සහෝදරත්වයේ සංග්‍රාමය නැවත විසඳුමක් නැතිව අවසන් වෙයි

2nd Battle of the Fraternity

17
2nd Battle of the Fraternity

ගාල්ල බොනවිස්ටා විද්‍යාලය සහ මානවිල උපනන්ද විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති සහෝදරත්වයේ සංග්‍රාමය වාර්ෂිකා මහා ක්‍රිකට් තරගය (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී විසඳුමකින් තොරව අවසන් වුණා.

මෙම වසරේ දී සේ ම පෙර වසරේ දී ද සහෝදරත්වයේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර එම අවස්ථා ද්විත්වයේ ම පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත්තේ උපනන්ද විද්‍යාලයයි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ උපනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බොනවිස්ටා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූ අතර ඊට පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි උපනන්ද විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

බොනවිස්ටා විද්‍යාලයීය කණ්ඩායම

 

ඉමාන් දෙව්ණ (නායක), කුශාන් ඉඳුමිණ, ඉඳුවර නෙත්සර, විහඟ දුශ්‍යන්ත (කඩුලු රකින්නා), තුශේන් නිලුක්ෂ, යදීශ යෙශාන්, හසාර ලක්ශිත, ක්ලෙමන්ට් ඊතන්, පිනිඳු නෙත්සර, ඩිහෙන් හංසන සහ චාමික ජයසංක.

 

මානවිල උපනන්ද විද්‍යාලය කණ්ඩායම

 

වෙනුර සංකල්ප (නායක), ඩිශාන් ඉඳුමිණ, යොමික දුල්මෙත්, නනිඳු නෙත්සර, මහිම යශාන් මෙත්සර, සෙනුර රවිශ්ක හේශාන්, පබසර නවිඳු, අකිල සඳරුවන් (කඩුලු රකින්නා), මින්සර නම්නද ජයලත්, සඳලු සත්සර සහ මිනුල මින්තරු.

පළමුවෙන් පන්දුවට පහර දුන් බොනවිස්ටා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු කුශාන් ඉඳුමිණ. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු ඉඳුවර නෙත්සර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක්. ඒ සඳහා ඔහු පන්දු 28කට මුහුණ දුන් අතර හතරේ පහර 4ක් ඊට ඇතුලත් කළා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණුසංඛ්‍යාව 37ක්. අනතුරු ව මැද පෙළින් පිටියට පිවිසි යදීශ යෙශාන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ඩිශේන් ඉඳුමිණ ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වුණා. ඊට අමතර ව සඳලු සත්සර සහ යොමික දුල්මෙත් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උපනන්ද විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ අකිල සඳරුවන්. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

ඊට අමතර ව නනිඳු නෙත්සර පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද සහ ආරම්භක පිතිකරු ඩිශේන් ඉඳුමිණ පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනිමේ දී යදීශ යෙශාන් ලකුණු 29කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නායක ඉමාන් දෙව්න ලකුණු 34කට කඩුලු 2ක් ද සහ චාමික ජයසංක සහ ක්ලෙමන්ට් ඊතන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බොනවිස්ටා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 125 (50.0) කුශාන් ඉඳුමිණ 27, ඉඳුවර නෙත්සර 24, යදීශ යෙශාන් 21, ඩිශේන් ඉඳුමිණ 3/17
  • උපනන්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 137 (49.5) ඩිශේන් ඉඳුමිණ 23, නනිඳු නෙත්සර 28, අකිල සඳරුවන් 38, ඉමාන් දෙව්ණ 2/34, යදීශ යෙශාන් 5/29

තරගයේ විසඳුමක් නෑ.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා – ඉමාන් දෙව්ණ (බොනවිස්ටා විද්‍යාලය)

 

තරගයේ දක්ෂතම පන්දු යවන්නා – යදීශ යෙශාන් (බොනවිස්ටා විද්‍යාලය)

 

තරගයේ දක්ෂතම පිතිකරු – අකිල සඳරුවන් (බොනවිස්ටා විද්‍යාලය)

 

තරගයේ වීරයා – ඩිශේන් ඉඳුමිණ (උපනන්ද විද්‍යාලය)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<