මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 76 වැනි වරටත් පැවැත්වෙන මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ චමත් වෙල්ලාලගේ සමත් වෙනවා.
>>සේනා බල ගැන්වූ මොරටු රන් සටන 6 – 8 දිනවල දී<<
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 214ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.
සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අදේශ් අල්මේදා (නායක), තිවංක ප්‍රනාන්දු, කවීෂ පෙරේරා, ලශේන් ප්‍රනාන්දු, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, චමත් වෙල්ලාලගේ, සෙන්දිනු පීරිස්, ශෙෆාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), මලින්ත සිල්වා සහ ශෙනාශ් හශේන.
වයස අවුරුදු 19න් පහළ වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම
සුවහස් ප්‍රනාන්දු (නායක), පලිඟු පෙරේරා, සෙතික විජේතුංග, නෙතුල් අනුහස්, රුසඳු සිල්වා, මතීෂ අපෝන්සු, පසන් කුරේ (කඩුලු රකින්නා), ඔශාන් මනීශ, ගවේශ රෝහණ ප්‍රනාන්දු, නෙහාන් අනුහස් සහ ශෙහාන් අශේන්.
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව පුහුණුකරුවෙක් යටතට
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ T20ත් ජය පැන් බොති
- රයිගම් – සල්පිටි ගැටුම විසඳුමකින් තොරව අවසන් වේ
- ශතක 3ක් සමඟින් සුලෝහිත සංග්‍රාමය විසඳුමකින් තොරව අවසන් වේ
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. ඉනිම ආරම්භ කළ තිවංක ප්‍රනාන්දු සහ කවීශ පෙරේරා එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ තිවංක ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව නායක අදේශ් අල්මේදා සහ කවීශ පෙරේරා එක් ව තවත් ලකුණු 40ක සබඳතාවක් කණ්ඩායමට එක් කරන අතර කවීෂ පෙරේරා ගේ දැවී යෑමත් සමඟින් එම 2 වැනි කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
අනතුරු ව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ඉනිමේ තවත් කඩුලු 3ක් ලකුණු 26ක් තුළ දැවී යනවා. ඒ අතර නායක අදේශ අල්මේදා ද වෙනවා. ඔහු ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.
කඩුලු 5ක් දැවී ලකුණු 106ක් ව තිබූ සාන්ත සෙබස්තියන් ඉනිම ගෞරවනීය ලකුණු තත්ත්වයකට ගෙන ඒමට චමත් වෙල්ලාලගේ සමත් වෙනවා. ඔහු ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා සිටියා.
ඊට අමතර ව පසු පෙළින් පිටියට එක් වූ ශෙෆාන් ප්‍රනාන්දු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී රුසඳු සිල්වා සහ නෙතුල් අනුහස් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව මතීෂ අපෝන්සු සහ ඔෂාන් මනීශ කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට පලිඟු පෙරේරා (2) සහ සෙතික විජේතුංග (3) නොදැවී පිටියේ රැඳී සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (78.3) තිවංක ප්‍රනාන්දු 20, කවීෂ පෙරේරා 35, අදේශ් අල්මේදා 21, චමත් වෙල්ලාලගේ 58, ශෙෆාන් ප්‍රනාන්දු 24, නෙතුල් අනුහස් 3/48, රුසඳු සිල්වා 3/39
වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 6 (9.0)
වේල්ස් කුමාර විද්‍යාලය ලකුණු 208ක් පිටුපසින්.
මෙම තරගය හෙට (7) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 63 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















