පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර 27 වැනි වරටත් පැවැත්වෙන හරිත සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අද (3) ආරම්භ වූවා.
එම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. ඒ අනුව තරගය අයහපත් කාලගුණ තත්තවය මත පළමු දිනයට නතර කරන විට ඔවුන් පන්දුවාර 76ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 234ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් 17 වැනි වියේ පසුවෙන වමත් ආරම්භක පිතිකරු බානුක ආදිත්‍ය පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 132ක් ලබා සිටියා.
සාන්ත ජෝන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මදුශ මෙන්ඩිස් (නායක), සදෙව් පබසර, බානුක ආදිත්‍ය, චෙනුක රෙහාන්, තරුල් ලක්සඳ (කඩුලු රකින්නා), කුසල් ප්‍රනාන්දු, හිරුෂ සල්ගාදු, සනිතු යුනත්, පමොක් මෙත්දිනු, නිපුන් ශනුක සහ ගිම්හාන් රශ්මික.
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සදෙව් විජේරත්න (නායක), දිනෙත් පෙරේරා, එනුක අනුදත්, යසාර නිතිල්, සංවිඳු සිල්වා, සත්සර නිලංජිත්, දිනිදු රශ්මික, උදාර ධනංජය, ලසිරු සඳකැන් (කඩුලු රකින්නා), දිනිමුතු පෙරේරා සහ තිසජ කුමාරතුංග.
මෙම තරගයේ දී සාන්ත ජෝන් ඉනිම ආරම්භ කළ සදෙව් පබසර සහ බානුක ආදිත්‍ය එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 212ක දී ලකුණු 85ක සබඳතාවක් ගොඩ නගමින් තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සදෙව් පබසරගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා. අනතුරු ව එම ඉනිමේ 2 වැනි කඩුල්ල ලකුණු 93ක් වෙද්දී දැවී ගිය අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් බානුක ආදිත්‍ය සහ තරුල් ලක්සඳ එක් ව පන්දු 227ක දී නොදැවුණ ලකුණු 141ක සබඳතාවක් ගොඩ නගනවා.
එහි දී තරුල් ලක්සඳ පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී යෙසර නිතිල් ලකුණු 58කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ජෝන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක දැවී 234 (76.0)සදෙව් පබසර 26, බානුක ආදිත්‍ය නොදැවී 132, තරුල් ලක්සඳ නොදැවී 67, යෙසාර නිතිල් 2/58
මෙම තරගය හෙට (3) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.






















