අඛණ්ඩව 11වැනි වරටත් ඩයලොග් අාසිඅාටා සමාගමේ පූර්ණ සවිබල ගැන්වීමෙන් 2016 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළඹෙන ජුලි මාසයේ සිට අාරම්භ කිරීමට කටයුතු සංවිධානය කර අැත. ඒ පිළිබඳ පැවැත්වු මාධ්‍ය හමුවක් අද (29) කොළඹ ගලදාරි හෝටලයේ පැවති අතර සම්භාවනීය අමුත්තන්, මාධ්‍ය නිළදාරීන් සහ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්විනි.
එහිදි මාධ්‍ය හමුව අාරම්භ කරමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ජාතික සංවිධායක රොහාන් සෝමවංශ මහතා විසින් අාරාධිතයන් පිලිගනිමින් ප්‍රකාශ කර සිටියේ “සැබැවින්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩාවට සියවසක් සපිරෙන වකවානුවක 11වැනි වරටත් ඩයලොග් අායතනයේ 
තරගයේ ඡායාරූප අැල්බමයට පිවිසෙන්න
එහිදි තවදුරටත් අදහස් දක්වමින් එතුමන් ප්‍රකාශ කර සිටියේ ජාතික වොලිබෝලයට වසර 100ක් සපිරීමටත් සමඟාමීව සිදුවන මෙම තරගාවලිය අවසානයේදි විශේෂිත ප්‍රතිමාවක් සහ මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු සූදානම් කරන බවත් සහ තවත් විශේෂිත කටයුතු කිහිපයක් ඩයලොග් අාසිඅාටා අායතනයේත්, වොලිබෝල් සම්මේලනයේත් සහය අැතිව සංවිධානය කිරීමට කටයුතු සූදානම් කර අැති බවයි.
“මම හිතනවා මෙම තරගය ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට සමත් වන තරගාවලියක් වේවියැයි කියලා. එ් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වයස අවුරුදු 22න් පහළ අංශය යටතේ පවත්වන තරගාවලිය සුවිශේෂී ස්ථානයක් වන අතර එය ජාතික තලයට ක්‍රීඩකයින් බිහිකිරීමට මහඟු පිටිවහලක් වනු අැතැයි” හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්තාවට ඩයලොග් අාසිඅාටා අායතනය නියෝජනය කරමින් පැමිණි වෙළඳ සහ මාධ්‍ය සාමාණ්‍යාධීකාරී හර්ෂ සමරනායක මහතා ප්‍රකාශ කර සිටියේ “අැත්තටම අඛණ්ඩව 11වැනි වරටත් මෙම තරගාවලියට සවිය, බලය ලබා දීමට ඩයලෝග් අායතනයට අවස්තාව ලබා දීම සම්බන්ධයෙන් සම්මේලනයට අපගේ හදපිරි ස්තූතිය පුදකර සිටිනවා. සැබැවින්ම ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිඩාව නඟා සිටුවීමට අප අායතනයට උදව් කිරීමට හැකි වීම පිලිබඳව අප මහත්සේ සතුටට පත්වනවා. ඩයලොග් අායතනය ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවේ නිළ සත්කාරකත්වය දරණ අතර ඊට අමතරව පාසල් රග්බි ක්‍රීඩාවට සහ ක්‍රීඩා සමාජ අතර රග්බි සහ පාපන්දු තරගාවලි සඳහා සත්කාරකත්වය දරමින් ශූරයින් බිහිකිරීමේ මහඟු මෙහෙවරකට දායකවන අප සැබැවින්ම ජාතික ක්‍රීඩාවේ ජාතික ශූරයින් මෙන්ම ජාත්‍යන්තර ශූරයින් බිහි කිරීමට හැකි වීම අපගේත් අරමුණ වන” බවයි.
“අඛන්ඩව ඉදිරියටත් අප අායතනය මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය සපයමින් ඉදිරියටම යෑමට බලාපොරොත්තු වන අතර සහභාගී වන මෙම තරගාවලියට සහභාගී වන සියළුම කණ්ඩායම් සඳහා සුභ පැතීමටත් මම මෙය අවස්තාවක් කර ගන්නවා” යැයි එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඉන් අනතුරුව අනුග්‍රහක චෙක්පත හර්ෂ සමරසේකර මහතා විසින් වොලිබෝල් සම්මේලනයේ ලේඛම් ඒ. එස්. නාලක මහතා වෙත ප්‍රදානය කළ අතර ගියවර ශූරතාවය දිනාගත් කණ්ඩායම් වන කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය (කාන්තා ශූරතාවය) සහ බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය (පිරිමි ශූරතාවය) සිය ශූරතා කුසලානය අාපසු ඩයලොග් අායතනය නියෝජනය කරන හර්ෂ සමරනායක මහතාට ලබා දුන් අතර ඉන්පසු ඔහු විසින් එය වොලිබෝල් සම්මේලනයේ ලේඛම් නාලක මහතා හට පිරිනමන ලදි.
තවත් පුවත් සඳහා මුල්පිටුවට පිවිසෙන්න





















