කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ගාල්ලට පළමු ඉනිමේ ජයක්

ඊයේ තරගය ආරම්භ කරන විට පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 301ක් ලබාගෙන සිටියේ මලියදේව පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 168ක් ඉදිරියෙන් සිටිමිනි.
මලියදේව විද්‍යාල පළමු ඉනිම – 133 (44.4): සුපුන් සුමනරත්න 56, චලුක අතපත්තු 41, කුෂාන් මධූශ 5/32, විනුර දුල්සර 3/06.
මහින්ද විද්‍යාල පළමු ඉනිම – 324/9d (52): නිපුන් මාලිංග 91, හංසික වැලිහිඳ 56, විනුර දුල්සර 44, අශේන් කණ්ඩම්බි 36, විදත් බටපොල 3/44, බ්‍රයන් කරුණානායක 2/45.
මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 383 (84.2): චලුක අතපත්තු 111, නිසංජන හෙට්ටිආරච්චි 96, සුපුන් සුමනරත්න 61, විදත් බටපොල 32, කුෂාන් මදූශ 6/130, පසන් පෙතන්ගොඩ 2/70.
මහින්ද විද්‍යාල දෙවන ඉනිම – 38/2 (5):
සම්පූර්ණ වාර්තාව: මහින්ද – මලියදේව විද්‍යාලය කරට කර ගැටෙති
සුපේෂලගෙන් ශතකයක්

සැරසන්ස් කණ්ඩායම නියෝජනය කරන චාමිකර එදිරිසිංහ මෙම දක්ෂතාව දැක්වූයේ කොළඹ ක්‍රිකට් සමාජය හෙවත් සී. සී. සී. කණ්ඩායමට එරෙහිව ය. ඔහු ප්‍රතිවාදී කඩුලු 9ක් ලබා ගත්තේ පන්දුවාර 26ක් යවමින් නොඉඳුල් පන්දුවාරයක් සමඟින් ලකුණු 87ක් ලබා දෙමිනි.
මේ අතර එස්. එස්. සී. ක්‍රීඩක සම්මු අශාන් සහ රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් සුපේෂල ජයතිලක ද ඊයේ දවසේ දී ශතක ලබා ගැනීම කැපී පෙණුනි.
සම්පූර්ණ වාර්තාව: සැරසන්ස් චාමිකර කොළඹ ඉනිමේ කඩුලු 9ක් දවා ගනී
දෙවැනි අදියරේ ප්‍රථම ජය හැව්ලොක්ට

තරගය ආරම්භ කිරීමට මත්තෙන් කණ්ඩායම දෙකේම ක්‍රීඩකයෝ විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමින් පසුගිය දා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ CR&FC ක්‍රීඩක කෝකිල සම්මන්දපෙරුම හට සිය ගෞරවය පුද කිරීමට අමතක නොකළහ.
සම්පූර්ණ වාර්තාව: ප්‍රබල හැව්ලෝක් ප්‍රහාර හමුවේ යුධ සෙබලුන් අසරණ වේ





















