වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 32 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ 2 වැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් HNB A කණ්ඩායමට එරෙහි ව ලකුණු 89ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Hayleys Group A ක්‍රීඩකයෝ සමත් වුණා.
ඒ සමඟින් ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් සමඟ එම වටය නියෝජනය කිරීමට Fairfirst Insuarance කණ්ඩායම පෙර දිනයේ සුදුසුකම් ලබා ගත් අතර තරගාවලියේ පළමු වටයේ ප්‍රසාද ලකුණු මත පළමු ස්ථාන ද්විත්වයට පත් CDB A කණ්ඩායම සහ Maliban Biscuits A කණ්ඩායම ද ඊට පෙර සිට ම එම වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටියා.
අද (22) කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැති තරගයෙන් කාසියේ වාසිය දිනා ගත් HNB A කණ්ඩායම් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 341ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් HNB A කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 252ක් පමණයි.
Hayleys Group A කණ්ඩායම
රමේෂ් මෙන්ඩිස් (නායක), නිශාන් මදුශ්ක, රොන් චන්ද්‍රගුප්ත, අහන් වික්‍රමසිංහ, සදීර සමරවික්‍රම, මිනෝද් භානුක (කඩුලු රකින්නා), සහන් කෝසල, රවිඳු ප්‍රනාන්දු, කවිශ්ක අංජුල, ඉනුක කරන්නාගොඩ සහ ප්‍රභාත් ජයසූරිය.
HNB A කණ්ඩායම
චමිඳු විජේසිංහ (නායක), සිතාර හපුහින්න (කඩුලු රකින්නා), ජනිශ්ක පෙරේරා, මිනෙත් ප්‍රේමරත්න, සම්මු අශාන්, මාධව වර්ණපුර, රන්මිත් ජයසේන, ඩෙලෝන් පීරිස්, අශේන් ඩැනියෙල්, දුවිඳු රණතුංග සහ සිතුම් දිසානායක.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මදුශ්ක සහ රොන් චන්ද්‍රගුප්ත පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 199ක සබඳතාවක් එක් කරන්නේ දෙදෙනා ම ශතක ලබා ගනිමිනුයි.
එහි දී නිශාන් මදුශ්ක පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 126ක් ද සහ රොන් චන්ද්‍රගුප්ත පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 102ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 25කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද සහ මිනෝද් භානුක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සිතුම් දිසානායක ලකුණු 63කට කඩුලු 4ක් ද සහ දුවිඳු රණතුංග ලකුණු 65කට කඩුලු 4ක් ද දවා ගත් අතර චමිඳු වික්‍රමසිංහ කඩුල්ලක් දවා ගත්තා.
- සොහාන් ද ලිවේරා ශතක සමාජයට
- ශ්‍රී ලංකාව බංග්ලාදේශයත් රැගෙන සුපිරි හතරට පිවිසෙයි
- CDB A තව දුරටත් අපරාජිතයි
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- එශාන් සහ විශේන් SA20 තරගාවලියට!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි HNB A ක්‍රීඩකයෝ ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉනිම ආරම්භ කළ සිතාර හපුහින්න සහ ජනිශ්ක පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩ නගනවා.
එහි දී සිතාර හපුහින්න පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ජනිශ්ක පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 79ක්. ඒ සඳහා ඔහු පන්දු 84කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට එක් කළා.
ඉන් අනතුරු ව HNB A කණ්ඩායමේ වැඩි ම ලකුණුලාභියා වූයේ නායක චමිඳු විජේසිංහ. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.
එම ඉනිමේ ආරම්භය සාර්ථක වූව ද මැද පෙළ කඩුලු 4ක් ලකුණු 3ක් තුළ දවා ගැනීමට Hayleys Group A පන්දු යවන්නෝ සමත් වූවා. එසේ වූවත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවක් එක් කිරීමට සිතුම් දිසානායක සහ අශේන් ඩැනියෙල් සමත් වීම කැපී පෙණුනා. තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔවුන් නොහැකි වූවත් එහි දී සිතුම් දිසානායක පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ද සහ අශේන් ඩැනියෙල් පන්දු 17කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 15ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර ඊට අමතර ව කවිශ්ක අංජුල කඩුලු 2ක් ද, රොන් චන්ද්‍රගුප්ත, රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Hayleys Group A – සියලුම දෙනා දැවී 341 (50.0)නිශාන් මදුශ්ක 126, රොන් චන්ද්‍රගුප්ත 102, මිනෝද් භානුක 26, රමේෂ් මෙන්ඩිස් 30, සිතුම් දිසානායක 4/63, දුවිඳු තිලකරත්න 4/65
- HNB A– සියලුම දෙනා දැවී 252 (43.3)සිතාර හපුහින්න 27, ජනිශ්ක පෙරේරා 79, චමිඳු විජේසිංහ 44, සිතුම් දිසානායක 33, කවිශ්ක අංජුල 2/32, රවිඳු ප්‍රනාන්දු 5/33
Hayleys Group A කණ්ඩායමට ලකුණු 89ක ජයක්.
තරගාවලියේ අවසන් පූර්ව තරගය මේ මස 24 සහ 26 වැනි දිනවල දී කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එම තරග දිනයන් සඳහා අමතර දිනයන් ද ලබා දී තිබෙනවා.
මෙම තරග ThePapare.com, ThePapare 1 (Dialog TV Chanal 62) සහ Dialog ViU app ඔස්සේ නැරඹිය හැකියි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















