66 වැනි වරටත් පැවැති වෙළඳ සේවා මේස පන්දු ශූරතාවලියේ A කාණ්ඩයේ පිරිමි ශූරතාව Seylan බැංකු කණ්ඩායම විසින් ද කාන්තා ශූරතාව MAS Holding කණ්ඩායම ද දිනා ගැනීමට සමත් වූවා.
මෙම තරග පසුගියදා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති අතර එහි දී පිරිමි A කාණ්ඩයේ ශූරයන් වූ Seylan Bank කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගන්නේ වසර 5කට පසුව වීම විශේෂත්වයක්. නිමා වූ එම වසර 5 දී ම මෙම ශූරතාවලියේ ඔවුන්ට හිමි වූයේ අනුශූරතාවයි. ඔවුන් මෙවර මෙම ශූරතාව දිනා ගන්නේ MAS Holding කණ්ඩායමට එරෙහි ව 3-1ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
ජයග්‍රාහී Seylan Bank කණ්ඩායම සිව් වතාවක් ජාතික ශූරයා ලෙසින් කිරුළ පැළඳි චලිත රංජන විසින් මෙහෙය වූ අතර ඊට අමතර ව සසිත විජේසූරිය, උදිත කළුආරච්චි සහ චමිත් දිල්ශාන් ගෙන් ද එම කණ්ඩායම සමන්විත වූවා.
කාන්තා A කාණ්ඩයේ ශූරතාව දිනා ගත් MAS Holding කණ්ඩායම හංසනි පියුමිලා සහ උපේක්ෂා කොටින්කඩුව ගෙන් සමන්විත වූවා.
- ආසියාව ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දකුණු කොරියාවට
- ජනාධිපති කුසලාන පාසල් රග්බි ශූරතාවේ අවසන් කණ්ඩායම් හතර තහවුරුයි!
- ආසියානු ThrowBall ශූරතාවන් ශ්‍රී ලංකාවට
- මේසපන්දු යෞවනයෝ හිස් අතින් ගෙදර එ
- ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩාව මනරංජනය කළ චලිත
තරග ප්‍රතිඵල
A කාණ්ඩය (පිරිමි)
- ශූරතාව – Seylan Bank කණ්ඩායම
- අනුශූරතාව – MAS Holding A කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – 99x Technologies කණ්ඩායම සහ Dialog Axiata A කණ්ඩායම
A කාණ්ඩය (කාන්තා)
- ශූරතාව – MAS Holding A කණ්ඩායම
- අනුශූරතාව – IFS R & D International කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – HNB PLC A කණ්ඩායම සහ WSO2 A කණ්ඩායම
B කාණ්ඩය (පිරිමි)
- ශූරතාව – Commercial Bank A කණ්ඩායම
- අනුශූරතාව – People’s Leasing & Finance A කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – Sysco Labs A කණ්ඩායම
B කාණ්ඩය (කාන්තා)
- ශූරතාව – MAS Holding B කණ්ඩායම
- අනුශූරතාව – Millennium I.T.E.S.P. A කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – Synopsys A කණ්ඩායම
C කාණ්ඩය (පිරිමි)
- ශූරතාව – Sysco Labs B කණ්ඩායම
- අනුශූරතාව – MAS Holding C කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – Codegen A කණ්ඩායම
C කාණ්ඩය (කාන්තා)
- ශූරතාව – MAS Holding D කණ්ඩායම
- අනුශූරතාව – WSO2 B කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – People’s Leasing & Finance B කණ්ඩායම සහ Synopsys B කණ්ඩායම
D කාණ්ඩය (පිරිමි)
- ශූරතාව – WSO2 කණ්ඩායම
- අනුශූරතාව – IFS R & D International කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – Millennium I.T.E.S.P. කණ්ඩායම සහ HNB PLC කණ්ඩායම
E කාණ්ඩය (පිරිමි)
- ශූරතාව – Commercial Bank D කණ්ඩායම
- අනුශූරතාව – Laugfs Holdings A කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – Synopsys D කණ්ඩායම
F කාණ්ඩය (පිරිමි)
- ශූරතාව – Synopsys B කණ්ඩායම
- අනුශූරතාව – WSO2 B කණ්ඩායම
- අවසන් පූර්ව වටයේ දී පරාජිත කණ්ඩායම් – Synopsys C කණ්ඩායම සහ Commercial Bank E කණ්ඩායම
දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<