කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැති James Cartman කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත් විසඳුමකින් තොරව (21) අවසන් වෙනවා.
වෙස්ලි සහ බෙනඩික්වරුන්ගේ අරගලය
කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ වෙස්ලි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 222ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෙස්ලි ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 257ක් ලබා ගන්නවා.
ඔවුන් තරගය 2 වැනි දිනයට ආරම්භ කරන්නේ කඩුලු 2ක් දැවී ලකුණු 84ක් ලබා සිටියදීයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු ජොනතන් ප්‍රනාන්දු. ඔහු පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක රශ්මික අමරරත්න පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් ද ලබා ගත් අතර කවිඳු නිම්සර පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මානික්‍ය දේශප්‍රිය ලකුණු 58කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නායක මෙවන් දිසානායක ලකුණු 91කට කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 35ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 172ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් මිහිල ජයවීර පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 75ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා. ඊට අමතර ව ටෙහාන් බීටර් පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 103ක්.
කඩුලු ලබා ගැනීමේ දී ශ්‍රීරාම් ජීවහන් සහ දිනුජ සමරරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ආද්‍යන් සේයින් ද කඩුල්ලක් දවා ගන්නවා.
- සාන්තුවරයන්ගේ සටන 69 වැනි වරටත් විසඳුමකින් තොර වෙයි
- වෙස්ලි විද්‍යාලය ලකුණු 138ක් පිටුපසින්
- සුනිල සංග්‍රාමයට අම්බලන්ගොඩ සූදානම්
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- හින්දු සංග්‍රාමයේ ජය කොළඹට
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්තබෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (63.2) මාරියෝ ප්‍රනාන්දු 88, ටෙහාන් බිටර් 55, මිහිල ජයවීර 30, දිනුජ සමරරත්න 6/63
- වෙස්ලිවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 257 (65.0) ජොනතන් ප්‍රනාන්දු 76, රශීඩ් නායන් 23, රශ්මික අමරරත්න 67, කවිඳු නිම්සර 33, මෙත්නුල මායාදුන්නේ 22, මෙවන් දිසානායක 3/91, මානික්‍ය දේශප්‍රිය 4/58
- සාන්තබෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 172 (64.0) ටෙහාන් බීටර් 46, මිහිල ජයවීර 75, ශ්‍රීරාම් ජීවහන් 2/26, දිනුජ සමරරත්න 2/55
තරගයේ විසඳුමක් නෑ.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – දිනුජ සමරත්න (වෙස්ලි විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – දිනුජ සමරත්න (වෙස්ලි විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – මාරියෝ ප්‍රනාන්දු (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
- තරගයේ වීරයා – දිනුජ සමරත්න (වෙස්ලි විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















