නොවිසඳුණ රණශූර සටනට අරෝෂ ගෙන් ශතකයක්

5th Battle of the Warriors

5

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැති රණ ශූරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය (28දා) විසඳුමකින් තොරව අවසන් වූවා. 

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ වාසිය සතු වූයේ දේවපතිරාජ විද්‍යාලයටයි.  

අම්බලන්ගොඩ – රත්ගම රණශූරයෝත් තරග බිමේ

කාසියේ වාසිය දිනූ දේවපතිරාජ නායකයාගේ ආරාධනාව අනුව  පළමුවෙන් පන්දුවට පහර දුන් පී. ද එස්. කුලරත්න විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් කරද්දී කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබා සිටියා. 

අද එතැන් සිට ආරම්භ කළ ඉනිම අවසන් කරන්නේ සියලුම දෙනා දැවී ලකුණු 266ක් ලබා ගනිමිනුයි.  

එම ඉනිමට අද දවසේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට විහඟ ඉඳුසර සමත් වෙනවා. ඔහු අවසන් කඩුල්ලට දැවී යන විට පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින්  ලකුණු 68ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව පිංසර දුතංග පන්දු 25කදී හයේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී ඉනුක ඔනදිත් ලකුණු 62කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

ඊට අමතරව යසිරු අභිෂේක් සහ බිහඳු සඳිලු කඩුලු ද්විත්වය බැගින් දජනිඳු චාමික කඩුල්ලක් ද දවා ගත්තා. 

ලකුණු 57ක් පිටුපස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි පී. ද එස්. කුලරත්න විද්‍යාලය එවර කඩුලු 9ක් දැවී ලකුණු 258ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අදීශ ඉන්දීවර. ඔහු පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 70ක් ලබා ගන්නවා.  

ඔහු යසිරු අභිෂේක් සමඟ 2 වැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ද සහ සසිඳු කෞශාන් හා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් ද ගොඩ නගනවා.  

එහිදී යසිරු අභිෂේක් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 32ක් ද සහ සසිඳු කෞශාන් පන්දු 70කට මුහුදු දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව හිරුන් මතීෂ පන්දු 28කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ද සහ චතුක හිරෝෂිමා පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී සඳරු මල්ශාන් ලකුණු 61කට කඩුලු 4ක් දදියත් සංජිත සහ පුල්ජිත් වත්සුක කඩුලු 2ක් ද සහ ගිම්හාන් රසාංජන කඩුල්ලක් ලෙසින් ද දවා ගත්තා. 

ජයග්‍රහණය සඳහා ලකුණු 201ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා. ඔවුන් මේ ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට වැය කරන්නේ පන්දු 60ක් පමණක් වන අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 12ක් ද ඇතුලත් වුණා.  

එහිදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි අරෝෂ සිතුමිණ පන්දු 38ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 20ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගන්නවා. ඔහු තමන්ගේ පළමු ලකුණු 50 පන්දු 20කදී වාර්තා කරන ලද අතර දෙවැනි ලකුණු 50 සඳහා වැය කරන්නේ පන්දු 15ක් පමණක් වීමත් විශේෂත්වයක්.  

ඔහුට අමතර ව ගිම්හාන් රසාංජන පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගන්නවා. 

ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය යසිරු අභිශේක් සහ ජනිඳු චාමික සතු කර ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • පි. ද එස්. කුලරත්න විද්‍යාලයීය වයස අවුරුදු19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (70.3) භානු අනුත්තර 23, සසිඳු කෞශාන් 40, චතුක හිරෝෂිමා 20, ලකිඳු තිහංස 45, පුල්ජිත් වත්සුක 4/63, ගිම්හාන් රසාංජන 4/46
  • දේවපතිරාජවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 266 (62.3) අරෝෂ සිතුමිණ 51, සඳරු මල්ශාන් 37, පුල්ජිත් වත්සුක 30, විහඟ ඉඳුවර 68, පිංසර දුතංග 28, බිහඳු සංදිලු 2/48, යසිරු අභිශේක් 2/34, එනුක ඔනදිත් 5/62
  • පි. ද එස්. කුලරත්න විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම- දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 258 (58.4) අදීශ ඉන්දීවර 70, යසිරු අභිශේක් 32, සසිඳු කෞශාන් 42, හිරුන් මතීෂ 34, චතුක හිරෝෂිමා 26, දියත් සංජිත 2/34, සඳරු මල්ශාන් 4/61, පුල්ජිත් වතුසුක 2/36
  • දේවපතිරාජවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 156 (10.0) අරෝෂ සිතුමිණ නොදැවී 105, ගිම්හාන් රසාංජන 26

තරගයේ විසඳුමක් නෑ.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – පුල්ජිත් වත්සුක (දේවපතිරාජ විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – එනුක ඔනදිත්  (පී. ද එස්. කුලරත්න විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පිතිකරු – අරෝෂ සිතුමිණ (දේවපතිරාජ විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සඳරු මල්ශාන් (දේවපතිරාජ විද්‍යාලය) 

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<