Home Sinhala ආදරවන්ත තෑගි මේසය ම රිච්මන්ඩ්වරුන්ට

ආදරවන්ත තෑගි මේසය ම රිච්මන්ඩ්වරුන්ට

38th Battle of the Lovers

1
38th Battle of the Lovers

පන්දුවෙන් පන්දුව ජයග්‍රහණය දෝලනය වූ 38 වැනි ආදරවන්තයෙන්ගේ වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලය අද (27) සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 229ක් හඹා ගිය රිච්මන්ඩ් විද්‍යාලයට අවසන් පන්දු 6 දී ජයග්‍රහණය උදෙසා ලකුණු 7ක් අවශ්‍ය වූ අතර එම ඉලක්කය තරගයේ අවසන් පන්දුවේ දී සපුරා ගැනීමත් සමඟින් ඔවුන් මෙම ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ටෙනුෂ නිම්සර (නායක), රිසිනු රූපයින්ගේ, චලිඳු කරුණාරත්න, රවිනු රන්දිනු, අමීෂ රසාංජන, පුනාල් හංසජිත්, මිනග ආරියදාස, නෙතුජ බාසිත, රනිඳු ද සිල්වා, නෙත්සර ආකාශ් සහ සෙනුක දුල්මෙත් (කඩුලු රකින්නා).

මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

අරෝෂ උදයංග (නායක), දුල්සිත් දර්ශන, රන්දුල මාබරණ (කඩුලු රකින්නා), දිනෙත් පැහැසර, ගෙසඳු බිසස්, මානිත රාජපක්ෂ, සෙහස් වල්පිට,  කවීෂ ගිත්මාල්, සදෙව් නෙත්මිණ සහ කවිඳු නිම්සර.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහින්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම එතරම් ම සාර්ථක තත්ත්වයෙන් පැවැතියේ නැහැ. වරෙක ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 7කට ලකුණු 158ක් ලෙසයි.

එම අවස්ථාවේ දි මහින්ද විද්‍යාලයීය ඉනිම ගොඩ නැගීමට පෙරමුණ ගත්තේ සෙහස් වල්පිට සහ කවීෂ ගිත්මල්. ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 71ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සෙහස් වල්පිට පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද සහ කවීෂ ගිත්මාල් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 41ක් ද ලබා සිටියා.

ඊට අමතර ව මානිත රාජපක්ෂ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 29ක් ද, ගෙසඳු බිසස් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද සහ දුල්සිත් දර්ශන පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නෙතුජ බාසිත සහ අමීෂ රසාංජන කඩුලු ද්විත්වය බැගින් ද, රනිඳු ද සිල්වා සහ නායක ටෙනුශ නිම්සර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

හඹා යන පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අමීෂ රසාංජන. ඔහු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහරක් පමණක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ඔහු ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පුනාල් හංසජිත් සමඟ එක් වෙමින් ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා. එහි දී පුනාල් හංසජිත් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබා ගන්නවා.

ඔහුගේ දැවී යෑමත් සමඟින් තවත් ලකුණු 11ක් රිච්මන්ඩ් ඉනිමට එක් වෙද්දී ඔවුන්ගේ තවත් කඩුලු ද්විත්වයක් ද දැවී යනවා. එම අවස්ථාවේ දී නැවත වතාවක් අමීෂ රසාංජන පෙරමුණ ගනිමින් නෙතුජ බාසිත ද එක් කර ගනිමින් 7 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කරනවා.

අමීෂ රසාංජන පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී අමීෂ රසාංජන සමඟින් අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි රනිඳු ද සිල්වා පන්දු 8කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මානිත රාජපක්ෂ ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව කවිඳු නිම්සර, සෙහස් වල්පිට සහ කවීෂ ගිත්මාල් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහින්දවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුලු 7ක් දැවී 229 (50.0) දුල්සිත් දර්ශන 24, ගෙසඳු බිසස් 26, මාන්ත රාජපක්ෂ 29, සෙහස් වල්පිට නොදැවී 46, කවීෂ ගිත්මාල් නොදැවී 41, නෙතුජ බාසිත 2/37, අමීෂ රසාංජන 2/39
  • රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුලු 7ක් දැවී 230 (50.0) රිසිනු රූපසිංහ 46, චලිඳු කරුණාරත්න 22, අමීෂ රසාංජන නොදැවී 68, පුනාල් හංසජිත් 42, නෙතුජ බාසිත 24, මානිත රාජපක්ෂ 2/44

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

Result
Richmond College
230/7 (50)
Mahinda College
229/7 (50)
Batsmen R B 4s 6s SR
Thevindu Rashmika c Punal Hansajith b Ranindu De Silva 16 12 3 0 133.33
Dulsith Darshana b Nethuja Basitha 24 37 3 0 64.86
Randula Mabarana run out (Ravindu Randinu) 14 20 1 0 70.00
Dineth Pahasara c Nethuja Basitha b Nethuja Basitha 17 27 1 0 62.96
Gasandu Bisas c Senuk Dulmeth b Tenusha Nimsara 26 40 2 0 65.00
Manitha Rajapakshe st Senuk Dulmeth b Ameesha RasanJana 29 60 1 0 48.33
Sehas Walpita not out 46 61 2 1 75.41
Arosha Udayanga c Punal Hansajith b Ameesha RasanJana 2 9 0 0 22.22
Kaveesha Githmal not out 41 34 3 1 120.59
Extras 14 (b 0 , lb 0 , nb 0, w 14, pen 0)
Total 229/7 (50 Overs, RR: 4.58)
Bowling O M R W Econ
Nethsara Akash 10 0 42 0 4.20
Ranindu De Silva 4 0 28 1 7.00
Nethuja Basitha 10 0 37 2 3.70
Minaga Ariyadasa 6 0 20 0 3.33
Tenusha Nimsara 10 0 49 1 4.90
Punal Hansajith 2 0 11 0 5.50
Ameesha RasanJana 8 0 39 2 4.88

Batsmen R B 4s 6s SR
Risinu Rupainghe c Thevindu Rashmika b Manitha Rajapakshe 46 70 3 2 65.71
Chalindu Karunarathna c Sehas Walpita b Kavindu Nimsara 22 32 3 0 68.75
Ravindu Randinu b Kaveesha Githmal 4 14 0 0 28.57
Ameesha RasanJana not out 68 87 1 0 78.16
Punal Hansajith lbw b Sehas Walpita 42 60 5 0 70.00
Minaga Ariyadasa c Kaveesha Githmal b Manitha Rajapakshe 1 5 0 0 20.00
Tenusha Nimsara run out (Sadew Nethmina) 2 4 0 0 50.00
Nethuja Basitha run out (Manitha Rajapakshe) 24 21 1 1 114.29
Ranindu De Silva not out 10 8 0 0 125.00
Extras 11 (b 0 , lb 0 , nb 0, w 11, pen 0)
Total 230/7 (50 Overs, RR: 4.6)
Bowling O M R W Econ
Sadew Nethmina 7 0 25 0 3.57
Kavindu Nimsara 5 0 17 1 3.40
Kaveesha Githmal 10 0 58 1 5.80
Arosha Udayanga 5 0 17 0 3.40
Manitha Rajapakshe 10 1 44 2 4.40
Gasandu Bisas 5 1 23 0 4.60
Sehas Walpita 8 0 33 1 4.12

තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සෙනුක දුල්නෙත් (රිච්මන්ඩ් විද්‍යාලය)

තරගයේ දක්ෂතම පන්දු යවන්නා – නෙතුජ බාසිත (රිච්මන්ඩ් විද්‍යාලය)

තරගයේ දක්ෂතම පිතිකරු – අමීෂ රසාංජන (රිච්මන්ඩ් විද්‍යාලය)

තරගයේ වීරයා – අමීෂ රසාංජන (රිච්මන්ඩ් විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<