කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හමුවේ ඉසිපතන විද්‍යාලය කඩුලු 6ක පරාජයක් ලබාගත් ඊයේ (3) දිනය තුල පාසල් ක්‍රිකට් පිටියේ 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරග කිහිපයක්ම පැවැත්විය. ඊට අමතරව ඊයේ අවසන්වූ අනෙක් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකි විය.
සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 334/7d (72.3): නිෂිත අභිලාෂ් 129, ශනෙල් ප්‍රනාන්දු 87, ටශික පෙරේරා 51, ගිහාන් සේනානායක 33*, අශේන් ඩැනියල් 4/76.
සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 416/10 (101.1): දිලේෂ් පෙරේරා 87, දුනිත් වෙල්ලාලගේ 85, ජොහාන් ද සිල්වා 63, නිපුන් සුමනසිංහ 50, ශෙවෝන් රාසුල් 48, තරුෂ ප්‍රනාන්දු 5/94.
සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉනිම – 121/5 (27): නිෂිත අභිලාෂ් 37, මලින්ත පිරිස් 34*, තරුෂ ප්‍රනාන්දු 21, දුනිත් වෙල්ලාලගේ 2/36.
සම්පූර්ණ වාර්තාව: වත්තලින් කොළඹට ප්‍රහාරයක්; සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනීමේ ජයක්
එස්. එස්. සී. කෝල්ට්ස් ප්‍රබල සටනක

කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක නිමාව ළඟා වෙද්දී එස්. එස්. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩකයෝ ජයග්‍රහණය කුමන දිශාවකට දෝලනය වේ දැයි සැක සංකා සහිතව තරගයේ දෙවැනි දිනය ගෙවා දමද්දී හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ බදුරලියට එරෙහි ජයග්‍රහණයක් වෙනුවෙන් ඉනිම විවෘත කරන්නේ කුමන අවස්ථාවක දෝ යි කල්මරමින් සිටිති.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 267 (82.3) සංගීත් කුරේ 53, දිල්රුවන් පෙරේරා 45, ප්‍රියමාල් පෙරේරා 32, අවිශ්ක ප්‍රනාන්දු 32, විශාද් රන්දික 21, නිසල තාරක 20, කවිශ්ක අංජුල නොදැවී 37, සචිත්‍ර සේනානායක 3/70, කසුන් මධුශංක 2/53, අකාශ් සේනාරත්න 4/76
එස්. එස්. සී: පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (59.1) පළමු දිනය නිමා වන විට පන්දු වාර 5ක දි කිසිවෙක් නොදැවී 37 කෞෂාල් සිල්වා 43, සචිත්‍ර සේනානායක 27, චාමර කපුගෙදර 61, ආකාශ් සේනාරත්න 28, දිල්රුවන් පෙරේරා 3/55, ප්‍රභාත් ජයසූරිය 4/63, කවිශ්ක අංජුල 2/31
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවි 80 (35.0) සංගීත් කුරේ 23, ප්‍රියමාල් පෙරේරා නොදැවී 22, සචිත්‍ර සේනානායක 2/22, අක්තාබ් කාදර් 2/13
සම්පූර්ණ වාර්තාව: එස්. එස්. සී. නැවත තරගයට අවතීර්ණ වෙද්දී මේරියන්ස් සැක සංකා දුරු කර ගනියි














