රඹුක්කන, පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ රුවන්වැල්ල, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති නීල සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත් වෙනවා.
එම ජයග්‍රහණය ඔවුන් මෙම සංග්‍රාමයේ ලබා ගත් කුළුදුල් ජයග්‍රහණයයි. නීල සුලෝහිත සංග්‍රාමයේ පළමු තරගයේ ජයග්‍රහණය සතු වූයේ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමටයි.
මෙම තරගය අද (04) කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති අතර කාසියේ වාසිය දිනා ගත් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 124ක් පමණයි. එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට රාජසිංහ විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.
රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
නඳුන් දනංජය (නායක), පවන් ප්‍රේමලාල්, විදුන් රූපසිංහ, ඉනුර වික්‍රමනායක, සයුරංග වීරසිරි, හිරුෂ කුමාර, තරිඳු දේශාන්, සිතිජ කුමාර, දිසුල බාලසූරිය (කඩුලු රකින්නා), සොනිල සෙනරත් සහ කවීෂ ගුණවර්ධන.
පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
හේසර පාදෙණිය (නායක), සහන් සුගතවංශ, තාරුක අදිත්‍ය, හසිත ඩිල්සර, ලක්සිලු සහන්, කවිඳු සස්මිත, උදුල ජයසිංහ (කඩුලු රකින්නා), ආකාශ් කාවින්ද, සිතුම් නෙත්මික, ඔමින් රණතුංග සහ මොහොමඩ් රානා.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්ත ද ඔවුන්ගේ ආරම්භය එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර ම දැවී යනවා.
එම අසාර්ථක ආරම්භයත් සමඟින් පළමු පන්දුවාර 10 තුළ දී ඔවුන්ගේ කඩුලු ත්‍රිත්වයක් ම අහිමි වෙනවා. ඔවුන්ගේ ඉනිමේ කඩුලු අතර හොඳම ලකුණු සබඳතාව බවට පත් වෙන්නේ කවිඳු සස්මිත සහ ආකාශ් කාවින්ද එක් ව 7 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 31ක සබඳතාවයි.
එහි දී කවිඳු සස්මිත පන්දු 49කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 14ක් ලබා ගන්නවා. ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යන ආකාශ් කාවින්ද පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂ ගුණවර්ධන, සොනිල සෙනරත් සහ නායක නඳුන් රාජපක්ෂ කඩුලු 3ක් බැගින් දවා ගන්නවා. ඊට අමතර ව ඉනුර වික්‍රමනායක ද කඩුල්ලක් හිමි කර ගන්නවා.
- නීල සුලෝහිත සංග්‍රාමය කෑගල්ලේ දී
- ක්‍රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!
- කුසල් අවසන් තරගයේ වීරයා වූ PSL 2025
- “රයිගම් – පස්දුන්” සටනේ ජය ශ්‍රීපාලියන්ට
- ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයකට!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉනුර වික්‍රමනායක. ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.
ඔහු සයුරංග වීරසිරි සමඟ 2 වැනි කඩුල්ලට ලකුණු 77ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී සයුරංග වීරසිරි පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා. ඊට අමතර ව විදුණ රූපසිංහ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ඕමින් රණතුංග ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ආකාශ් කාවින්ද සහ මොහොමඩ් රානා කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පින්නවල මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 124 (35.1)තාරුක ආදිත්‍ය 14, කවිඳු සස්මිත 14, ආකාශ් කාවින්ද 43, නඳුන් රාජපක්ෂ 34/3, කවීෂ ගුණවර්ධන 3/14, සොනිල සෙනරත් 3/30
- රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – කඩුලු 4ක් දැවී 128 (28.0)විදුන් රූපසිංහ නොදැවී 23, ඉනුර වික්‍රමනායක 41, සයුරංග වීරසිරි 34, ඕමින් රණතුංග 2/10
රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – කවීෂ ගුණවර්ධන (රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – ආකාශ් කාවින්ද (පින්නවල මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ වීරයා – ඉනුර වික්‍රමනායක (රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය)
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.