කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 92 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් විසඳුමකින් තොරව අද (21) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී අවසන් වුණා.
එලෙසින් නිමා වූ 69 වැනි සාන්තුවරයන්ගේ තරගයයි මේ.
>>සාන්තුවරයෝ 92 වැනි වරටත් ගැටෙයි<<
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 257ක් පමණයි.
ඒ අනුව ලකුණු 95ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර කඩුලු 3ක් දැවි ලකුණු 190ක් ලබා ගනිමින් තම ඉනිම අත් හිටුවනවා.
ඒ සමඟින් සාන්ත පීතර විද්‍යාලයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 286ක් අභියෝගයක් ලැබෙන අතර ඒ කරා යෑමේ දී ඔවුන්ගේ කඩුලු 9ක් දැවී යන්නේ ලකුණු පුවරුව 215ක් වෙද්දීයි. ඒ අනුව සාන්ත පීතර විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 71ක් අඩු වූ අතර සාන්ත ජෝසප් විද්‍යාලයට තම ජයග්‍රහණයට කඩුල්ලක් හරස් වුණා.
- සාන්ත පීතරයන් තවත් ලකුණු 104ක් පිටුපසින්
- කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ වැඩි වාසි කිංග්ස්වුඩ් විද්‍යාලය දෙසට!
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- උතුරු රන් සටන විසඳුමක් නෑ
තරගයේ තෙවැනි දිනය වූ අද ආරම්භ වෙන්නේ සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා සිටිය දී යි. එම ඉනිම ලකුණු 257ක දී අවසන් වෙද්දී විග්නේශ්වරන් ආකාශ් ලකුණු 44කට කඩුලු 6ක් දවා ගන්නවා.
ප්‍රතිවාදී සාන්ත ජෝසප් විද්‍යාලයීය 2 වැනි ඉනිමේ දී අවීශ සමාෂ් සහ සෙනුජ වැකුණුගොඩ අර්ධ ශතක ඉනිම් ලබා ගත්තා. එහි දී අවීශ සමාෂ් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ද සහ සෙනුජ වැකුණුගොඩ පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ද ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 89ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී ශවිඳු සිල්වා ලකුණු 46කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ජනිත් පණ්ඩිතරත්න කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු හඹා යන ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම වරෙක කඩුලු 5ක් දැවී ලකුණු 75ක් ව තිබූ අතර එම තත්ත්වයෙන් ගොඩ ගැනීමට උර දුන්නේ ජොෂුවා සෙබස්තියන් සහ තරීන් සංකේත්.
ඒ අතුරින් ජොෂුවා සෙබස්තියන් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත් අතර තරගය අවසන් වෙද්දී තරීන් සංකේත් පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී විශ්ව පීරිස් ලකුණු 113කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව විග්නේශ්වරන් ආකාශ් ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තා. මෙම තරගයේ දී විග්නේශ්වරන් ආකාශ් ලකුණු 94කට කඩුලු 10ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 352 (110.4) යෙනුල දන්තනාරායන 84, අවීශ සමාස් 53, සෙනුජ වැකුණගොඩ 88, රිශ්ම අමරසිංහ 22, පමෝද් දල්පදාදු 22, චේතින කාවින්ද නොදැවී 39, නුශාන් පෙරේරා 28, ජනිත් පණ්ඩිතරත්න 3/76, ශවිඳු සිල්වා 5/95
- සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 257 (68.5) අසදිස සිල්වා 78, ශවිඳු සිල්වා 62, ජේසන් ප්‍රනාන්දු 67, විග්නේශ්වරන් ආකාශ් 6/44
- සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 190 (34.0) යෙනුල දන්තනාරායන 23, අවීශ සමාශ් 56, සෙනුජ වැකුණුගොඩ 56, දිල්ප මදුරංග නොදැවී 19, නුශාන් පෙරේරා නොදැවී 18, ශවිඳු සිල්වා 2/46
- සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 215 (50.0) දිනෙත් ද සිල්වා 20, ශවිඳු සිල්වා 21, ජොෂුවා සෙබස්තියන් 56, තරීන් සංකේත් නොදැවී 63, විශ්ව පීරිස් 5/113, විග්නේශ්වරන් ආකශ් 4/50
තරගයේ විසඳුමක් නෑ.
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – අසදිස ද සිල්වා (සාන්ත පීතර විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – විග්නේශ්වරන් ආකාශ් (සාන්ත ජෝසප් විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – සෙනුජ වැකුණුගොඩ (සාන්ත ජෝසප් විද්‍යාලය)
තරගයේ වීරයා – විග්නේශ්වරන් ආකාශ් (සාන්ත ජෝසප් විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















