දින තුනක් පුරාවට මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවති 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අද (24) නිමාවට පත්වූ අතර තරගාවලියේ දී පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසව් 33ක් යටතේ තරග වදින ලදි.
22, 23 සහ 24 යන දින තුන පුරාවට පැවති මලල ක්‍රීඩා ඉසව්වල දී නව ශ්‍රී ලංකා ජාතික වාර්තා 2ක් සහ එක් තරගාවලි වාර්තාවක් බිහි වූ අතර එම වාර්තා 3ම බිහිවූයේ පිටිය ඉසව්වලින් වීම විශේෂත්වයකි.
ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඉඳුනිල් සහ ගයන්තිකාගෙන් දස්කම්
43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (23) දිනයේ දී ජවන හා පිටිය තරග ඉසව් යටතේ උදෑසන වරුවේ දී අවසන් තරග අවසන් තරග…

රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 06ක් සමඟින් සමස්ත පදක්කම් 32ක් දිනා ගනු ලැබූ බස්නාහිර පළාත් කණ්ඩායම ජවන හා පිටිය පිරිමි තරග අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. මධ්‍යම පළාත් කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

ටර්ක්මෙනිස්තානයේ අෂ්ගබාත් නුවර දී පැවති ආසියානු ගෘහස්ථ හා සටන් කලා ශූරතාවලියේ දී කාන්තා තුන් පිම්ම ඉසව්වේ සමස්ත 7 වන ස්ථානය දිනා ගනිමින් ඉහළ දස්කම් දැක්වීමට අසමත් වූ විදූෂා ලක්ෂානි නැවතත් සුපුරුදු රිද්මයට පැමිණෙමින් මෙම තරගාවලියේ දී තුන් පිම්ම ඉසව්වෙන් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. එහි දී බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග කළ ඇය මීටර 13.32ක දුර ප්‍රමාණයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටවූ අතර ඒ අනුව ඇය එම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය. වයඹ පළාතේ ප්‍රබෝධා බාලසූරිය සහ එස්. දුලාංජලී එහි දී පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ලදි. ඒ අනුව විදූෂාගේ මෙම දක්‍ෂතාවය වෙනුවෙන් ඇය 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණු අතර පිරිමි දුර පැනීමේ ඉසව්වේ දී මීටර 7.83ක දුරක් වාර්තා කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කරනු ලැබූ මධ්‍යම පළාතේ ජානක විමලසිරි ක්‍රීඩා උළෙලේ හොඳම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

දිවයින තුළ සිටින දක්‍ෂතම දිගු දුර ධාවකයා තමන් බව සනාථ කළ මධ්‍යම පළාතේ ලයනල් සමරජීව පිරිමි මීටර 5000 ඉසව්වේ දී මිනිත්තු 14:59.35ක කාලයක් වාර්තා කර ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එය ඔහු මෙම තරගාවලියේ දී දිනාගත් දෙවන රන් පදක්කමයි. ඒ අනුව ඔහු තරගාවලියේ ජයග්‍රහණය කරනු ලැබූ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ පිරිමි මීටර 10,000 ඉසව්වෙනි. සබරගමුව පළාතේ ඒ. කේ. තරංග සහ මධ්‍යම පළාතේ ජී. කේ. බණ්ඩාර එහි දී පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

ආසියානු ගෘහස්ථ හා සටන් කලා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළ මංජුල කුමාර මෙහි දී උස පැනීම ඉසව්වේ දී මීටර 2.18ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි දී මීටර 2.01ක දක්ෂතාවයක් දැක්වූ ඉන්දික උදය කුමාර සහ ඩී. රණතුංග සම දෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

ක්‍රීඩා උළෙලේ වේගවත්ම ඉසව් වන කාන්තා හා පිරිමි මීටර 100 ධාවන ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයින් දෙපළකි. එහි දී කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ රුමේෂිකා රත්නායක විසිනි. ජපානයේ පැවති නිල රැඳවුම් රැළියට නිමාලි ලියනාරච්චි සමඟින් රුමේෂිකා සහභාගී වීම නිසා ඇයට මෙම ඉසව්වේ පෙර වටවල තරග සඳහා සහභාගී වීමට හැකිනොවූ නමුත් ඇයට ඉසව්වේ අවසන් තරගය සඳහා සහභාගී වීමට අවසර ලැබුණි. ඒ අනුව එහි දී සබරගමුව පළාත නියෝජනය කරමින් තරග කළ ඇය තත්පර 11.74ක කාලයක් වාර්තා කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. සත්ප්‍රයාම ඉසව්වේ ‘යකඩ ගැහැණිය’; වී. සුගන්දි තත්පර 12.03ක කාලයක් වාර්තා කර ගනිමින් එහි දී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර තත්පර 12.18ක කාලයක් වාර්තා කරගත් එස්. එල්. විදානගුරුගේ එහි දී තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

නැගෙනහිර පළාත නියෝජනය කරමින් තරගයට සහභාගී වූ මොහොමඩ් අෂ්රෆ් මෙහි දී තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට අපොහොසත් වූ අතර එහි දී සිදු වූ ප්‍රමාදය නිසා ඔහුට තුන්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ඒ අනුව දකුණු පළාත නියෝජනය කරමින් තරගයට සහභාගී වූ එස්. එල්. වික්‍රමසිංහ තත්පර 10.85ක කාලයක් වාර්තා කර ගනිමින් රිදී පදක්කම ජයග්‍රහණය කළ අතර අෂ්රෆ් තරගය අවසන් කිරීම සඳහා වැය කළ කාලය තත්පර 10.86කි.
තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට





















