10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් ඊයේ (12) අවසන් වූ අතර එහි දී ඉතාලි කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලත් මංගල ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා.
මෙම තරගයේ ප්‍රතිවාදීන් වූ නේපාල ක්‍රීඩකයන්ට එරෙහි ව කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ඔවුන් ලබා ගන්නා ලද අතර එහි දී Mosca සහෝදරයන්ගේ පිතිහරඹයත් සහ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිශාන් කලුගමගේ ගේ පන්දු යැවීමත් කැපී පෙණුනා.
මේ අතර තරගාවලියේ පැවැති 16 වැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානයට එරෙහි ව ලකුණු 105ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ 2 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට සමත් වූවා.
>>වාර්තා රැසක් සමඟ ශ්‍රී ලංකාව ඕමානයට රිදෙන්න පහර දෙයි!<<
17 වැනි තරගය (දිවා/රාත්‍රී), Group B, නේපාලය සහ ඉතාලිය අතර
Mumbai හි Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉතාලි නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාල ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 123ක් පමණයි.
ඊට පිළිතුරු ඉනිමේ දී ඉතාලි ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී තවත් පන්දු 44ක් ද ඉතිරි කරගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් නේපාල ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු පන්දුවාර 6 අවසන් වෙන්නේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 45ක් ලබා ගනිමින්. එමෙන් ම ඔවුන් තම ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 46ක් තුළ රැස් කර ගැනීමටත් සමත් වෙනවා.
නමුත් එම ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 30කට සීමා වීමත් සමඟින් ඔවුන්ගේ ඉරණම වෙනස් වෙනවා.
එහි දී ප්‍රබල මෙහෙවරක නිරත වෙන්නේ වමතින් පා දඟ පන්දු යැවූ ක්‍රිශාන් කලුගමගේ සහ දකුණතින් පිට දඟ පන්දු යැවූ Ben Manenti. ඔවුන් අතුරින් ක්‍රිශාන් කලුගමගේ තම පන්දුවාර 4 ලකුණු 18කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගන්නවා. එය ඉතාලි ලෝක කුසලාන තරග ඉතිහාසයට එක් වූ හොඳම පන්දු යැවීමයි.
Ben Manenti තම පන්දුවාර 4 ලකුණු 9කට සීමා කරමින් කඩුලු 2ක් දවාගත් අතර ඊට අමතර ව Jaspreet Singh, JJ Smuts සහ Ali Hasan කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
එලෙසින් අවසන් වූ නේපාල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Aarif Sheikh. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා. ඉන් නොනැවතුණ ඔහු Dipendra Singh Airee (17) සමඟ එක් වෙමින් සිව් වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 44ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ඔවුන්ට අමතර ව නායක Rohit Paudel පන්දු 14කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද සහ Aasif Sheikh පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගන්නවා.
පිළිතුරු ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ Justin Mosca සහ Anthony Mosca නේපාල පන්දු යවන්නක් තඹේකට මායිම් නොකරමින් ප්‍රතිවාදී ඉලක්කය පහසුවෙන් හඹා යනවා. එහි දී වැඩිමල් සහෝදර Anthony Mosca පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ද සහ බාල සොයුරු Justin Mosca පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 76ක දී රැස් කරන ලද මෙම ලකුණු 124 ඉතාලි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සඳහා එක් වූ හොඳම ලකුණු සබඳතාව බවට ද පත් වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- නේපාලය – සියලුම දෙනා දැවී 123 (19.3) Aasif Sheikh 20, Rohit Paudel 23, Aarif Sheikh 27, Ben Manenti 2/09, ක්‍රිශාන් කලුගමගේ 3/18
- ඉතාලිය – කිසිවෙක් නොදැවී 124 (12.4) Justin Mosca නොදැවී 60, Anthony Mosca නොදැවී 62
ඉතාලි කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
තරගයේ වීරයා – ක්‍රිෂාන් කලුගමගේ (ඉතාලිය)
- පා දඟ පන්දුවෙන් ඉතාලිය දිනවන ශ්‍රී ලාංකිකයා ‘ක්‍රිශාන් කලුගමගේ’
- Run Out එකක් කළ හදියක්
- නවසීලන්තයට කඩුලු 10ක ජයක්
- ආසියානු කාන්තා නැගී එන කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- පාකිස්තානයට සහ ඉන්දියාවට වෘත්තීය නිපුණතාව වාසියට හිටී
18 වැනි තරගය (රාත්‍රී), Group A, ඉන්දීයාව සහ නැමීබියාව අතර
Delhi හී Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නැමීබියා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නැමීබියා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 116ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුයේ ආරම්භක පිතිකරු Ishan Kishan. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.
ඊට අමතර ව Hardik Pandya ද පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන Gerhard Erasmus ලකුණු 20කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීමයි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නැමීබියා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවක් එක් වූව ද පසු පෙළ ක්‍රීඩකයන්ගේ අසාර්ථක මෙහෙයුම හේතුවෙන් ඉනිමේ තවත් පන්දු 10ක් ඉතිරි ව තිබිය දී තරගය ඉන්දීයානුවන්ට ජයග්‍රහණය හිමි වෙමින් අවසන් වෙනවා.
නැමීබියා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ Louren Steenkamp පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ Jan Frylinck පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Varun Chakravarthy ලකුණු 7කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Axar Patel සහ Hardik Pandya කඩුලු ද්විත්වයක් බැගින් ද, Shivam Dube, Jasprit Bumrah සහ Arshdeep Singh කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දියාව – කඩුලු 9ක් දැවී 209 (20.0) Ishan Kishan 61, Sanju Samson 22, Tilak Varma 25, Hardik Pandya 52, Shivam Dube 23, Gerhard Erasmus 4/20
- නැමීබියාව – සියලුම දෙනා දැවී 116 (18.2) Louren Steenkamp 29, Jan Frylinck 22, Hardik Pandya 2/21, Varun Chakravarthy 3/07, Axar Patel 2/20
ඉන්දීය කණ්ඩායමට ලකුණු 93ක ජයක්.
තරගයේ වීරයා – Hardik Pandya (ඉන්දියාව)
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















