ඇතුගල්පුර මහා ක්‍රිකට් ගැටුම ඇරඹෙයි!

42nd Battle Of The Rocks

4

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර 42 වැනි වරට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය අද (20) කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

තරගයේ කාසියේ වාසිය මලියදේව විද්‍යාලය සතු වූ අතර, ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

ඒ අනුව සාන්ත ආනා පිතිකරුවන් තරගයේ පළමු ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ අතර, මෙහි දී මලියදේව ක්‍රීඩකයින් විසින් සත්‍ය වශයෙන්ම කාසියේ වාසිය භාවිතා කරමින් සාන්ත ආනා පළමු ඉක්මනින් බිඳ හෙළීමට සමත් වුනා. 

මෙහි දී සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් කුශාන් සුභසිංහ ලකුණු 58ක් සහ යශ්මිත් ජයසුන්දර ලකුණු 52ක් ලබමින් සාර්ථක පිතිකරණයක නියැලීමට සමත් වූ නමුත්, ඒ හැරුණු කොට එකදු පිතිකරුවකු හෝ ලකුණු අතරට පිවිසීමට සමත් වුනේ නැහැ. 

මේ අනුව සාන්ත ආනා පළමු ඉනිම ලකුණු 187කට සීමා වූ අතර, මෙහි දී මලියදේව විද්‍යාලය වෙනුවෙන් නිශුද චන්ද්‍රසිරි කඩුලු 4ක් දවා ගන්නා අතරේ, දිමත් අබේසිංහ සහ සොනාල් අශ්වින් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

මින් අනතුරුව මලියදේව විද්‍යාලය විසින් සිය පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වූ අතර, මෙහි දී දිනය අවසන් වන තෙක් පන්දුවාර 34ක් පිතිකරණයේ යෙදුණු මලියදේව ක්‍රීඩකයින් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වුනා. 

මේ වෙනුවෙන් රජිත් නවෝද්‍ය නොදැවී ලකුණු 42ක් එක් කිරීමට සමත් වූ අතර, චන්දුප අබේසිංහ නොදැවී ලකුණු 31ක් එක් කිරීමට සමත් වුනා. 

ඇතුගල්පුර සටනේ පළමු පළමු දිනය ඒ අයුරින් නිමා වන විට සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිමේ දී මලියදේව ක්‍රීඩකයින්ට වඩා ලකුණු 85ක් පෙරමුණේ පසු වනවාතරගයේ දෙවැනි දිනය හෙට (21) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

දේශීය පාසල් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<