හය වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (15) සෞදි අරාබියේ දී ආරම්භ වුනා.
ශූරතාවලියේ පළමු දිනයේ දීම ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට ජනිත් ලක්ෂාන් විසින් සමත් වූ අතර, පිරිමි තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ ජනිත් විසින් මීටර් 15.10ක දුරක් තරණය කරමින් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම එම ඉසව්වට සහභාගී වූ හන්සන ජයසිංහ හත් වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.
මීට අමතරව ඊයේ දිනයේ දී තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම තරග ඉසව්වලට සහභාගී වූ අතර, මේ අතරින් පළමුව ක්‍රියාත්මක වුනේ පිරිමි මීටර් 400 මූලික වටයේ ඉසව්වයි.
එම මූලික වටයේ තරගවලට සහභාගී වූ නෙත්මල් කොස්තා (Heat 2 – තෙවැනි ස්ථානය), ඉරේශ් මදුවන්ත (Heat 4 – දෙවැනි ස්ථානය) දෙදෙනා ම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
ඉන් අනතුරුව ඊයේ සවස් වරුවේ දී ඔවුන් ඉසව්වේ අවසන් පූර්ව තරගවලට සහභාගී වූ අතර, මෙහි දී ඉරේශ් මදුවන්ත තත්පර 49.50ක තරග නිමි කාලයක් සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර පිරිමි මීටර් 100 මූලික වටයේ තරග ද ඊයේ දිනයේ ක්‍රියාත්මක වුනා.
මෙහි දී පළමු මූලික වටයේ තරගයට සහභාගී වූ පසිඳු සඳරුවන් පස් වැනි ස්ථානයට පත් වූ අතර, දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ ඉමේශ් සිල්වා තත්පර 10.79ක කාලයක් සමඟ සිව්වැනි ස්ථානයට පත් වුනා. ඔවුන් දෙදෙනා ම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර කාන්තා මීටර් 100 මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි දෙවැනි මූලික වටයේ තරගයට් සහභාගී වූ ධනංජනා සෙව්මිණී තත්පර 11.91ක තරග නිමි කාලයක් සමඟ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර කාන්තා මීටර් 1500 ඉසව්වේ අවසන් මහා තරගය ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, මේ වෙනුවෙන් සහභාගී වීමට නියමිත ව සිටි නිදුකි ප්‍රාර්ථනා සහ අයේශා සෙව්වන්දි දෙදෙනාට ම තරගයට සහභාගී වීමට නොහැකි වුනා.
මේ අතර අද (16) දිනයේ ද ශ්‍රී ලාංකික ක්‍රීඩක/ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම ඉසව් සඳහා සහභාගී වීමට සූදානමින් පසුවනවා. ඔවුන්ගේ තරග දක්ෂතා ද ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>