් බණ්ඩාර ලකුණු 49ක් ලබා ගන්නා ලදි. අවසානයේ මුනීර් රියාස් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බණ්ඩාරගේ ඉනිම අවසන් වූයේ බණ්ඩාරට සිය අර්ධ ශතකය ද මඟ හරවමිනි. ඔහුගේ ඉනිම 4 පහර 4කින් අලංකාරවත් විය. බණ්ඩාරට සහය වූ කෙවින් කොත්තිගොඩ ලකුණු 20යි.
අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 141කට සීමා කිරීමට මුහමඩ් මූසා ඇතුළු පාකිස්තානු යොවුන් පන්දු යවන්නන් සමත් විය. එහි දී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් මූසා ලකුණු 25ක් තුල කඩුලු 3ක් දවාලූ අතර, ඔහු සමඟ කරට කර පන්දු යවමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කළ මුනීර් රියාස් කඩුලු 3ක් දවා ගත්තේ ලංකාවට ලකුණු 30ක් පමණි ලබා දෙමිනි.
ලකුණු 142ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු පිතිකරුවන්ට ද යම් අභියෝගයක් ලබා දීමට ප්‍රවීන් ජයවික්‍රම ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. පාකිස්තානයේ ආරම්භක කඩුලු 3 ලකුණු 38ක් තුල දැවී ගොස් තිබිය දී පිටියට පිවිසි පාකිස්තානු කඩුලු රකින ක්‍රීඩක රෙහායිල් නාසිර් ඔවුන්ගේ ලකුණු පුවරුවට හොඳ පදනමක් සකස් කළේය. ලකුණු 69ට කඩුලු 4ක් දැවී තිබිය දී, සිව්වන කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවයක් ගොඩනැංවීමට නාසිර් හා සාද් කාන් සමත් විය. එහි දී 4 පහර 4ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටි නාසිර්ගේ ඉනිම අවසන් කිරීමට ජයවික්‍රමට හැකි විය. අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 142ක් ලබාගත් පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් හිමි විය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4ක් දවා ගන්නා ලදි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 9න් පහළ කණ්ඩායම – 141/10 (49.4): අශේන් බණ්ඩාර 49, කෙවින් කොත්තිගොඩ 20, මුනීර් රියාස් 3/30, මුහමඩ් මූසා 3/25.
පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 142/7 (32.1): රෙහායිල් නාසිර් 48, මොහොමඩ් ටහා 31, සාද් කාන් 22, ප්‍රවීන් ජයවික්‍රම 4/28.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















