Home Sinhala ශ්‍රී ලංකාව අසීරුවෙන් ජයග්‍රහණය කරා යයි!

ශ්‍රී ලංකාව අසීරුවෙන් ජයග්‍රහණය කරා යයි!

Asia Cup 2025

176
Asia Cup 2025

2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය ද ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (16) සමත් වුනා.

ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පැවැත්වුණ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් සමත් වූ අතර තරගයේ පළමුව පන්දු යැවීමට ඔහු තීරණය කළා.

පෙර තරගයේ දී කණ්ඩායමට ඇතුළත් නොවූ මහීෂ් තීක්ෂණ මෙවර කණ්ඩායමට එක් වී ඇති අතර, මතීෂ පතිරණ මෙවර කණ්ඩායමෙන් පිටතට ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහට දීමට පිටියට පිවිසි හොංකො කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගය ආරම්භයේ පටන්ම හොංකොං ක්‍රීඩකයින් ඉතා හොඳින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ව පාලනය කරමින් ලකුණු කරා යාමට සමත් වීම විශේෂත්වයක්.

මෙහි දී හොංකොං ඉනිමේ ඉහළම ලකුණු ලාභියා ලෙස Nizakat Khan නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ද සමඟයි. මීට අමතරව Anshy Rath විසින් ඉවසිලිමත් ලකුණු 48ක් ලබා ගනිමින් හොංකොං ඉනිමට අවශ්‍ය අඩිතාලම සකසා දුන්නා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් පන්දුවෙන් සාර්ථක වූ දුශ්මන්ත චමීර ලකුණු 29කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර, වනිඳු හසරංග සහ දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මහීෂ් තීක්ෂණ කඩුලු ලබා ගැනීමට සමත් නොවුනත් සිය පන්දුවාර 4 තුළ ලකුණු 22ක් පමණක් ලබා දෙමින් සාර්ථක පන්දු යැවීමක නිරත වීමත් විශේෂත්වයක්.

හොංකොං කණ්ඩායමෙන් ලද ලකුණු 150ක ඉලක්කය හඹා යාම සඳහා සුපුරුදු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් මෙවර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක් එක් කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 11කට සීමා වූ අතර, ඉන් පසුව පිටියට පිවිසි කමිල් මිශාර ලකුණු 19ක් ලබා ගනිමින් පැතුම් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එක් කිරීමට සමත් වුනා.

කමිල් පිටියෙන් ඉවත් වීමෙන් අනතුරුව කුසල් පෙරේරා පිටියට පිවිසුණු අතර, කුසල් සහ පැතුම් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල ලෙස මෙතෙක් වේලා ඉනිමේ නැංගුරම වෙමින් විශිෂ්ට පිතිකරණයක යෙදුණු පැතුම් නිස්සංක ලකුණු 68කට දැවී ගියා. පන්දු 44ක් තුළ වාර්තා වූ පැතුම්ගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 2කින් වර්ණවත් වුනා.

පැතුම්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම දරුණු බිඳ වැටීමකට ලක් වූ අතර, කඩුලු 2කට ලකුණු 119ක් ලබ සිටි ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් වරම කඩුලු 6කට ලකුණු 127ක් ලෙස දිස් වුනා.

කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ දසුන් ශානක සහ වනිඳු හසරංග විසින් ඉක්මන් ලකුණු 26ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

මෙහි දී වනිඳුගේ පිත්තෙන් ඉක්මන් ලකුණු 20ක් වාර්තා වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම:

 

Pathum Nissanka, Kusal Mendis(w), Kamil Mishara, Kusal Perera, Charith Asalanka(c), Kamindu Mendis, Dasun Shanaka, Wanindu Hasaranga, Maheesh Theekshana, Dushmantha Chameera, Nuwan Thushara

 

හොංකොං කණ්ඩායම:

 

Zeeshan Ali(w), Anshuman Rath, Babar Hayat, Nizakat Khan, Shahid Wasif, Kinchit Shah, Yasim Murtaza(c), Aizaz Khan, Ayush Shukla, Ehsan Khan, Ateeq Iqbal

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලියේ B කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ද සමත් වුනා.

ශ්‍රී ලංකාවේ මීළඟ තරගය එළඹෙන 18 වැනි දා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

Result
Hong Kong
149/4 (20)
Sri Lanka
153/6 (18.5)
Batsmen R B 4s 6s SR
Zeeshan Ali c Kusal Mendis b Dushmantha Chameera 23 17 2 0 135.29
Anshy Rath c Kamindu Mendis b Dushmantha Chameera 48 46 4 0 104.35
Babar Hayat st Kusal Mendis b Wanindu Hasaranga 4 10 0 0 40.00
Nizakat Khan not out 52 38 4 2 136.84
Yasim Murtaza c Dushmantha Chameera b Dasun Shanaka 5 4 1 0 125.00
Aizaz Khan not out 4 6 0 0 66.67
Extras 13 (b 1 , lb 7 , nb 1, w 4, pen 0)
Total 149/4 (20 Overs, RR: 7.45)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 36 0 9.00
Dushmantha Chameera 4 0 29 2 7.25
Maheesh Theekshana 4 0 22 0 5.50
Wanindu Hasaranga 4 0 27 1 6.75
Charith Asalanka 3 0 22 0 7.33
Dasun Shanaka 1 0 5 1 5.00

Batsmen R B 4s 6s SR
Pathum Nissanka run out (Yasim Murtaza) 68 44 6 2 154.55
Kusal Mendis c Anshuman Rath b Ayush Shukla 11 14 2 0 78.57
Kamil Mishara  c Babar Hayat b Aizaz Khan 19 18 1 1 105.56
Kusal Perera lbw b Yasim Murtaza 20 16 1 1 125.00
Dasun Shanaka not out 6 3 1 0 200.00
Charith Asalanka c Ayush Shukla b Ehsan Khan 2 5 0 0 40.00
Kamindu Mendis c Babar Hayat b Yasim Murtaza 5 5 0 0 100.00
Wanindu Hasaranga not out 20 9 2 1 222.22
Extras 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0)
Total 153/6 (18.5 Overs, RR: 8.12)
Bowling O M R W Econ
Yasim Murtaza 4 0 37 2 9.25
Ayush Shukla 3 0 30 1 10.00
Ateeq Iqbal 2.5 0 18 0 7.20
Ehsan Khan 4 0 25 1 6.25
Kinchit Shah 2 0 15 0 7.50
Aizaz Khan 3 0 27 1 9.00

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<