ඩයලොග් රග්බි ලිග් තරඟාවලියේ සිව්වන හා පස්වන සතියෙ තරඟ තොරතුරු

588

ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා රග්බි සංගමය හා එක්ව සංවිධානය කරන ලද අන්තර් සමාජ ඩයලොග් රග්බි ලීග් තරගාවලියට අයත් තරග කිහිපයක් පසුගියදා නිමාවට පත්විය.

65සිව්වන තරඟ සති අන්තය ආරම්භ කරමින් නාවික හමුදා කණ්ඩායම සහ CH & FC කණ්ඩායම කොළඹ තුරඟ තරඟ පිටියේදී තරඟ වැදුණු අතර එහිදි ලකුණු 67-06 ක් ලෙස පහසු ජයක් ලැබිමට නැවියන් සමත් විය. නාවික හමුදා ක්‍රීඩකයින් පළමු  අර්ධයේදී  ගෝල දිනුම් 06ක්‍ උත්සහක දිනුම් 05කින් ලකුණු රැස් කළ අතර දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 3ක් සාර්ථක කරගනිමින් සිය ලකුණු 67 රැස් කිරිමට සමත් විය.  CH & FC ක්‍රීඩකයින්ට  දඩුවම් පහර 02ක් පමණක් සාර්ථක කරගන්නට හැකිවිය. නාවුක හමුදා වෙනුවෙන් යෝෂිත රාජපක්‍ෂ, රිචි ධර්මපාල, සාලිය හඳපාන්ගොඩ, දිනූෂ චතුරංග, සජිත් සාරංග, චානක චන්දිමාල්, කාංචන පෙරේරා, ලී කීගල් සහ අෂාන් මධුරංග, උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට සමත් විය.  දිනේෂ් ද සිල්වා සහ තිළිණ වීරසිංහ ගෝල ප‍්‍රවර්ථන සාර්ථක කරගත්තේය.

23බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී එදිනම පැවති තරගයකින් ජයගන්නට CR පිළ සමත් විය. ඒ ලකුණු 22-12ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කරමිනි. පළමු අර්ධයේදී ලකුණු 14-12 ලෙස කණ්ඩායම් දෙකම ප්‍රබල තත්වයක සිටියත් දෙවැනි වටයේ  CH ක්‍රීඩකයින්ගේ ප්‍රබල තරග රටාවක් දියත් විමත් සමග ලකුණු 22-12 ලෙස තරගය අවසන් විය. CR පිළ ගෝල දිනුම් 2ක් උත්සහක දිනුම් 2ක් සහ දඩුවම් පහර 2ක් සාර්ථක කර ගන්නට සමත් විය. CR කණ්ඩායම වෙනුවෙන් කවිදු කොස්තා, කාංචන රාමනායක සහ අරුන් කුමාර් ගෝල රැස් කළ අතර කාංචන රාමනායකවිසින් ප්‍රවර්ථන 2ක් සහ දඩුවම් පහර 2  සාර්ථක කරගත්තේය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් බිලාල් හසන් ගෝල ද්විත්වයක් සම්පුර්ණ කළ අතර රීසා මුබාරක් එක් ප්‍රවර්ථනක් සාර්ථක කරගන්නට සමත් විය.

තරඟ නැවත නැරඹිමට මෙතනින් පිවිසෙන්න

17හැව්ලොක්ස් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 26-13  ලෙස ජයගන්නට හැව්ලොක්ස් ක්‍රීඩකයින් සමත් විය. මෙය ඔවුන් පිට පිට ලැබු හතරවන තරග ජයග්‍රහණය විය. ජයග්‍රාහී හැව්ලොක්ස් පිළ පළමු අර්ධයේදී ගෝල දිනුම් 03ක් සහ උත්සහක දිනුමකින් ලකුණු රැස් කළ අතර ගුවන් හමුදා ක්‍රීඩකයින් එක් ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කිරින ආරම්භ කලේය. දෙවන අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින් තවත් ලකුණු 07ක් තම ලකුණු සටහනේ සටහන් කළ අතර දෙවන අර්ධයේදී ගුවන් හමුදාව තවත් ලකුණු 10 ලබාගන්නට සමත් විය. හැව්ලොක්ස් පිළ වෙනුවෙන් සමන්ත ලක්ෂාන්, රාහුල් ද සිල්වා, තුසිත සහ ප්‍රසාද් ගෝල රැස් කළඅතර ප්‍රවර්ථන ත්‍රිත්වයක් සාර්ථක කරගන්නට හැව්ලොක්ස් ක්‍රීඩක ජමාල්ඩීන් සමත් විය්.

51පස්වන සති අන්තයේ තරග ආරම්භ කරමින් නාවික හමුදාව සහ පොලිස් කණ්ඩායම තරග වැදුණු අතර එහිදිලකුණු 27-24 ක් ලෙස තියුණු ජයක් ලැබිමට නැවියන්ට හැකිවිය. තරගයේ පළමු අර්ධයේ සිටම ලකුණු රැස් කළනාවික හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධය අවසන් වන විට 10-0 ලෙස ප්‍රබල තත්වයක පසුවිය. පොලිස් කණ්ඩායම තරගය පරාජය වුවත් ඔවුන් සිය දෙවැනි අර්ධයේදී වේගවත් ලකුණු 24 ලබා ගන්නට සමත් විම කැපි පෙනුණි . නාවිකහමුදා ලකුණු සටහනේ ගෝල 2ක් උත්සහක දිනුම් 2 සහ එක් දඩුවම් පහරක් සමගින් ලකුණු 27 සටහන් වු අතර පොලිස් ලකුණු සටහනේ ලකුණු 24 ගෝල දිනුම් 3ක් සහ එක් දඩුවම් පහරක් ඇතුලත්‍ විය.

21පස්වන සතියේ තවත් තරගයක දි ප්‍රබල මහනුවර කණ්ඩායම සහ CR&FC කණ්ඩායම තරග වැදුණු අතර එහිදි ලකුණු22-16 ලෙස පහසු ජයක් ලැබිමට ප්‍රබල මහනුවර ක්‍රීඩකයින් සමත් විය. සටන්කාමි ප්‍රහාර රටාවක් දියත් කළ මහනුවර ක්‍රීඩකයින් ගෝල දිනුම් 3ක් උත්සහක දිනුම් 2ක් සහ එක් දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය ලකුණුරැස් කළ අතර CR&FC ක්‍රීඩකයින් එක් උත්සහක දිනුමක් එක් ගෝලයක් සහ දඩුවම් පහර 3ක් සාර්ථක කරගනිමින්සිය ලකුණු 16 රැස් කළේය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් ලවින්ග පෙරේරා සහ හේෂාන් කල්හාර ගෝල රැස්කිරිමට සමත් වු අතර අර්ෂාඩ් ජමල්ඩීන් විසින් ප්‍රවර්ථන සාර්ථක කරගත්තේය. CR&FC පිළ වෙනුවෙන් වාර්තා වුඑකම ගෝලය රැස් කිරිමට සෂාන් මොහොමඩ් සමත් වු අතර ප්‍රින්ස් චාමර විසින් ප්‍රවර්ථන සාර්ථක කර ගන්නා ලදි.

තරඟාවලියේ සියළුම ඡායාරෑප සඳහා මෙතනින් පිවිසෙන්න