රඹුක්කන, පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ රුවන්වැල්ල, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැත්වෙන නීල සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 31 වැනිදා කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මංගල මහා තරගයේ දී ජයග්‍රහණය පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සතු වීම හේතුවෙන් මෙම තරගයේ දී රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය වෙත වැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා. ඒ තත්ත්වය හමුවේ එම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නඳුන් දනංජය සතු වෙන අතර සයුරංග තිලක්ෂණ උප නායකත්වයේ කටයුතු කරනවා.
පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ හේසර පාදෙණිය වෙතයි.
- ක්‍රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!
- කොදෙව් යන නැගී එන තරු රෑන
- මංගල සහෝදර සංග්‍රාමය විසඳුමක් නෑ
- 20 වැනි ‘ඌව රන් සටන‘ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
- ඇල්පිටියේ හරිත – නීල සටන ගාල්ලේ දී
රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
නඳුන් දනංජය (නායක), සයුරංග තිලක්ෂණ (උප නායක), ටරිඳු දේශාන්, දිනිඳු මලිත්, ජනිඳු පවන්, ලහිරු රුක්ශාන්, විදුන් රූපසිංහ, හිරුෂ කාවින්ද, කවීෂ ඩිල්ශාන්, සොනිල දින්සර, යුවෙන් රත්නායක, දිසුල බාලසූරිය, සවිරු ගගනාදර, සිතිජ ලක්ෂාන්, කලිඳු හේශන සහ ඉනුර වික්‍රමනායක.
ලසන්ත මනතුංග (විදුහල්පති), තුසිත ආනන්ද (ප්‍රධාන පුහුණුකරු), අරුනෝද් නිස්සංක (සහාය පුහුණුකරු)
පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
හේසර පාදෙණිය (නායක), නමිඳු ආසිංසන, කවිඳු සමිත, හසිත ඩිල්සර, විරාජ් කුමර, චිතිල දේශාභී, සිතුම් චමෝද්, ලක්සිලු සහන්, ඔමින් වත්සුක, උදුල ජයසිංහ, සිතුම් නෙත්මික, තරුක ආදිත්‍ය, මොහොමඩ් රානා, ආකශ් කාවින්ද සහ සහන් සයුරංග.
2 වැනි නීල සුලෝහිත සංග්‍රාමයට එක් වෙන පින්නවල මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සහ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
මෙම තරගයේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 2 නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.