ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12ක්!

World Indoor Athletics Championship 2025

513
World Indoor Athletics Championship 2025

චීනයේ Nanjing හිදී පැවැත්වීමට නියමිත ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා උලෙළ වෙනුවෙන් සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දොළොස් දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

හෙට (21) දිනයෙන් ආරම්භ වී, එළඹෙන ඉරිදා (23) දිනය තෙක් ක්‍රියාත්මක වීමට නියමිත මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි මීටර් 60, පිරිමි මීටර් 60 කඩුලු මතින් දිවීම, පිරිමි මීටර් 400, කාන්තා සහ පිරිමි මීටර් 400×4 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

මෙම වසරේ මලල ක්‍රීඩා ඉසව් අතරින් පළමු ලෝක මට්ටමේ ප්‍රධාන තරගාවලිය ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම තරගාවලිය ශ්‍රී ලාංකික ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට වටිනා අඩිතාලමක් වනු ඇති.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම:

  • චමෝද් යෝධසිංහ (පිරිමි මීටර් 60)
  • නදුන් බණ්ඩාර (පිරිමි මීටර් 60 කඩුලු මතින් දිවීම)
  • කාලිංග කුමාරගේ (පිරිමි මීටර් 400, පිරිමි මීටර් 400×4)
  • සදෙව් රාජකරුණා (පිරිමි මීටර් 400×4)
  • ඔමෙල් සිල්වා (පිරිමි මීටර් 400×4)
  • රන්දිම මදුශාන් (පිරිමි මීටර් 400×4)
  • P.ඉසුරු ලක්ෂාන් (පිරිමි මීටර් 400×4)
  • නදීශා රාමනායක (කාන්තා මීටර් 400×4)
  • සයුරි මෙන්ඩිස් (කාන්තා මීටර් 400×4)
  • නිශේන්ද්‍රා ප්‍රනාන්දු (කාන්තා මීටර් 400×4)
  • ජයේශි උත්තරා (කාන්තා මීටර් 400×4)
  • ජිත්මා විජේතුංග (කාන්තා මීටර් 400×4)

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>