සුවහස් සහ මලින්ත දෙවැනි දිනය වර්ණවත් කරයි

76th Battle of Golds Moratuwa

4

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 76 වැනි වරටත් පැවැත්වෙන මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ 2 වැනි දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට වේල්ස් කුමාර විද්‍යාලයේ සුවහස් ප්‍රනාන්දු සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මලින්ත සිල්වා සමත් වෙනවා.  

වෙල්ලාලගේ මොරටු රන් සටනට අර්ධ ශතකයක් එක් කරයි

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 214ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 6ක් ලබා සිටි අතර ඔවුන් දෙවැනි දිනයේ අවසන් කාර්තුවේ දී  සියලුම දෙනා දැවී ලකුණු 263ක් ලබා ගන්නවා.  

වේල්ස් කුමාර විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සුවහස් ප්‍රනාන්දු. ඔහු පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා. ඊට අමතර ව ඉනිම ආරම්භ කළ පලිඟු පෙරේරා පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබා ගන්නවා. 

කඩුලු දවා ගැනීමේ දී සාන්ත සෙබස්තියන් ඉනිමේ පන්දු යැවීම ආරම්භ කළ දකුණතින් පිට දඟ පන්දු යැවූ මලින්ත සිල්වා ලකුණු 100කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව කොශේන්ද්‍ර ප්‍රනාන්දු ලකුණු 82කට කඩුලු 3ක් ද සහ අදීශ ලක්ශාන් සහ ශෙනාශ් හශේන් කඩුල්ල බැගින් දවා ගන්නවා.  

ලකුණු 49ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගය 2 වැනි දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.  

ඒ වෙද්දී තිවංක ප්‍රනාන්දු (13) සහ කවීශ පෙරේරා (0) නොදැවී පිටියේ රැඳී සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (78.3)තිවංක ප්‍රනාන්දු 20, කවීෂ පෙරේරා 35, අදේශ් අල්මේදා 21, චමත් වෙල්ලාලගේ 58, ශෙෆාන් ප්‍රනාන්දු 24, නෙතුල් අනුහස් 3/48, රුසඳු සිල්වා 3/39 
  • වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිමසියලුම දෙනා දැවී 263 (89.2) පලිඟු පෙරේරා 42, සෙතික විජේතුංග 20, සුවහස් ප්‍රනාන්දු 77, ඔශාන් ද සිල්වා 29, මතීශ අපෝන්සු නොදැවී 21, මලින්ත සිල්වා 5/100, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/82 
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම -දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 13 (8.0)  

සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 36ක් පිටුපසින්. 

මෙම තරගය අද (8) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 63 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.  

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<