බංගලාදේශ අභියෝගයෙන් ඔබ්බට ගොස් හතුරුසිංහ ලෝක කුසලානයට ඉව අල්ලයි

2299

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ප්‍රථම පුහුණු සැසි වාරය ඔහු නම් කළ 23 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් ද සමඟින් අද (28) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

එහි දී අදහස් දක්වමින් ඔහු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ සංචාරය පමණක් අභියෝගයක් ලෙස නොසලකන බවත්, සිය අභියෝගය ලෝක කුසලානය ජය ගැනීම බවත් පැවසීය. එමෙන්ම මාලිංගගේ කැප වීම සහ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් වන සංගක්කාර, මහේල සහ මුරලි වැනි ක්‍රීඩකයින් සමඟ වැඩ කිරීමට ඇති සිය කැමැත්ත පිළිබඳව ද අදහස් දක්වන ලදි.