තායිලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

1
AFC Asian Cup 2027

2027 AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග අතුරින් තවත් තරගයක් ඊයේ (18) ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ක්‍රියාත්මක වුනා.

මෙම තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වී තිබූ අතර, මෙහි දී තරගයේ සම්පූර්ණ වාසිය තමන් සතු කර ගැනීමට තායිලන්තය විසින් සමත් වුනා.

ශ්‍රී ලංකා නිත්‍ය නායක සුජාන් පෙරේරා අසනීප තත්වයක් හේතුවෙන් මෙම තරගයට සහභාගී නොවූ අතර, කවීශ් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කළා.

තරගයේ පළමු අර්ධයේ දී Thanawat Suengchitthawon විසින් ලබා ගත් ගෝලයත් සමඟ තායිලන්තය විසින් ගෝල ලබා ගැනීම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාව ද ඊට පිළිතුරු ලබා දීමට උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ ශ්‍රී ලංකාවට නැවත හිස එසවීමට දශමයක හෝ අවස්ථාවක් ලබා නොදුන් තායිලන්තය විසින් තවත් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

මේ අනුව මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව අබිබවා යමින් පැහැදිලි ඉදිරියක් ලබා ගැනීමට තායිලන්තය මේ වන විට සමත් වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>