2025 ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ සිව්වැනි තරගයෙන් පාකිස්තානයට කඩුලු 5ක ජයක් හිමි වුනා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුන මෙම තරගය දෙපිළට ම ඉතා තීරණාත්මක එකක් බවට පත් වී තිබුණා.
එවන් වටපිටාවක ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය පාකිස්තාන නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට වෙනස්කම් දෙකක් සමඟින් පිවිසීමට තීරණය කර තිබූ අතර, ඒ අනුව දුනිත් වෙල්ලාලගේ සහ කමිල් මිශාර වෙනුවට මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න කණ්ඩායමට එක් වුනා.
තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා ම මෙවර ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තානය සමත් වුනා.
ආරම්භක පිතිකරු යුගලයේ බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම තරමක් අසීරු අඩියකට පත් වූ අතර ඉන් පසුව පිටියට පිවිසි කුසල් පෙරේරා ලකුණු 15ක් සහ නායක චරිත් අසලංක ලකුණු 20ක් ලබා ගනිමින් තරමක ස්ථාවර බවක් ඉනිමට ගෙන ඒමට උත්සාහ කළා.
කෙසේ වෙතත් ඔවුන්ගේ දැවී යාම්වලින් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම නැවතත් බිඳ වැටීම ආරම්භ වූ අතර, වරෙක ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5කට ලකුණු 58ක් ලෙස දිස් වුනා. මේ මොහොතේ පිටියේ එක් වූ වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් නැවතත් ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළ අතර, මෙහි දී වනිඳු ලකුණු 15ක් ලබා ගත්තා.
වනිඳුගේ දැවී යාමෙන් අනතුරුව චාමික කරුණාරත්න කමිඳු සමඟ එක් වී ඉනිමේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 53ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ කමිඳු මෙන්ඩිස් පන්දු 44ක් තුළ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුනා.
එමෙන්ම ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි චාමික කරුණාරත්න ලකුණු 17ක් ලබාගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 133ක් කරා රැගෙන යමිනුයි.
මෙහි දී පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Shaheen Shah Afridi කඩුලු 3ක් දවා ගන්නා අතරේ, Hussain Talat සහ Haris Rauf කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
එමෙන්ම Abrar Ahmed විසින් සිය පන්දුවාර 4 තුළ ලකුණු 08ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගන
ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 134ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කිරීමට Fakhar Zaman සහ Sahibzada Farhan විසින් සමත් වුනා. කෙසේ වෙතත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ විසින් පාකිස්තාන ඉනිමේ හය වැනි පන්දුවාරයේ දී කඩුලු දෙකක් දවා ගනිමින් තරගයේ දිශානතිය වෙනස් කිරීමට සමත් වුනා.
මින් පසුව පන්දු යැවීමට පිවිසි වනිඳු විසින් තවත් පාකිස්තාන කඩුලු දෙකක් දවා ගනිමින් පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 57ක් බවට පත් වුනා.
පාකිස්තාන ඉනිමේ පස් වැනි කඩුල්ල ලෙස ලකුණු 13ක් ලබා සිටි Mohammad Haris දවා ගැනීමට දුශ්මන්ත චමීර සමත් වූ නමුත්, ඉන් පසුව පාකිස්තානයේ ජය තහවුරු කරන සබඳතාව දියත් කිරීමට Mohammad Nawaz සහ Hussain Talat සමත් වුනා.
ඔවුන් දෙදෙනා විසින් පාකිස්තාන ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැඟීමට සමත් වූ අතර, මෙහි දී Mohammad Nawaz ලකුණු 38ක් සහ Hussain Talat ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා.
ඒ අනුව පාකිස්තානයට තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි වුනා.
ශ්‍රී ලංකාව: Pathum Nissanka, Kusal Mendis(w), Kusal Perera, Charith Asalanka(c), Dasun Shanaka, Kamindu Mendis, Chamika Karunaratne, Wanindu Hasaranga, Maheesh Theekshana, Dushmantha Chameera, Nuwan Thushara
බංග්ලාදේශය: Saim Ayub, Sahibzada Farhan, Fakhar Zaman, Salman Agha(c), Hussain Talat, Mohammad Haris(w), Mohammad Nawaz, Faheem Ashraf, Shaheen Afridi, Haris Rauf, Abrar Ahmed
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Mohammad Haris b Shaheen Shah Afridi | 8 | 7 | 0 | 1 | 114.29 |
Kusal Mendis | c Hussain Talat b Shaheen Shah Afridi | 0 | 1 | 0 | 0 | 0.00 |
Kusal Perera | c Faheem Ashraf b Haris Rauf | 15 | 12 | 1 | 1 | 125.00 |
Charith Asalanka | c Haris Rauf b Hussain Talat | 20 | 19 | 2 | 1 | 105.26 |
Kamindu Mendis | lbw b Shaheen Shah Afridi | 50 | 44 | 3 | 2 | 113.64 |
Dasun Shanaka | c Mohammad Haris b Hussain Talat | 0 | 1 | 0 | 0 | 0.00 |
Wanindu Hasaranga | b Abrar Ahmed | 15 | 13 | 2 | 0 | 115.38 |
Chamika Karunaratne | not out | 17 | 21 | 2 | 0 | 80.95 |
Dushmantha Chameera | c Agha Salman b Haris Rauf | 1 | 2 | 0 | 0 | 50.00 |
Maheesh Theekshana | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 0 , lb 3 , nb 1, w 3, pen 0) |
Total | 133/8 (20 Overs, RR: 6.65) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shaheen Shah Afridi | 4 | 0 | 28 | 3 | 7.00 | |
Faheem Ashraf | 4 | 0 | 34 | 0 | 8.50 | |
Haris Rauf | 4 | 0 | 37 | 2 | 9.25 | |
Agha Salman | 1 | 0 | 5 | 0 | 5.00 | |
Hussain Talat | 3 | 0 | 18 | 2 | 6.00 | |
Abrar Ahmed | 4 | 0 | 8 | 1 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sahibzada Farhan | c Kamindu Mendis b Maheesh Theekshana | 24 | 15 | 1 | 2 | 160.00 |
Fakhar Zaman | c Wanindu Hasaranga b Maheesh Theekshana | 17 | 19 | 1 | 0 | 89.47 |
Saim Ayub | b Wanindu Hasaranga | 2 | 3 | 0 | 0 | 66.67 |
Agha Salman | lbw b Wanindu Hasaranga | 5 | 6 | 0 | 0 | 83.33 |
Hussain Talat | not out | 32 | 30 | 4 | 0 | 106.67 |
Haris Rauf | b Dushmantha Chameera | 13 | 11 | 1 | 0 | 118.18 |
Mohammad Nawaz | not out | 38 | 24 | 3 | 3 | 158.33 |
Extras | 7 (b 4 , lb 1 , nb 0, w 2, pen 0) |
Total | 138/5 (18 Overs, RR: 7.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nuwan Thushara | 3 | 0 | 29 | 0 | 9.67 | |
Dushmantha Chameera | 4 | 0 | 31 | 1 | 7.75 | |
Maheesh Theekshana | 4 | 0 | 24 | 2 | 6.00 | |
Wanindu Hasaranga | 4 | 0 | 27 | 2 | 6.75 | |
Charith Asalanka | 2 | 0 | 11 | 0 | 5.50 | |
Chamika Karunaratne | 1 | 0 | 11 | 0 | 11.00 |
මෙම පරාජත් සමඟ ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට ඇති බලාපොරොත්තු බොහෝ දුරට නිමා වී යනවා.
කෙසේ වෙතත් සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත අවසන් තරගය එළඹෙන සිකුරාදා (26) ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<