ජාත්‍යන්තර මේසපන්දු සංගමය සහ ආසියානු මේසපන්දු සංගමය එක් ව 28 වැනි වරටත් සංවිධානය කරන ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිර්ගීස්තානයට එරෙහි තරගය 3-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වූවා.
ඉන්දියාවේ Bhubaneswar හි දී පැවැත්වෙන මෙම තරගාවලියේ දී නායක චමිර ගිනිගේ සහ චනුල් දුල්සේන් තමන් සහභාගී තරග ජයග්‍රහණය කළ අතර නිමේෂ් රංචාගොඩ ට තමන්ගේ තරගය ජය ගැනීමට හැකි වෙන්නෙ නැහැ.
ශ්‍රී ලංකාව සහ කිර්ගිස්තානය අතර තරග වටය ආරම්භ වෙන්නේ නිමේෂ් රංචාගොඩ ගේ තරගයෙන්. ඔහුගේ ප්‍රතිවාදීයා වූයේ Ergeshov Azamat. එහි දී 9-11ක්, 4-11ක් සහ 6-11ක් ලෙසින් නිමේෂ් රංචාගොඩට පරාජය වීමට සිදු වෙනවා.
අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසෙන්නේ නායක චමීර ගිනිගේ. Moldaliev Tilek සමඟින් පැවැති එම තරගයේ දී පළමු වටය 11-6ක් ලෙසින් පහසුවෙන් ම ජය ගැනීමට චමීර ගිනිගේ ට හැකි වූව ද 2 වැනි වටයේ දී නොසිතූ පරාජයකට මුහුණ දීමට ඔහුට සිදු වෙනවා. ලකුණු පුවරුව දැක් වුණේ 4-11ක් ලෙසයි.
නමුත් අනතුරු ව පැවැති වට ද්විත්වය 11-5ක් සහ 11-7ක් ලෙසින් ජයග්‍රහණය කළ චමීර ගිනිගේ තරගය 3-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින් අවසන් කරනවා.
- ආසියානු කණ්ඩායම් මේසපන්දු ශූරතාවලියට ශ්‍රී ලංකාවත්
- පාපන්දු ශ්‍රේණිගත කිරීම් නොසලකා හරිමින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් කරා!
- මොංගෝලියාව පරාජය කළ ශ්‍රී ලංකාව, තායිලන්තයට පරාජය වෙයි
- ආබාධ පැරදූ Ousmane Dembele Ballon d’Or සම්මානය කරා
- ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තහවුරුයි!
එම තරගයත් සමඟින් 1-1 ලෙසින් තරගය සම වෙද්දී පිටියට පිවිසියේ චනුල් දුල්සේන්. Sagyndykov Talgat සමඟ පැවැති එම තරගය තියුණු මුහුණුවරක් ගත්තා. තරගය ආරම්භ කරමින් පැවැති පළමු වට ද්විත්වය 9-11ක් සහ 8-11ක් ලෙසින් ප්‍රතිවාදී කිර්ගිස්තාන ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා.
තරගවට 2-0ක් ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩකයා ඉදිරියේ සිටිය දී තෙවැනි වටයට පිවිසි චනුල් දුල්සෙන්, එතැන් සිට තරගය අවසන් කරන්නේ 11-7ක්, 11-8ක් සහ 11-7ක් ලෙසින් පිට පිට තරග වට ත්‍රිත්වය ම ජයග්‍රහණය කරමිනුයි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය තරග වට 3-2ක් ලෙසින් චනුල් දුල්සේන් සතු වෙනවා.
අනතුරු ව නැවතත් චමීර ගිනිගේ තරග බිමට පිවිසි අතර ඔහුගේ ප්‍රතිවාදීයා වූයේ Ergeshov Azamat. එම තරගයේ පළමු තරග වට ද්විත්වය 11-5ක් සහ 11-9ක් ලෙසින් පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට චමිර ගිනිගේ සමත් වූව ද තෙවැනි තරග වටයේ දී 4-11ක පරාජයකට මුහුණ දීමට ඔහුට සිදු වෙනවා.
එම පරාජයෙන් අනතුරු ව පැවැති තරග වටය 11-9ක් ලෙසින් ජයග්‍රහණය කළ චමීර ගිනිගේ තරගය 3-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින් අවසන් කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය 3-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ කර්ගිස්තානය, දිනය අවසානයේ දී 3-0ක් ලෙසින් කසකස්තානය හමුවේ ද පරාජයට පත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන 2 වැනි තරගය අද (12) පෙරවරු 10.00ට කසකස්තානය සමඟින් පැවැත්විමට නියමිතයි.
28 වැනි ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<