අයියා මලෝ ශතක වාර්තාවත් සමඟින් සුලෝහිත සටන නිමා වේ

5276

මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර 89 වැනි වරට පැවති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (04) කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ (එස්. එස්. සී.) පිටියේ දී  නිමා විය.

උප නායකයෝ සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය සියතට ගනිති

නායකයන් පසෙක සිටිය දී දෙපිළේම උප නායකයන් තමන්ගේ තරගයක් බවට පත් කර ගත්…

සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ 71 වැනි තරගය ලෙසින් මෙම තරගය ඉතිහාසයට එක් වූවද, තරගයේ ජයග්‍රාහකයන් වෙත පිරිනැමෙන ආචාර්ය එන්. එම්. පෙරේරා කුසලානය අවසන් වරට 2003 වසරේ දී ජයග්‍රහණය කළ ආනන්ද ක්‍රීඩකයෝ රැගෙන යද්දී අනෙකුත් කුසලාන සමසේ බෙදා ගැනීමට දෙපිළේ ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ උප නායක ලහිරු හිරන්‍ය නම් කෙරුණ අතර තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණේ තරගයේ අවසන් මොහොතේ ශතකයක් වාර්තා කළ ආනන්ද විද්‍යාලයේ කමේෂ් නිර්මාල් ය.

පළමු ඉනිමේ ආනන්ද ඉනිම විනාශ කිරීමෙන් නොනැවතී දෙවැනි ඉනිමේ දී ද කඩුල්ලක් දවා ගනිමින් තරගයේ දී කඩුලු 7ක් දවා ගත් කොළඹ නාලන්ද විද්‍යාලයේ උප නායක සුහඟ විජේවර්ධන තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් නම් කෙරුණ අතර තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ නාලන්ද නායක ලක්ෂිත රසාංජන ය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී රැස් කළ ලකුණු 141ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාලන්ද ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 213ක් රැස් කළහ. ඒ දෙවැනි දිනයේ දිවා විවේකයට ප්‍රථම යැවුණ අවසන් පන්දුවාරය තෙක්ම ක්‍රීඩා කරමිනි.

තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට නාලන්ද ඉනිමේ ලක්ෂිත රසාංජන සහ රවීන් ද සිල්වා නොදැවී 6 වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා එක්ව අද එම කඩුල්ලට ලකුණු 67ක් එක් කිරීමට සමත් වීම කැපී පෙණුණි. රවීන් පන්දු 68කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේය.

84 වැනි සාන්තුවරයන්ගේ සටනේ වීරයා ජෙහාන් ඩැනියල්

සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වූ 84 වන සාන්තුවරයන්ගේ…

නායකයෙක් ලෙසින් තම යුතුකම් මනාව ඉටු කළ නාලන්ද නායක ලක්ෂිත රසාංජන තම අර්ධ ශතකයක 89 වැනි පන්දුවේ දී වාර්තා කිරීමට සමත් විය. 88 වැනි සුලෝහිත සංග්‍රාමයේ දී ශතකයක් වාර්තා කළ ලක්ෂිත මෙම තරගයේ දී ද ශතකයක් ලබා ගනිමින් සුලෝහිත සංග්‍රාම වාර්තා පොත් නැවුම් කරතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූවද, ආනන්ද නායක අසේල් සිගේරා විසින් යැවුණ ලක්ෂිත විසින් මුහුණ දුන් 122 වැනි පන්දුවේ දී තම ඉනිම අතර මග දී නිමා කර ගැනීමට ඔහුට සිදු විය. ඒ වෙද්දී ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 72කි. එම ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහරකින් අලංකාර කිරීමට සමත් විය.

එම ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී ආනන්ද නායක අසේල් සිගේරා වමතින් දඟපන්දු යවමින් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ආනන්දය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව දකුණතින් පිට දඟපන්දු යැවූ ගිහාන් විශ්වජිත් ද ලකුණු 38කට කඩුලු 3ක් ලබා ගනිමින් අගනා සහයෝගයක් ලබා දුන් අතර දකුණතින් වේගපන්දු යැවූ ශමල් හිරුෂාන් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තේය.

ඊට අමතරව දෙනෙත් ප්‍රමුදිත සහ දමින්ද රෙෂාන් කඩුල්ල බැගින් දවා ගත්තේය.

දිවා විවේකයෙන් අනතුරුව ආනන්ද ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට පිවිසියේ ලකුණු 72ක් පිටුපස සිටිමිනි. දිනය අවසානයේ සහ 89 වැනි සුලෝහිත සංග්‍රාමය අවසන් කරමින් දෙවැනි දිනයේ යැවුණ අවසන් පන්දුවට ද මුහුණ දුන් ආනන්ද ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 252ක් ලබා ගත්හ.

නිදහස් සටනේ වාසිය කාටද?

අවසන් වරට සහභාගී වුන එක්දින තරග 29න් 23ක්ම පරාජයට පත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට…

එම ඉනිමේ කැපී පෙණෙන ඉනිමක නිතර වූයේ දකුණත් පිතිකරු කමේෂ් නිර්මාල් ය. ඔහු සුලෝහිත සංග්‍රාම වාර්තා පොත් අතරට අද තම නම එක් කළේ නොදැවී ශතකයක් වාර්තා කරමිනි. ඔහුගේ වැඩිමල් සොයුරු දිනේෂ් චන්දිමාල් ද මීට ප්‍රථම 2009 වසරේ පැවති සුලෝහිත සංග්‍රාමයේ දී ශතකයක් වාර්තා කරමින් වාර්තා පොත් සැරසූ අතර ඊට වසර 9කට පසුව එක්වූ මෙම ශතකය හේතුවෙන් අයියා-මලෝ දෙදෙනෙක් සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ ශතක ලබා ගත් දුර්ලභ අවස්ථාව අද උදාකර ගත්තේය.

කමේෂ්ගේ ඉනිම ඉතා ලෙහෙසියෙන්ම අවහිර කිරීමට අවස්ථා කිහිපයක දී ම නාලන්ද ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණ ද ඒ සෑම අවස්ථාවකම කමේෂ්ගේ වාසනාව ඉදිරියට පැමිණියේ ය. ඔහු තම අර්ධ ශතකය 85 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර තමන් මුහුණ දුන් 137 වැනි පන්දුවේ දී ශතකය වාර්තා කළේ තරගය අවසන් වෙන පන්දු වාරයට මුහුණ දීමේ වාසනාව උදා කර ගනිමිනි.

තරගය අවසානයේ පිටියේ විනිසුරුවන් වූ දිල්ශාන් ද සිල්වා සහ ගාමිණි ගුණසේකර මහත්වරුන් විසින් තරගය නිමාවේ සංඥා එළි දල්වන විට කමේෂ් පන්දු 138කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා සිටියේ ය.

කමේෂ්ගේ ඉනිම ආනන්දයේ ආනන්දනීය කඩුලු සබඳතා දෙකකට ද දායකත්වය ලබා දුනි. ඔහු සිව්වැනි කඩුල්ලට නායක අසේල් සිගේරා සමඟ එක් වෙමින් පන්දු 117ක දී ලකුණු 75ක් ද, ලහිරු හිරන්‍ය සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් එක් කළේය.

පළමු ඉනිමේ දී අසාර්ථක වූ අසේල් සිගේරා තම දෙවැනි ඉනිමේ දී වඩාත් ආරක්ෂා සහිතව මෙන්ම ප්‍රතිවාදීන් දැඩි පීඩාවට පත් කරමින් පන්දු 61ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේය.

ආනන්ද පළමු ඉනිමේ ගැලවුම්කරු වූ ලහිරු හිරන්‍ය පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් ද සමඟින් දෙවැනි ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33කි.

ආනන්ද ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී උමෙක්ෂ දිල්ෂාන් ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත් අතර සුහඟ විජේවර්ධන, චමිඳු විජේසිංහ, දිනේන්ද්‍ර කස්තුරිආරච්චි සහ කවීෂ තරුෂ කඩුල්ල බැගින් දවා ගත්හ.

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (55.0) ලහිරු හිරන්‍ය 58, දමින්ද රෙෂාන් 24, චාමික ගුණසේකර නොදැවී 18, සුහඟ විජේවර්ධන 6/52, චමිඳු විජේසිංහ 4/33

නාලන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 213 (64.3) ලක්ෂිත රසාංජන 60, අවිශ්ක පෙරේරා 24, දිල්හාර පොල්ගම්පොළ 23, රවීන් ද සිල්වා 35, මහිම වීරකෝන් නොදැවී 20,  ගිහාන් විශ්වජිත් 3/38, ශමල් හිරුෂාන් 2/24, අසෙල් සිගේරා 3/37

ආනන්ද විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 252 (60.0) කවිශ්ක රන්තිලක 25, දුෂ්මන් හෙට්ටිගේ 23, කමේෂ් නිර්මාල් නොදැවී 100, අසෙල් සිගේරා 46, ලහිරු හිරන්‍ය 33, උමෙක්ෂ දිල්ශාන් 3/38

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<