කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 65 වැනි වරටත් පැවැත්වෙන මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (24) පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විනාඩි 100කට පමණක් සීමා වුනා.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය වූ අද දවසේ පළමු කාර්තු ද්විත්වය ම වර්ෂාව හේතුවෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි ව ගෙවී ගියා.
අවස්ථා කිහිපයක දී ම පිටියේ විනිසුරුවන් වූ සමන් මොහාන් සහ චන්දන ද සිල්වා යන මහත්වරුවන් විසින් පිටිය නිරීක්ෂණය කළ අතර ඒ අනුව ඔවුන්ට තරගය ආරම්භ කරන්නට හැකි වෙන්නේ සවස 3.30ටයි.
පෙර දින තරගය නතර කරන විට තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 181ක් ලබා සිටි අතර අද ඔවුන් සිදු කළ පළමු කාර්ය වූයේ තම ලකුණු පුවරුවට ලකුණු 200 එක් කිරීමයි. ඔවුන් ඒ සඳහා අද දවසේ දී පන්දු 53ක් වැය කළා.
පෙර දිනයේ තරගය නතර කරන විට සිතුම් මිහිරංග පන්දු 75කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ද සහ තාරුක සමන්ජිත් පන්දු 14කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටි අතර ඔවුන් අද දවසේ දී සීරු මාරුවට පන්දුවට පහර දෙමින් තම කඩුලු ආරක්ෂා කර ගනිමින් නොදැවී පන්දුවට පහර දීමට සමත් වීම කැපී පෙණුනා.
ඔවුන් තම කඩුලු ආරක්ෂා කර ගැනීමට කොතරම් පරිස්සම් වූවා ද යත් අද දවසේ දී යැවුණ පන්දු 159න් හතරේ සීමාව දක්වා යැව්වේ පන්දු 2ක දී පමණයි. එම හතරේ පහර ද්විත්වයේ ම හිමිකරු වූයේ සිතුම් මිහිරංග වූ අතර ඔහු පළමු හතරේ පහර එල්ල කළාට පසුව නැවත හතරේ පහරක් එල්ල කරන්නේ පන්දු 60කට පසුව වීමත් විශේෂත්වයක්.
- හිරුෂ මැංගුස් සටනේ පළමු දිනය වර්ණවත් කරයි
- 65 වැනි මැංගුස් සටන මොරටුවේ දී
- විස්සයි විස්ස පිටියට වර්ෂාව කඩාවදී
- 20 වැනි ‘ඌව රන් සටන‘ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
- 19න් පහළ තරගාවලියේ ජය බංග්ලාදේශයට
මෙසේ ගෙවී ගිය තරගය අයහපත් ආලෝක තත්ත්වය මත පස්වරු 5.10ට නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වූවා. ඒ වෙද්දී සිතුම් මිහිරංග පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සහ තාරුක සමන්ජිත් පන්දු 88කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැති ව නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව මේ වන විට 9 වැනි කඩුල්ල සඳහා පන්දු 184කට මුහුණ දෙමින් නොදැවුණ ලකුණු 64ක සබඳතාවක් ගොඩ නගා තිබෙනවා.
පෙර දිනයේ ලකුණු 66කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ හිරුෂ ගගනක අද තම පන්දු යැවීම සටහන් කර ගත්තේ ලකුණු 85කට කඩුලු 5ක් ලෙසින් වන අතර අදීශ පබසර ද තම පන්දු යැවීම ලකුණු 72කට කඩුලු 2ක් ලෙසින් සටහන් කර ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 239 (108.2) මල්ෂ කවිශාන් 47, මලිඳු ඩිල්ශාන් 23, උමන්ත ආකාශ් 22, අජිත බුද්ධිල 27, සිතුම් මිහිරංග නොදැවී 44, තාරුක සමන්ජිත් නොදැවී 28, හිරුෂ ගගනක 5/85, අදීශ පබසර 2/72
මෙම තරගය හෙට (25) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 2 නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<