ආනන්ද ශාස්ත්‍රාලය ශ්‍රී ජයවර්ධනපුර සටන දිනයි

16
Battle of the Jayawardanapura

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය අතර 26 වැනි වරටත් පැවැති ශ්‍රී ජයවර්ධනපුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද ශාස්ත්‍රාලය සමත් වෙනවා.

කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ඔවුන් ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ජයවර්ධනපුර සටන් ඉතිහාසයට විසඳුමකින් යුත් තරග ත්‍රිත්වයක් එක් වෙන අතර ඒ සෑම තරගයක ම ජයග්‍රාහකයන් වෙන්නේ ආනන්ද ශාස්ත්‍රාලය වීමත් විශේෂත්වයක්.

සාන්ත ජෝන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

සඳුන් දෙව්මිණ (නායක), අනුප සුරාන්, තෙනුක දුල්ලෑවේ (කඩුලු රකින්නා), සෙනුර ගයේශන, රුගිත් නිම්ජය, ටිශාන් දමිඳු, මොහොමඩ් මිශල්, ඉමෙත් සත්සිලු, හංසන දෙනුවන්, නදිත සත්සර සහ කවිඳු දිල්ශාන්.

ආනන්ද ශාස්ත්‍රාලයීය වයස අවුරුදු 19න් පහළ කණඩායම

පෝෂිත මදනායක (නායක), තීක්ෂණ උෂාර, නදිල් සඳිව්, චෙනුක දොඩංගොඩ, සුවහස් නිම්සර, ගනිඳු දිනෙත් (කඩුලු රකින්නා), දෙලූශ දෙනුවන්, චතුර් අමා, යොහාන් ලක්ෂික සහ බනුජ චමත්කාර.

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද ශාස්ත්‍රාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝන් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 107ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නෙ තෙනුක දුල්ලෑවේ. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව සඳුන් දෙව්මිණ පන්දු 62කට මුහුණ දෙමින් ලකුණු 19ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී පෝෂිත මදනායක ලකුණු 11කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව බනුජ චමත්කාර කඩුලු 2ක් ද, චතුර් අමා, චෙනුක දොඩන්ගොඩ සහ යොහාන් ලක්ෂිත කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

එම ඉනිමෙන් අනුතුරු ව තම පළමු ඉනිමට පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 139ක් ලබා ගන්නවා. එම ඉනිමේ ආරම්භක පිතිකරු තීක්ෂණ උෂාර පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත් අතර ඊට අමතර ව ගනිඳු දිනෙත් පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ඉමෙත් සත්සිලු ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ටිශාන් දමිඳු සහ කවිඳු දිල්ශාන් කඩුලු ද්විත්වය බැගින් ද, රුගිත් නිම්ජය සහ සෙනුර ගයේශන කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ලකුණු 32ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝන් විද්‍යාලය එම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 170ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් මොහොමඩ් මිශෙල් පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ද, රුගිත් නිම්ජය පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද, සඳුන් දෙව්මිණ පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද සහ සෙනුර ගයේශන පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී බානුජ චමත්කාර ලකුණු 57කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව පෝශිත මදනායක කඩුලු 3ක්, සුවහස් නිම්සර සහ චෙනුක දොඩංගොඩ කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 138ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලය එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගන්නවා.

එම ජයග්‍රහණයේ දී චේනුක දොඩංගොඩ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 77ක් ලබා ගනිමින් තරගයේ වාර්තා කරන එක ම අර්ධ ශතකය වාර්තා කරනවා.

ඊට අමතර ව නදිල් පෙරේරා පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද සහ තරගය අවසන් වෙද්දී චතුර් අමා පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ටිශාන් දමිඳු ලකුණු 35කට කඩුලු 4ක් ද සහ නදිත සත්සර කඩුල්ලක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත ජෝන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (34.1) තෙනුක දුල්ලෑවේ 25, බානුජ චමත්කාර 2/28, පෝෂිත මදනායක 5/11

 

ආනන්ද ශාස්ත්‍රාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 139 (46.2) තීක්ෂණ උෂාර 33, ගනිඳු දිනෙත් 28, කවිඳු දිල්ශාන් 2/21, ඉමෙත් සත්සිලු 4/51, ටිශාන් දමිඳු 2/01 

 

සාන්ත ජෝන් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 170 (68.2) සෙනුර ගයේශන 24, රුගිත් නිම්ජය 31, සඳුන් දෙව්මිණ 29, මොහොමඩ් මිශල් 33, පෝෂිත මදනායක 3/61, බානුජ චමත්කාර 5/57

 

ආනන්ද ශාස්ත්‍රාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 139 (32.2) නදිල් පෙරේරා 20, චෙනුක දොඩංගොඩ නොදැවී 77, චතුර් අමා නොදැවී 19, ටිශාන් දමිඳු 4/35

ආනන්ද ශාස්ත්‍රාලයට කඩුලු 5ක ජයක්.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<