ලෝක කුසලානය දිනන්න ශ්‍රී ලංකාව ආදර්ශයට ගන්නවා – මාක්‍රම්

2105
(Photo by Oli SCARFF / AFP)

2019 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ තරගය ලෙස ශ්‍රී ලංකා එංගලන්තය තරගය සැලකිය හැක. ලෝක කුසලානයට සත්කාරකත්වය දරන එංගලන්තය මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස ඇතමෙක් හැඳින්වූ අතර ශ්‍රී ලංකාව තරගාවලියට පිවිසෙන්නේ අවම බලාපොරොත්තු සහිත කණ්ඩායමක් ලෙසයි. කෙසේ වෙතත් තරගාවලිය උඩු යටිකුරු කරමින් ප්‍රබල එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව පසුගිය දා (21) සමත් විය.

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (21) තරගයේ දී ජේත්තුකාර……..

දකුණු අප්‍රිකාව ද ප්‍රබල කණ්ඩායමක් ලෙස ලෝක කුසලානයට පිවිසි නමුත් ඔවුන්ගේ ආරම්භය එතරම් සාර්ථක එකක් නොවිනි. මේ දක්වා තරග 6කට මුහුණ දී ඇති දකුණු අප්‍රිකාව ඒ අතරින් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකාවේ එයිඩන් මාක්‍රම් පවසා සිටියේ තමන් එම තරගය ආදර්ශයට ගනිමින් ඉදිරි තරගවලට ක්‍රීඩා කරන බවයි.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ මීළඟ තරගය සඳහා පාකිස්තානය සමඟින් අද (23) තරග වැදීමට නියමිතයි. මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ඉතිරි තරග තුනම ජයග්‍රහණය කල යුතු වටපිටාවක් සෑදී ඇත.

“ඒක ගොඩක් ලොකු ආදර්ශයක්” මාක්‍රම් පවසා සිටියා.

“ශ්‍රී ලංකාව වගේ දක්ෂ ක්‍රීඩකයන් ඉන්න කණ්ඩායමක් අපි වගේම දක්ෂතාවලින් යම් පසුබෑමකට ලක්වෙලා ඉඳලා එංගලන්තය වගේ කණ්ඩායමක් පරාජය කිරීම ඇත්තෙන්ම විශිෂ්ට දෙයක්.”

ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු ශාපය

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේදී දැක්වූ අසාර්ථකත්වය බොහෝදෙනාගේ අවධානයට යොමු විය. මුල් තරග 3ම පරාජය……..

ශ්‍රී ලංකා එංගලන්ත තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 233ක් පමණක් වුනත් ප්‍රබල එංගලන්ත පිතිකරුවන් ලකුණු 212කට සීමා කිරීමට ලසිත් මාලිංග ඇතුළු පන්දු ‍යවන්නන් සමත් විය. ලසිත් මාලිංග එම තරගයේ දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

එයිඩන් මාක්‍රම් පවසා සිටියේ ඕනෑම කණ්ඩායමකට ඔවුන්ගේ දවසේ දී ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බවයි.

“ඒක ඉතාම හොඳ තරගයක්. ඒක ඔප්පු කළා ඕනෑම කණ්ඩායමකට ඒ දවස තමන්ගේ දවස කරගන්න පුළුවන් නම් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි අපේ කණ්ඩායම ගැන විශ්වාසය තියලා ක්‍රීඩා කරනවා. අපිට ඒක අපේ දවස කරගන්න පුළුවන් නම් ජයග්‍රහණය කරන්න පුළුවන් ”

මෙවර ලෝක කුසලානයේ දී ඕනෑම දෙයක් සිදු විය. හැකි බව පෙන්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ආදර්ශයට ගනිමින් ක්‍රීඩා කරන බව මාක්‍රම් තවදුරටත් පවසා සිටියා. දකුණු අප්‍රිකාවට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට නම් ඉදිරි තරග තුනම ජයග්‍රහණය කළ යුතුය. නමුත් ඔවුන් තරග තුනම ජයග්‍රහණය කළත් අනෙකුත් තරගවල ප්‍රතිඵල අනුව ඔවුන්ගේ ඉරණම වෙනස් විය හැක.

“අපිට ඉගෙන ගන්න දෙයක් තියනවා ඒ තරගයෙන්.” මාක්‍රම් පවසා සිටියා. එයිඩන් මාක්‍රම් ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග 4කට ක්‍රීඩා කර ඇති අතර ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 99ක් පමණි.

“අපිට අපි ගැන ගොඩක් බලන්න තියනවා. අපි මීළඟ තරග කොහොම හරි ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. අපි බලමු අපිට කොච්චර දුර යන්න පුළුවන් ද කියලා ”

අපේ කණ්ඩායම දවසෙන් දවස ඉදිරියට යනවා – ඇෆ්ගන් නායක

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – ඇෆ්ගනිස්තාන තරගය ඊයේ (22) සදම්ටන් හිදී පැවැත්වුණු අතර……..

තමන් මින් පෙර කිසිම අවස්ථාවක මෙතරම් දරුණු ලෙස පසුබෑමකට ලක්ව නැති බව මාක්‍රම් පිළිගෙන තිබේ. නමුත් ඔවුන්ට තවමත් ජයග්‍රහණය කළ හැකි බව ඔහුගේ විශ්වාසයයි.

“අපිට කිසිම වෙලාවක අපි තරගාවලියෙන් ඉවත් වුනා කියලා දැනුණේ නෑ. අපි කොහොම හරි ඉදිරියට යන එක ගැන සැලසුම් සකස් කරලා තියෙන්නේ. මීළඟ තරග ජයග්‍රහණය කරන එක ගොඩක් වැදගත්. තරගාවලියේ ඉදිරියට යන්න පුළුවන් උනොත් ඒක ගොඩක් වටිනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව.”

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<