ශ්‍රී ලංකා යෞවනයෝ ලකුණු 289ක් පිටුපසින්

India Under-19s tour of Sri Lanka

5
Cricket

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  පැවැත්වෙන 2 වැනි සිව් දින යොවුන් ටෙස්ට් තරගයේ 2 වැනි දිනය අවසාන වෙද්දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා සිටියා.

ඒ ඉන්දීය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 411කට පිළිතුරු ලෙසයි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් දිමන්ත මහවිතාන සහ අවීශ සමාශ් එක් ව පන්දු 39ක දී ලකුණු 35ක් ලබා ගත්ත ද එතැන් සිට පිටියට පිවිසි පිතිකරුවන් 5 දෙනෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට දැවී යෑම හේතුවෙන් දිනය අවසන් වෙද්දී දැක්වුණේ දුර්වල ලකුණු පුවරුවක්.

අවීශ සමාශ් (9), සෙනුජ වැකුණගොඩ (5) නායක විමත් දින්සර (8), කවිජ ගමගේ (7) සහ ජේසන් ප්‍රනාන්දු (0) ඒ අතර වූවා.

කෙසේ වෙතත් විරාන් චමුදිත සහ දුල්නිත් සිගේරා වෙහෙසකර ඉනිමක නිරත වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තරමක් ශක්තිමත් කළා. එහි දී විරාන් චමුදිත පන්දු 35කට මුහුණ දෙමින් ලකුණු 21ක් ද සහ දුල්නිත් සිගේරා පන්දු 37කට මුහුණ දෙමින් ලකුණු 31ක් ද ලබා ගත්තා.

දිනය අවසන් වෙද්දී සෙත්මික සෙනෙවිරත්න (නොදැවී 4)ක් සහ ගිම්හාන් මෙන්ඩිස් (නොදැවී 4)ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Rohit Yadav පන්දු වාර 3ක් පමණක් යවමින් ලකුණු 4කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Chigurapati Venkata සහ Pranav Raghavendra කඩුලු ද්විත්වය බැගින් ද සහ J Hemachudesan සහ Kavya Patel කඩුල්ල බැගින් ද දවා ගත්තා.

 තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 411 (105.2) Kushagra Ojha 111, Yashbardhan Chauhan 78, Manal Chauhan 150, Chigurapati Venkata 25, සෙත්මික සෙනෙවිරත්න 2/90, ගිම්හාන් මෙන්ඩිස් 3/102, දුල්නිත් සිගේරා 2/69, විග්නේශ්වරන් ආකාශ් 2/50
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 122 (40.0) දිමන්ත මහවිතාන 24, විරාන් චමුදිත 21, දුල්නිත් සිගේරා 31, Pranav Raghavendra 2/28, Chigurapati Venkata 2/23

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 289ක් පිටුපසින්.

මෙම තරගය හෙට (22) 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<