2026 IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම්වල ක්‍රීඩකයින් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (16) රාත්‍රියේ දී සාර්ථකව නිමාවට පත් වුනා.
මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ලෙස වනිඳු හසරංග, මතීෂ පතිරණ, පැතුම් නිස්සංක, මහීෂ් තීක්ෂණ, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, විජයකාන්ත් වියස්කාන්ත්, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ට්‍රවීන් මැතිව් සහ බිනුර ප්‍රනාන්දු යන අය සිය නම් ඇතුළත් කර තිබුණා.
මතීෂ වාර්තා බිඳ දමයි
ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළම අවධානය යොමු වූ ක්‍රීඩකයින් දෙදෙනා අතුරින් එක් අයකු වීමට මතීෂ පතිරණට හැකියාව ලැබුණේ Kolkata Knight Riders කණ්ඩායම විසින් ඔහුව ඉන්දීය රුපියල් කෝටි 18කට මිල දී ගැනීමත් සමඟයි.
මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට IPL හිමි හිමි වූ ඉහළම වටිනාකම ලෙස සටහන් වූ අතර, මීට පෙර Chennai Super Kings වෙතින් ඔහුට කෝටි 13ක වටිනාකමක් හිමි වී තිබුණා.
කෙසේ වෙතත් පසුගිය වසරෙන් පසුව CSK විසින් මතීෂව කණ්ඩායමෙන් නිදහස් කළ අතර, ඊයේ දිනයේ දී පළමුව Delhi Capitals සහ Lucknow Super Giants කණ්ඩායම් මතීෂ වෙනුවෙන් සටන් වැදුණා. පසුව DC වෙත මතීෂගේ වටිනාකම දරා ගත නොහැකි වීම නිසා ඔවුන් තරගයෙන් ඉවත් වූ නමුත්, ඉන් පසුව මතීෂ වෙනුවෙන් පෙරට ආ KKR කණ්ඩායම LSG අබිබවා යමින් ඉන්දීය රුපියල් කෝටි 18ක වටිනාකම මතීෂට ලබා දුන්නා. ඒ අනුව මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය තුළ දෙවැනි වැඩිම වටිනාකම හිමි වූ ක්‍රීඩකයා ලෙස මතීෂගේ නම සටහන් වනු ඇති.
ඉතිහාසගත වැටිම වටිනාකම Greenට
මෙවර IPL වෙන්දේසියේ දී ඉහළම වටිනාකම හිමි වූ ක්‍රීඩකයා වීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Cameron Greenට හැකියාව ලැබුණා. ඔහුව ද KKR කණ්ඩායම විසින් ලබා ගත් අතර, ඒ වෙනුවෙන් ඔහුට හිමි වූ වටිනාකම කෝටි 25.20ක් ලෙස සටහන් වුනා.
මෙතෙක් ඉතිහාසය තුළ ඔහුට වඩා ඉහළ වටිනාකම් හිමි වූ ක්‍රීඩකයින් ලෙස සිටින්නේ Rishabh Pant සහ Shreyas Iyer පමණයි. එමෙන්ම මීට පෙර වැඩිම වටිනාකමක් හිමි වූ විදෙස් ක්‍රීඩකයා ලෙස රැඳී සිටි Mitchell Stark මේත් සමඟින් දෙවැනි ස්ථානයට පත් වනවා.
කෙසේ වෙතත් Greenට හිමි වූ වටිනාකමින් ඔහුට උපරිම ලබාගත හැකි වන්නේ කෝටි 18ක් පමණයි. IPL සඳහා පැවැත්වෙන කුඩා ක්‍රීඩක වෙන්දේසිවල දී (Mini Auction) ක්‍රීඩකයකුට ලබාගත හැකි ඉහළම වටිනාකම ලෙස කෝටි 17ක මුදලක් තහවුරු කර ඇති අතර, මෙය පසුගිය වසරේ පටන් ක්‍රියාවට නැංවුනා. විශේෂයෙන්ම විදෙස් ක්‍රීඩකයින් ඉහළ වටිනාකම් බලාපොරොත්තුවෙන් ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසිය මග හැර කුඩා ක්‍රීඩක වෙන්දේසි සඳහා සහභාගී වීමෙන් ගිලිහෙන සමබරතාව රැක ගැනීම මෙම නීතියේ අරමුණ වුනා.
ඒ අනුව කෝටි 25 ඉක්මවූ වටිනාකමක් හිමි වූවත්, Green ද මතීෂ හා සම මුදලක් පමණක් 2026 IPL හරහා ලබා ගනු ඇති.
පැතුම්ගේ පැතුම් ඉටු වෙයි
වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන නැංගුරම බඳු වූ පැතුම් නිස්සංක මෙවර IPL තරගාවලියේ Delhi Capital කණ්ඩායම විසින් හිමි කර ගත්තා. ඉන්දීය කෝටි 4ක වටිනාකමක් පැතුම් හට හිමි වීම විශේෂත්වයක්.
මෙම වසර තුළ විස්සයි විස්ස පිටියේ දී 150ට ආසන්න ප්‍රහාරාත්මක වේගයකින් පිතිකරණයේ යෙදීමට සමත් වී සිටින පැතුම් මේ දිනවල ILT20 පිටියේ ද අතිශයින් සාර්ථක වී සිටිනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
CSK තරුණයින් දිරිගන්වයි
මෙතෙක් IPL ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් නොලද ඉන්දීය ක්‍රීඩකයින් වෙනුවෙන් හිමි වූ ඉහළම වටිනාකම ක්‍රීඩකයින් දෙදෙනෙකුට සම සේ ලබා දීමට CSK කණ්ඩායම පියවර ගත්තා.
ඒ අනුව විසි හැවිරිදි Prashanth Veer සහ 19 හැවිරිදි Karthik Sharma මෙසේ CSK සමඟ එක් වන්නේ කෝටි 14.2ක් බැගින් මුදල් ලබමිනුයි.
වනිඳු මූලික වටිනාකමට ම වෙන්දේසි වෙයි
වනිඳු හසරංග වසර ගණනක IPL අත්දැකීම් ද සමඟ මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ අතර, ඔහුට හිමි වූ කෝටි 2ක මූලික වටිනාකමට ම ඔහුව තමන් සතු කර ගැනීමට LSG කණ්ඩායම සමත් වුනා. කෙසේ වෙතත් වනිඳුට මීට වඩා වටිනාකමක් හිමි වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළා.
තවත් විදෙස් තරු රැසක්
මේ අතර තවත් ඉන්දීය සහ විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර ක්‍රීඩක වෙන්දේසිය හරහා නව කණ්ඩායම් සමඟ එක් වුනා.
මේ අතර මෙම වසරේ තවත් ඉහළ දස්කම් දැක්වූ ප්‍රවීණ ක්‍රීඩකයකු වන David Miller Delhi Capitals සමඟ එක් වීමට මෙන්ම, තවත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු වන Quinton de Kock Mumbai Indians සමඟ එක් වීමට ද විශේෂ අවධානයක් හිමි වුනා.
- KKR: Cameron Green, Finn Allen, Matheesha Pathirana, Tejasvi Dahiya, Kartik Tyagi, Prashant Solanki, Rahul Tripathi, Tim Seifert, Mustafizur Rahman, Sarthak Ranjan, Daksh Kamra, Rachin Ravindra, Akash Deep
- LSG: Wanindu Hasaranga, Anrich Nortje, Mukul Choudhary, Naman Tiwari, Akshat Raghuwanshi, Josh Inglis
- DC: David Miller, Ben Duckett, Auqib Nabi, Pathum Nissanka, Lungi Ngidi, Prithvi Shaw
- RCB: Venkatesh Iyer, Jacob Duffy, Satwik Deswal, Mangesh Yadav, Jordan Cox, Vicky Ostwal, Luke Wood, Vihaan Malhotra, Kanishk Chouhan
- MI: Quinton de Kock, Danish Malewar, Mohammed Izhar, Atharva Ankolekar, Mayank Rawat
- RR: Ravi Bishnoi, Sushant Mishra, Yash Raj Punja, Vignesh Puthur, Ravi Singh, Aman Rao, Brijesh Sharma, Adam Milne, Kuldeep Sen
- CSK: Akeal Hosein, Kartik Sharma, Prashant Veer, Matthew Short, Aman Khan, Sarfaraz Khan, Matt Henry, Rahul Chahar, Zak Foulkes
- GT: Ashok Sharma, Jason Holder, Tom Banton, Prthvi Raj
- SRH: Shivang Kumar, Salil Arora, Sakib Hussain, Omkar Tarmale, Amit Kumar, Praful Hinge, Krains Fuletra, Liam Livingstone, Shivam Mavi, Jack Edwards
- PBKS: Cooper Connolly, Ben Dwarshuis, Praveen Dubey, Vishal Nishad
ට්‍රවීන්ගේ බලාපොරොත්තු සුන් වෙයි
මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ට්‍රවීන් මැතිව් හට විශේෂ අවධානයක් යොමු වනු ඇති බව බොහෝ දෙනා අනුමාන කළා. කෙසේ වෙතත් එය එසේ සිදු වුනේ නැහැ.
එමෙන්ම CSK සහ RR සමඟ සිය IPL අත්දැකීම් ලබාගත් මහීෂ් තීක්ෂණට ද මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ගැනුම්කරුවකු හිමි නොවීම විශේෂත්වයක්. දසුන් ශානක ද මෙවර කණ්ඩායම් වලින් නොසලකා හැරුණා. මෙවර වෙන්දේසියට එක් වූ අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට ද වෙන්දේසියෙන් ඉඩක් හිමි වුනේ නැහැ.
2026 IPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්!
ඒ අනුව ඊයේ නිමාව දුටු ක්‍රීඩක වෙන්දේසිය සමඟ මේ වන විට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු 2026 IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි.
1.මතීෂ පතිරණ (KKR)
2.පැතුම් නිස්සංක (DC)
3.වනිඳු හසරංග (LSG)
4.නුවන් තුශාර (RCB)
5.එශාන් මාලිංග (SRH)
6.කමිඳු මෙන්ඩිස් (SRH)
7.දුශ්මන්ත චමීර (DC)
2026 IPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















