2016/17 ඩයලොග් රග්බි ලීග් ශූරතාවලියේ එළඹෙන තරඟ වාරයේදී සියළු දෙනාම විශ්මයට පත්කරමින් ගුවන් හමුදා ක්‍රීඩකයෝ ශූරතා ලකුණු සටහනේ ප්‍රථම හතර දෙනා දක්වා පැමිණීමේ දැඩි අධිෂ්ඨානයකින් මෙවර තරග කරනු ලැබේ.

පසුගිය ලිපි: 2013 නැවත ලියන්නට සැරසෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය

ගුවන් හමුදා කණ්ඩායම වර්ෂ 1961දී “B” කාණ්ඩයේ සිට පොලිස්, යුධ හමුදා සහ නාවික හමුදා කණ්ඩායම් කැටුව “A” කාණ්ඩය තුළ ක්‍රීඩා කිරීමේ වරම් ලබා ගත්තේය. එතැන් සිට ගුවන් හමුදා කණ්ඩායම අන්තර් සමාජ රග්බි පිටියේ ඉහලම කාණ්ඩය තුළ ක්‍රීඩා කරමින් ශ්‍රී  ලංකා වර්ණ පවා අත්පත් කර ගත් අනර්ඝ ක්‍රීඩකයන් බිහි කිරීමට සමත්ව ඇත. 80 දශකයේදී ක්‍රීඩාවේ ඉහලටම පැමිණෙමින් තම ප්‍රථම ක්ලිෆඩ් කුසලාන ජයග්‍රහණය වාර්තා කළ ගුවන් හමුදා ක්‍රීඩකයින්, යම් හේතුවක් නිසා හෝ එදා සිට නැවත එවන් වික්‍රමයක් කිරීමට සමත් වී නොමැත.

ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ තොරතුරු ගොනුව සඳහා පිවිසෙන්න

මෑත කාලීන දක්ෂතා.

අවසන් තරඟ වාරයේදී කණගාටුදායක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ගුවන් හමුදා කණ්ඩායම, තරඟාවලිය නිමා කළේ CH & FC කණ්ඩායමට වඩා ඉදිරියට පැමිණෙමින් හත්වන ස්ථානයෙනි. කෙසේ වෙතත් එය තමන්ට හොඳ අත්දැකීමක් බවට පත්කර ගනිමින් ගුවන් හමුදා කණ්ඩායම ලීග් තරඟාවලිය අවසානයේදී ඉතා හොඳ දියුණුවක් ලබා ගැනීමට සමත් විය. 2016 ආරක්ෂක සේවා රග්බි තරඟාවලියේදී එය මනාවට ඔප්පු කරමින් ඔවුන් අවසන් තරඟයේදී 38-18ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය ලැබූ අතර එම දක්ෂතාවයන් මෙවර ඩයලොග් ලීග් තරඟාවලියේදී විදහා දැක්වීමට ඔවුන් සැදීපැහැදී සිටියි.

ගුවන් හමුදා සංචිතය.

ගයාන් ඉද්දමල්ගොඩ විසින් රත්මලාන තම නිජබිම කර ගත් ගුවන් හමුදා කණ්ඩායමට නායකත්වය සපයන අතර පිටියේ ‘ස්ක්‍රම් හාෆ්’ හෝ ‘ෆ්ලයි හාෆ්’ යන ස්ථානයන්වලදී කණ්ඩායමට අවශ්‍ය පරිදී මෙහෙවර ඉටුකිරීමට ඔහුට හැකිය. ඔහු පිටියේ කුමන ස්ථානයක ක්‍රීඩා කළත් මුළු කණ්ඩායමම ඔහුගේ මෙහෙයවීම යටතේ ක්‍රීඩා කරනු ඇත.

ගුවන් හමුදා කණ්ඩායමේ දිගුකාලීන ‘සෙන්ටර්’ ක්‍රීඩකයා වන චරිත් සෙනවිරත්න මෙවර තරඟාවලියේ වෙනසක් කිරීමට බලාපොරොත්තු වන ගුවන් නැවියන් හා තම අත්දැකීම් බෙදාහදා ගැනීමට මඟ බලා සිටියි.

ගුවන් හමුදා කණ්ඩායමට ඇති ප්‍රමුඛ වාසිය නම් පෙර වසරේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වැඩිම සංඛ්‍යාවක් මෙවර ද කණ්ඩායම තුළ රඳවා ගැනීමට ඔවුන් සමත් වීමයි. එය පැවැත්වීමට නියමිත තරඟ තුළදී කැපී පෙනෙන වාසියක් වනු ඇත. පුහුණුකරු ලෙනාඩ් ද සිල්වා පවසන පරිදී ඔවුන් මේ වසරේදී වේගවත් ක්‍රීඩා රටාවක් අනුගමනය කරමින් දැවැන්ත කණ්ඩායම් වලට අභියෝග කිරීමට සමත්වනු ඇති බවයි.

තරුණ ජවය.

ගුවන් හමුදා කණ්ඩායමේ සිදුව ඇති කැපී පෙනෙන වෙනස්කම වන්නේ හිටපු රාජකීය විද්‍යාලීය ‘ස්ක්‍රම් හාෆ්’ ක්‍රීඩක අශෝක් විජේකුමාර්ගේ ආගමනය වන අතර ඔහු මෙවර අන්තර් සමාජ රග්බි වරම් දිනා ගැනීමට සමත් වී ඇත. රාජකීයයන් වෙනුවෙන් දක්ෂ ලෙස සිය අත්දැකීම් ප්‍රදර්ශනය කළ අශෝක්, ‘ස්ක්‍රම් හාෆ්’ ස්ථානයේ  සිට තම පන්දුව හැසිරවීමේ දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කරමින්, එදිරිවාදීන් පරාජය කර දමන රාජකීයන්ගේ නොනවතින ක්‍රීඩා රැල්ලට ප්‍රධානත්වය දෙමින් කටයුතු කළේය.

Dialog Rugby League Hub

තිරය පසුපස බල ඇණිය.

ලෙනාඩ් ද සිල්වා ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරමින් ඉකුත් තරඟාවලියේ අවසානයේදී ඔවුන් අත්පත් කර ගත් විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔවුනට සහය දක්වනු ඇත. සෞම්‍ය සිල්වා ඔවුන්ගේ සහය පුහුණුකරුය.

ක්‍රීඩකයන් බොහොමයකගේ ක්‍රීඩාවේ දියුණුව ඇති කර ගනිමින් 2016/17 තරඟ වාරයේදී ප්‍රථම හතරදෙනා අතරට පැමිණීම ගුවන් හමුදා කණ්ඩායමේ ඉලක්කයයි. රග්බි ක්‍රීඩාවේ දැවැන්තයින් කිහිප දෙනෙකු පරයා යෑමේ හැකියාව ඔවුනට ඇති බැවින් ඔවුන් එය සපුරා ගන්නට සමත් වුවහොත් එය ඔවුන් විසින් ජය ගන්නා දැවැන්ත අභියෝගයක් වනු ඇත.

2016/17 සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2138394″]