වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 32 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද (17) අවසන් වුණා.
ඒ අනුව සැකසුණ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය දිනා ගත් CDB A කණ්ඩායම සහ 2 වැනි ස්ථානය දිනා ගත් Maliban Biscuits A කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සෘජුව ම සුදුසුකම් ලබා ගත් අතර අනෙක් කණ්ඩායම් 4 අර්ධ අවසන් පූර්ව වටයට එක් වෙනවා.
Hayleys Group A සහ HNB අතර තරගය කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – HNB
පළමුවෙන් පන්දුවට පහර දුන් HNB ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 109ක් පමණක් වන අතර ප්‍රතිවාදී Hayleys Group A කණ්ඩායම් ඉනිමට වර්ෂාවෙන් වූ බලපෑම හේතුවෙන් පන්දුවාර 42.0ක දී ජයග්‍රහණය වෙනුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 109ක් අවශ්‍ය වූවා. ඔවුන් එම ඉලක්කය පන්දුවාර 11.4ක දී කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගන්නවා.
HNB ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු සිතාර හපුහින්න. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා. ඊට අමතර ව ජනිශ්ක පෙරේරා (17), චමිඳු වික්‍රමසිංහ (15) සහ සම්මු අශාන් (12) යන්තම් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට එවන් අවස්ථාවන් උදා කර ගැනීමට හැකි වූයේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස් සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 14 දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46ක දී ලකුණු 76ක් ලබා ගැනීමට රොන් චන්ද්‍රගුප්ත සහ මිනෝද් භානුක සමත් වෙනවා.
එහි දී මිනෝද් භානුක පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 28කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී අශේන් ඩැනියෙල් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව සම්මු අශාන් කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- HNB– සියලුම දෙනා දැවී 109 (25.4) සිතාර හපුහින්න 22, ප්‍රභාත් ජයසූරිය 4/21, රමේෂ් මෙන්ඩිස් 3/35, රවිඳු ප්‍රනාන්දු 3/34
- Hayleys Group A– කඩුලු 3ක් දැවී 109 (11.4) රොන් චන්ද්‍රගුප්ත නොදැවි 59, මිනෝද් භානුක 31, අශේන් ඩැනියෙල් 2/34
Hayleys Group A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.
- ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි
- CDB A තව දුරටත් අපරාජිතයි
- ශ්‍රී ලංකාව පහසු හඹා යෑමක; ආසියා කුසලානයේ පළමු ජය තහවුරුයි
CDB A සහ Fairfirst Insuarance අතර තරගය කොළඹ MCA ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – CDB A
කාසියේ වාසිය දිනා ගත් ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfirst Insuarance ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 156ක් ලබා ගන්නවා. මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දෙවැනියට පන්දුවට පන්දුවට පහර දුන් CDB A කණ්ඩායමේ ඉලක්කය පන්දුවාර 42.0ක දී ලකුණු 156ක් බවට පත් වුණා. හඹා ගිය එම ඉනිමේ 14.4 වැනි පන්දුවාරයේ දී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට ඔවුන් සමත් වෙනවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් Fairfirst Insuarance කණ්ඩායම වෙනුවෙන් ගයන වීරසිංහ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 64ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක මෝදිත රණතුංග පන්දු 41කට ලකුණු 29ක් ද, නිමේෂ් විමුක්ති පන්දු 27කට ලකුණු 27ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 21කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර මොවින් සුබසිංහ සහ මුදිත ලක්ෂාන් කඩුලු ද්විත්වය බැගින් ද සහ නිපුන් ධනංජය සහ ලහිරු මදුශංක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CDB A ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක දී ලකුණු 71ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ලහිරු උදාර සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් වෙනවා.
එහි දී පළමුවෙන් ම දැවී යන්නේ ලහිරු උදාර. ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුනු 34ක් ලබා ගන්නවා. අවිශ්ක ප්‍රනාන්දු තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අමතර ව නිපුන් ධනංජය පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද සහ ඔෂද ප්‍රනාන්දු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සහන් මිහිර සහ නිමේෂ් විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Fairfirst Insuarance – සියලුම දෙනා දැවී 156 (32.4)ගයන වීරසිංහ 64, මෝදිත රණතුංග 29, නිමේෂ් විමුක්ති 27, තරිඳු රත්නායක 4/21, මොවින් සුබසිංහ 2/26, මුදිත ලක්ෂාන් 2/26
- CDB A– කඩුලු 2ක් දැවී 160 (14.4)ලහිරු උදාර 34, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 68, ඔෂද ප්‍රනාන්දු 20, නිපුන් ධනංජය නොදැවී 28
CDB A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයක්.
- පවන් සහ අංජල ද්විත්ව ශතක සබඳතාවක
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකාව පාකිස්තානයේ තුන්කොන් T20 තරගාවලියකට
Maliban Biscuits A සහ BBK Partnership අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී.
- කාසියේ වාසිය – BBK Partnership
කාසියේ වාසිය දිනා ගත් ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Maliban Biscuits A කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 142ක සබඳතාවක් ගොඩ නැගීමට හිරාන් ජයසුන්දර සහ සංගීත් කුරේ සමත් වෙනවා.
ඔවුන් දෙදෙනා අතුරින් පළමුවෙන් ම ඉනිම හැර යන්නේ හිරාන් ජයසුන්දර. ඔහු දැවී යන විට පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තා.
ඊට අමතර ව සංගීත් කුරේ සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනාට අමතර ව ධනංජය ලක්ෂාන් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ටෝනි ග්‍රේග් ලකුණු 53කට කඩුලු 6ක් දවා ගන්නවා. ඊට අමතර ව ක්‍රිෂ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර් කඩුලු 3ක් ද සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ලක් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BBK Partnership කණ්ඩායමට ද සිදු වූයේ වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යය මත තීරණය කෙරුණු ඉලක්කයක් කරා යැමටයි. ඔවුන්ට ලැබුණ ඉලක්කය පන්දුවාර 46.0ක දී ලකුණු 234ක්.
එම ඉනිමේ දී ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 129ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් නිපුන් කරුණානායක පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ද, සංතුශ් ගුණතිලක පන්දු 56කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැති ව ලකුණු 30ක් ද සහ ශ්‍රීදරන් සාරංගන් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මිලාන් රත්නායක, දුශාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Maliban Biscuits A – සියලුම දෙනා දැවී 240 (49.3)හිරාන් ජයසුන්දර 78, සංගීත් කුරේ 57, ධනංජය ලක්ෂාන් 38, ටෝනි ග්‍රේග් 6/53, ක්‍රිශ්ණශ්‍රීරාම් ශ්‍යාම්සුන්දර් 3/39
- BBK Partnership– සියලුම දෙනා දැවී 129 (36.5) ශ්‍රීදරන් සාරංගන් 26, නිපුන් කරුණානායක 35, සංතුශ් ගුණතිලක නොදැවී 30, මිලාන් රත්නායක 2/21, වනුජ සහන් 3/22, සහන් ආරච්චිගේ 2/26, දුශාන් හේමන්ත 2/25
Maliban Biscuits A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 104ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.