ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවැති තරගවල දී අදේශ් අල්මේදා, උෂාන් ආදිත්‍ය සහ දුල්සිත් දර්ශන ශතක වාර්තා කිරීමට සමත් වුණා.
එහි දී දිනයේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමේ ගෞරවය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අදේශ් අලේමේදා සතු කර ගත්තා. ඔහු කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහි ව පන්දු 208කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 143ක් ලබා ගත්තා.
ඊට අමතර ව ගාල්ල මහින්ද විද්‍යාලයේ දුල්සිත් දර්ශන මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහි ව පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 122ක් ලබා ගත්තා.
කඳාන ද මැසිනෝද් විද්‍යාලයේ ආරම්භක පිතිකරු උෂාන් ආදිත්‍ය ශතක සමාජයට එක් වෙන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාලය සමඟ තරගයේදීයි. ඔහු පෙර දින තරගය නතර කරන විට නොදැවී ලකුණු 58ක් ලබා සිටි අතර අද ඔහු එම ඉනිම ලකුණු 110ක් දක්වා රැගෙන ගියා. පන්දු 200කින් සමන්විත වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහරක් ඇතුලත් ව තිබුණා.
මේ අතර මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු පන්දු යැවීමේ දී ලකුණු 35කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ යොහාන් සේනානායක (56), මලියදේව විද්‍යාලයේ තිවංක පබසර (51) සහ චන්දූප අබේසිංහ (නොදැවී 62), මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ සදෙව් අමරකෝන් (59) සහ කෞෂික කුමාරසිංහ (73), කොළඹ රාජකීය විද්‍යාලයේ හිරුන් ලියනාරච්චි (61) සහ රෙහාන් පීරිස් (81), ගාල්ල මහින්ද විද්‍යාලයේ සෙහස් ආශිංස (87) සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සශිත් බණ්ඩාර (70) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වමතින් දඟ පන්දු යැවූ සන්විදු දිසානායක. ඔහු බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව ලකුණු 40කට කඩුලු 6ක් දවා ගත්තා.
මේ අතර මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයේ නුශාන් පෙරේරා, විශ්ව පීරිස් සහ ඩේමියන් ද සිල්වා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහි ව ඉනිම ද්විත්වයේ දී කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර ඊට අමතර ව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ සදීශ සිල්වා (5/53) සහ කැළණිය ගුරුකුල විද්‍යාලයේ ඔහස් සදෙව් (5/144) පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූවා.
අද නිමා වූ තරගවල දී මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 51ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර අනෙකුත් තරග අවසන් වූයේ විසඳුමකින් තොරවයි.
- ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි
- දිමත්, ජවිඳු, සෙනුජ සහ හිරුන් ශතක ලබා ගනි
- සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
අද අවසන් වූ තරගවල කෙටි ලකුණු සටහන්
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 312 (80.0)සහස් ඉඳුවර 39, ජවිඳු මදුසංක 106, ජනිත් මිහිරංග 85, මලින්ත සිල්වා 5/129, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/83
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 299 (79.2)මෙශෝන් ෆ්‍රර්ඩිනැන්ඩෝ 30, අදේශ් අල්මේදා 143, ලශේන් ප්‍රනාන්දු 26, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 37, ශෙෆාන් ප්‍රනාන්දු 43, ඔහස් සදෙව් 5/114, සහස් ඉඳුවර 3/66
- ගුරුකුල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 63 (28.0) ජනිත් මිහිරංග නොදැවී 17, මලින්ත සිල්වා 3/32, ශෙනාශ් හශේන් 2/20
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ගුරුකුල විද්‍යාලයට)
මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයීය පිටියේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
- සාන්ත ජෝශප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 313 (76.2)අවීශ සමාෂ් 59, සෙනුජ වකුණුගොඩ 106, චමත් පෙරේරා 30, දිල්ප මදුරංග 53, මෙවන් දිසානායක 5/22, විහඟ රත්නායක 2/41
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (55.3)මිහිල ජයවීර 33, විහඟ රත්නායක 73, යොහාන් එදිරිසිංහ 20, නුශාන් පෙරේරා 5/66, විශ්ව පීරිස් 3/32, නිර්වාන් ජයතිලක 2/52
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 65 (24.2) සිතුම් හසරංග 19, විශ්ව පීරිස් 5/32, ඩිමෝන් ද සිල්වා 5/24
සාන්ත ජෝශප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 51ක ජයක්.
කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – ද මැසිනෝද් විද්‍යාලය
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 (68.1)තිවංක පබසර 40, පැහැසර බණ්ඩාර 92, දිමත් අබේසිංහ 126, දුශාන් සයුරංග නොදැවී 61, ශරිත් සුදීන 3/81, කවීන් නෙත්මිණ 4/79, අවිශ්ක සඳරුවන් 2/73
- ද මැසිනෝද් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (75.4)උෂාන් ආදිත්‍ය 110, ශනෝන් ද සිල්වා 28, ශරිත් සුදීන 40, බිනාල් මෙන්ඩිස් 27, සිනෙත් ඉඳුවර 27, නිෂුද සොම්නස් 3/64, තවීෂ බාලසූරිය 3/69, දිමත් අබේසිංහ 2/61
- මලියදේව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 169 (41.0)තිවංක පබසර 51, රජිත් නවෝද්‍ය 25, චන්දූප අබේසිංහ නොදැවී 62, සවිනු චන්තුල 2/34
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මලියදේව විද්‍යාලයට)
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (74.4) හිරුන් ලියනාරච්චි 100, රෙහාන් පීරිස් 21, විමත් දින්සර 33, හිමරු ද සිල්වා 58, දසුන් වැලිඅංග 2/39, රයන් ග්‍රෙගරි 2/77, ප්‍රවීන් ගමගේ 3/41, සිසල් හේමක 2/15
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (78.5) සනුක කල්පන 42, සදෙව් අමරකෝන් 59, කෞෂික කුමාරසිංහ 73, රමිරු පෙරේරා 3/87, හිමරු ද සිල්වා 4/58, මහිරු කොඩිතුවක්කු 2/42
- රාජකීය විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 197 (33.0) හිරුන් ලියනාරච්චි 61, රෙහාන් පීරිස් 81, විමත් දින්සර නොදැවී 29
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත අන්තෝනි විද්‍යාලයට)
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී. (Traditional)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 318 (78.1)තෙවිඳු රශ්මික 37, දුල්සිත් දර්ශන 44, රන්දුල මාබරණ 62, සෙහස් ආශිංස 87, අරෝෂ උදයංග 25, සශිත් බණ්ඩාර 4/65, ඔනිත විතානගේ 2/79
- ධර්මරාජවිද්‍යාලය- පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (53.2) කාශ්‍යප දිසානායක 28, සශිත් බණ්ඩාර 70, මංදිල් ගුණවර්ධන 34, මානිත රාජපක්ෂ 3/47, තියෝන් හේලික 2/16, සෙහස් ආශිංස 2/28
- මහින්ද විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 204 (31.0) දුල්සිත් දර්ශන 122, මානිත රාජපක්ෂ නොදැවී 26, කාශ්‍යප දිසානායක 2/30
තරගයේ විසඳුමක් නෑ.
අද (03) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්
කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දි. (Tier A)
කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 154 (45.4)සවි ප්‍රනාන්දු 38, හිරුක සිල්වා 20, ශවිඳු සිල්වා 28, සන්විඳු දිසානායක 6/40
- තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 167 (40.0)යොහාන් සේනානායක 56, තනුග පලිහවඩන නොදැවී 25, සදීශ සිල්වා 5/53
තර්ස්ටන් විද්‍යාලය ලකුණු 13ක් ඉදිරියෙන්.
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
- මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 114 (44.0)හෂ්මික නෙත්ශාන් 21, විරාන් චමුදිත 5/35, සමිරු ගිම්හාන් 2/31, ප්‍රවීන් මදුසංක 2/04
- සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 164 (30.3)විරාන් චමුදිත 90, චමෝද් මිහරංග නොදැවී 23, සවිඳු සත්සර 3/61, කෙවින් කඩිගමුව 4/34, කොමින් විජේතුංග 2/17
සාන්ත සර්වේශස් විද්‍යාලය ලකුණු 50ක් ඉදිරියෙන්.
අද ආරම්භ වූ මෙම තරග ද්විත්වය හෙට (04) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















